ඩිජිටල් ස්ථාවර තැන්පතු නියමයන් සහ කොන්දේසි

1. ස්ථාවර තැන්පතුවේ/තැන්පතුවල (මෙතැන් සිට ‘තැන්පතුව/FD’ ලෙස හැඳින් වේ) ගිණුම් හිමියා වන මම, කොළඹ 02, යුනියන් පෙදෙසේ, අංක 475 දරන ස්ථානයේ ලියාපදිංචි කාර්යාලය සහිත PB 765 PQ ලියාපදිංචි අංකය දරන ඩයලොග් ෆිනෑන්ස් පී එල් සී (මෙතැන් සිට ‘සමාගම’ ලෙස හැඳින්වේ) විසින් පනවා ඇති පහත දැක්වෙන නියමයන් සහ කොන්දේසි කියවා, අවබෝධ කරගෙන එකඟත්වය පළකරමි.

2. ශ්‍රී ලංකා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) විසින් – 2016, 8 දරන සංශෝධන පනත මගින් සංශෝධිත – 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ 39B(c) වගන්තිය යටතේ; ‘සමාගම’ නිශ්චිත අධිකාරියක් ලෙස පිළිගෙන ඇති බව මම අවබෝධ කරගනිමි. මගේ පහත තොරතුරු ද ඇතුළුව මා විසින් සපයා ඇති තොරතුරුවල සත්‍යාපනය කිරීම සඳහා ‘ශ්‍රී ලංකා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) සමඟ පවත්වා ගෙනයන මගේ ජාතික හැඳුනුම්පතේ (NIC) තොරතුරු’ වෙත ප්‍රවේශ වීමට, මම මෙයින් සමාගමට අනුමැතිය පළකරමි.;

  1. නම
  2. ලිපිනය
  3. උපන්දිනය
  4. උපන්ස්ථානය
  5. ලිංගිකත්වය
  6. නිකුත්කළ දිනය
  7. ඡායාරූපය
  8. හැඳුනුම්පතේඉදිරිපස සහ පිටුපස ස්කෑන් කළ පිටපත
  9. හැඳුනුම්පතේදිස්වන තොරතුරු දර්ශකයේ ස්කෑන් කළ පිටපත
  10. වාර්තාවේස්වභාවය (සක්‍රීය/ අක්‍රීය/ අවලංගු කළ/ අවලංගු)

3. ඩයලොග් ෆිනෑන්ස් පී එල් සී – එහි සමූහ සමාගම, ඕනෑම උප සමාගමක් හෝ අනුබද්ධිත ආයතනයක් සමග, ඒකාබද්ධ සේවා සැපයීම හෝ වෙනත් කටයුත්තක් සඳහා – මගේ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මම අනුමැතිය පළකරමි.

4. මට ‘භෞතික ස්ථාවර තැන්පතු සහතිකයක් (‘ඩිජිටල් නොවන ආකාරයකින් කඩදාසියක මුද්‍රණය කර ලබාදෙන ස්ථාවර තැන්පතු සහතිකයක්) ලබාදුන් ‘සමාගම සමඟ මා විවෘත කළ – කිසිම ආකාරයක ‘ඩිජිටල් නොවන ආකාරයකින් ක්‍රියාත්මක කරන’ ස්ථාවර තැන්පතු සඳහා මෙම නියමයන් සහ කොන්දේසි බලපවත්වන්නේ නැති බවට මම එකඟත්වය පළකරමි. එවැනි ‘ඩිජිටල් නොවන ආකාරයකින් ක්‍රියාත්මක කරන ස්ථාවර තැන්පතු සහතික සහිත ස්ථාවර තැන්පතු සඳහා බලපවත්වන්නේ, මා විසින් සමාගම සමඟ අත්සන් කර ඇති/අත්සන් කිරීමට නියමිත ඊට අදාළ නියමයන් සහ කොන්දේසි වේ.

5. මෙහි පහත දක්වා ඇති ගිණුමේ ප්‍රධාන ලක්ෂණ ම’විසින් කියවා තේරුම්ගෙන ඇති අතර, එකී තැන්පතුවේ  නියමයන් සහ කොන්දේසිවලට මම එකඟවෙමි.

  • අවමතැන්පතු මුදල : සීමාවන් පනවා නැත
  • ඩයලොග්ෆිනෑන්ස් පී එල් සී නමින් නිකුත්කළ චෙක්පතකින් තැන්පතු : සමාගමේ පූර්ණ අභිමතය මත පමණක් බැරකරයි.
  • පොලීගෙවීම : සමාගමේ වෙබ් අඩවියේ නිශ්චිතව දක්වා ඇති පරිදි, සමාගම විසින් තීරණය කරන අනුපාතයකට දෛනික ශේෂය මත ගණනය කර, අදාළ පොළිය මාසිකව ගිණුමට බැරකරයි..
  • බදු: අදාළ නියාමන බලධාරීන් විසින් කලින්කලට පනවන බදුවලට යටත්වේ.
  • ගාස්තු: ගිණුම, ඊට අභ්‍යන්තර සහ බාහිර ගනුදෙනු සහ සේවා වෙනුවෙන්; සමාගම විසින් කලින්කලට සමාගමේ වෙබ් අඩවියේ නිශ්චිතව දක්වා ඇති ගාස්තු ගෙවීමට සිදුවේ.
මූලික කරුණුවිස්තර
අවම තැන්පතු මුදලසමාගම විසින් කලින් කලට අර්ථදක්වන ආකාරයෙන්, මෙය තීරණය වේ.
ගිණුමේ කාලසීමාවඅවම වශයෙන් මාස 1ක් හා උපරිම වශයෙන් මාස 60ක් වේ.
පොලී ගෙවීම‘තැන්පතුකරුට අදාළ වන කාලසීමාව සහ FD වර්ගය මත’ පොලී අනුපාත පදනම් විය යුතු අතර, තැන්පත්කරුගේ අභිමතය මත තෝරාගත් ලෙස ‘කල්පිරීමේ දී හෝ මාසිකව’ එම පොලිය ගෙවයි.
ඒ ඒ තැන්පතු වර්ගයට අදාළ වන පොලී අනුපාතය, කලින් කලට සමාගමේ වෙබ් අඩවියේ නිශ්චිතව දක්වයි.
බදුඅදාළ නියාමන බලධාරීන් විසින් කලින් කලට පනවා ඇති බදුවලට යටත් වේ. අදාළ බලධාරියා විසින් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක, පාරිභෝගිකයාට දැනුම්දීමකින් තොරව තැන්පත්කරුගෙන් ‘නොගෙවූ රඳවා ගැනීමේ බදු අයකරගැනීමට’ සමාගමට අයිතිය හිමිවේ.
අයකිරීම්‘සමාගම තැන්පතුව සහ අදාළ සේවා වෙනුවෙන් අයකිරීම් කරන ආකාරය’, සමාගම විසින්
කලින්කලට සමාගමේ වෙබ් අඩවියේ නිශ්චිතව දක්වන අතර, ඒවා එලෙසින්ම ගෙවීමට සිදුවේ.

6. ඩිජිටල් ස්ථාවර තැන්පතු (FD) සහතිකය

අ). ඩිජිටල් නාලිකා හරහා විවෘත කළ ඕනෑම FD සඳහා, සමාගම ඊ-රිසිට්පතක් මඟින් ඩිජිටල් සහතිකයක් නිකුත් කළයුතු වන අතර, එය මා සමාගමේ තැන්පතුව කිරීමට අදාළ ‘සියලු අවශ්‍යතා සහ අරමුණු සඳහා’ යොදාගත හැකිය.

ආ). එසේ වුවද, මෙම තැන්පතුව මා ලබාගත් කිසියම් ණයක ඇපකරයක් ලෙස තබා ඇත්නම්, එකී ඩිජිටල් FD එවැනි තත්ත්වය පිළිඹිබු නොකරන බව මම අවබෝධ කරගෙන, ඊට එකඟත්වය පළකරමි. එබැවින්, තැන්පතුවේ ‘වත්මන් තත්ත්වය පිළිබඳ ඕනෑම තහවුරුවක්’ ලබාදිය හැක්කේ ‘සමාගමට පමණක් බවට’ මම එකඟත්වය පළකරමි.

ඇ). එබැවින්; ‘මෙම තැන්පතුව පිළිබඳ’ – ‘සමාගමේ තොරතුරු පද්ධතියෙන්, හෝ ‘සමාගමේ පොත් හෝ ලියවිලිවලින්’ – නිකුත්කර, අත්සන් කළ (එනම්, ඩිජිටල් වශයෙන් හෝ වෙනත් ආකාරයකින්) – ‘සමාගම විසින් සහතික කළ’ කිසියම් ප්‍රකාශයක්, උපුටාගැනීමක්, ලිවීමක් හෝ වෙනත් ලියකියවිලි පමණක්’; මෙම වගන්තියේ අරමුණ සඳහා ‘මා සමාගම සමඟ පවත්වාගන්නා තැන්පතුවල – වර්තමාන තත්ත්වය පිළිබඳ තීරණාත්මක සාක්ෂියක්’ ලෙස සලකයි.

7. FD අලුත්කිරීම්

මම, පහත දැක්වෙන කාරණා අවබෝධ කරගෙන ඒවාට එකඟත්වය පළකරමි;

අ). මගේ තැන්පතු තොරතුරු වෙනස් වෙන්නේ, මා විසින් වෙනස් කළ/ ලබාදෙන ලද කිසියම් අලුත්කිරීමේ උපදෙස් මත පදනම්ව ය.

ආ). යම් අලුත්කිරීමේ උපදෙසක් ඉදිරිපත් කළයුතු වන අතර; ‘එකී තැන්පතුවට මත මා යම් ණයක් ලබාගෙන ඇතිවිට’, ‘මගේ අලුත්කිරීමේ උපදෙස් මත එකී ණය මුදලේ පොලී අනුපාතය වෙනස්විය හැක’.

ඇ). ‘අලුත්කිරීමේ පොලිය’ පදනම් වන්නේ; ‘එවකට අදාළ වන පොලිය ලෙස’ සමාගම සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර ඇති පොලී තොරතුරු මතයි.

8. නියමිත දිනට පෙර ‘මුදල් ආපසුගැනීම්’

මම, පහත දැක්වෙන කාරණා අවබෝධ කරගෙන ඒවාට එකඟත්වය පළකරමි;

අ). ‘FD විවෘත කරන අවස්ථාවේ තැන්පත්කරුට විශේෂයෙන් දැනුම්දුන් ලෙස සහ/හෝ සමාගමේ වෙබ් අඩවියේ නිශ්චිතව දක්වා ඇති පරිදි බලපවත්වන ඕනෑම විශේෂ ලක්ෂණයකට’ වැඩිදුරටත් යටත්ව; සමාගමේ අභිමතය යටතේ ‘නියමිත දිනට පෙර, මුදල් ආපසු ගතහැක’.

ආ). පහත දැක්වෙන කරුණුවලට, මම එකඟවෙන බව අවධාරණය කරමි;

  1. ‘නියමිත දිනට පෙර – මුදල් ආපසුගැනීමේ දී’ ‘සම්පූර්ණකළ ආයෝජනකාලය සඳහා ගෙවන පොලිය’ ලෙස සැළකෙන්නේ, – ‘ඩිජිටල් ඉතුරුම් පොලී අනුපාතිකය’ හෝ ‘තැන්පතුව විවෘත කිරීමේ දී එකඟ වූ තැන්පතු පොලී අනුපාතිකය’ යන දෙකෙන් අඩු අගය යි.
  2. අපහැදිලිතාවක් තිබේ නම් එය මගහරවාගැනීමසඳහා ඉතා පැහැදිලිව මෙහිදී සඳහන් කරන්නේ, අවම වශයෙන් එක මාසයක් හෝ සම්පූර්ණ වීමට පෙර ‘තැන්පතුවේ මුදල් ආපසුගැනීමක් සිදු වූ විට’, ඒ සඳහා කිසිම පොළියක් නොගෙවන බවයි.

ඇ). නියමිත දිනට පෙර ‘මුදල් ආපසුගැනීම්’ සඳහා – සමාගම සිය වෙබ් අඩවියේ නිශ්චිතව දක්වා ඇති පරිදි; මගෙන් දඩපොලියක් අයකරයි.

ඈ). FD වෙත ගෙවිය යුතු මාසික පොළිය – ‘නියමිත දිනට පෙර ආපසුගැනීමක දී – ඊට අදාළ ඕනෑම අන්දමක දඩපොලී අනුපාතයක් යොදා, ඉන්පසු ‘FD හි ඇති ඕනෑම බැර ශේෂයකින් – FD සඳහා ගණනය කළ ඕනෑම අමතර පොළියක් අඩුකිරීමට’; සමාගමට අයිතිය තිබේ.

ඉ). සමාගමේ අනුමැතිය යටතේ යම් ‘නියමිත දිනට පෙර ආපසුගැනීමක්’ කළවිට, එකී FD හි ඇති යම් බැර ශේෂය (එනම්; මෙහිදී දක්වන, නියමයන් සහ කොන්දේසි අනුව ඕනෑම අඩුකිරීමක් කිරීමෙන් පසුව);  තැන්පත්කරු සමාගම සමඟ පවත්වාගෙන යන ‘ගනුදෙනු ඉතුරුම් ගිණුමට’ බැර කරයි.

ඊ). FD ඇපයට තබා ලබාදෙන ණය

  1. සමාගමෙන්ලබාගත්යම් ණය මුදලක් සඳහා ‘එකී තැන්පතුව ඇපයක් ලෙස තබා ඇත්නම්’, එම තැන්පතුවේ මුදල් ‘ආපසු ගැනීමට’ මට අවසර හිමි නොවේ.
  2. මෙමතැන්පතුවඇපයට තබා මා විසින් යම් ණය මුදලක් ලබාගෙන ඇත්නම්, මට එකී තැන්පතුවේ ‘මුදල් ආපසුගත හැකිවන්නේ’, එම ණය මුදලේ ‘සියලුම හිඟ මුදල් පියවීමෙන් පසුව’ පමණි.

9. තැන්පතුව පරිණත වීම (කල්පිරීම)

මම, පහත දැක්වෙන කාරණාවලට එකඟත්වය පළකරමි;

අ). මා විසින් ලබාදී ඇති පරිණත වීමේ/ අලුත්කිරීමේ උපදෙස්වලට අනුව; කල්පිරීමේ දී – ‘තැන්පතුවේ බැර අරමුදල් ශේෂය’ – සමාගමේ ඇති මගේ ‘ගනුදෙනු ඉතුරුම් ගිණුමට’ බැර කළයුතුය.

ආ). ‘තැන්පතුව ඇපයට තබා මා විසින් යම් ණය මුදලක් ලබාගෙන ඇත්නම්’ හෝ ‘මා විසින් ලබාගත් යම් ණය මුදලක් සඳහා යම් තැන්පතුවක් – ඇපයක් ලෙස තබා ඇත්නම්’,  එම ණය මුදල පිළිබඳ ‘සමාගම් තොරතුරු පද්ධතිවල දැක්වෙන සියලු හිඟ මුදල් පියවන තෙක්’ එකී තැන්පතුවේ මුදල්, ‘ස්වයංක්‍රීයව ඉතුරුම් ගිණුමට බැර කෙරෙන්නේ’ නැත.

ඇ). තැන්පතුව පරිණතවීමේ දී ‘එම අරමුදල් හෝ ඉතිරිව ඇති ශේෂය – අවස්ථානුකූලව’, තැන්පත්කරුගේ ඉතුරුම් ගිණුමට බැරකළ විට; ‘එකී තැන්පතුව සමාගමේ තොරතුරු පද්ධතිවලින් වසාදමන අතර’, ඉන්පසු එකී තැන්පතුව/FD පිළිබඳ තොරතුරු – සමාගම මට ලබාදී ඇති කිසිම ‘ඔන්ලයින් ක්‍රමවේදයක – තිර මුහුණතක’ පිළිබිඹු නොවේ.

ඈ). මගේ ‘පෙර/ පරිණත/ වසාදමන ලද තැන්පතුවලට’ අදාළ ඕනෑම තොරතුරු විමසීමක්; සමාගම තැන්පත්කරු වෙත සපයා ඇති ‘විධිමත් සන්නිවේදන මාර්ග’ ඔස්සේ විමසිය යුතුය.

10. සියලුම ආකාරයේ සිහිකැඳවීම්/ඉල්ලීම් සහ/හෝ වෙනත් සාමාන්‍ය සන්නිවේදන; ‘කෙටි පණිවුඩ සේවා (SMS)’ මගින්; ‘මා/අප විසින් දී ඇති මොබයිල් අංකයට (එනම්, ‘ලියාපදිංචි මොබයිල් අංකයට’) සහ/හෝ මා විසින් සමාගම දී ඇති ඊමේල් ලිපිනයට’ – විද්‍යුත් පණිවිඩ ලෙස යවන අතර, ඒවා නීත්‍යානුකූලව බැඳීමක් ඇතිකරන බවට මම මෙයින් එකඟවෙමි.

11. නාමයෝජනා

මම වරින්වර සමාගමට ලබාදී ඇති, ‘නාමිකයාගේ විස්තරවලට අදාළ – නියමයන් සහ කොන්දේසිවලට’ මම මෙයින් එකඟවෙමි.

අ). ගිණුම් හිමියාගේ කිසිම අවසාන කැමති පත්‍රයක ඇති කරුණකට පටහැනි නොවන සේ බලපැවැත්වියඅ. ගිණුම් හිමියාගේ කිසිම අවසාන කැමති පත්‍රයක ඇති කරුණකට පටහැනි නොවන සේ බලපැවැත්විය යුතුය.

ආ). පහත සඳහන් තත්ත්වයන් යටතේ නාමයෝජනා අවලංගු වේ;

  1. තැන්පත්කරුජීවත්ව සිටිය දී, නාමිකයාගේ අභාවය සිදුවීම
  2. ගිණුම්හිමියා විසින්, ‘ලිඛිත දැනුම්දීමකින්’ නාමයෝජනාව අවලංගු කිරීම මගින්
  3. ගිණුම්හිමියා විසින්, නිසි පරිදි ‘පසු නාමයෝජනාවක් කිරීම’ මගින්, හෝ සමාගම සපයා ඇති ඕනෑම ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ, ගිණුම් හිමියා විසින් නාමයෝජනා විස්තරවල යම් සංශෝධනයක් කිරීම මගින්. එසේ වුවද, ගිණුම් හිමියා එලෙස නාමයෝජනා විස්තර සංශෝධනයක කිරීමේදී, මෙම වගන්තිය යටතේ දක්වා ඇති පරිදි – එසේ (ගිණුම් හිමියා විසින්) නාමයෝජනා කළ නාමිකයා – සම්පූර්ණයෙන් බලපවත්වයි.

ඇ). ‘නාමිකයින් එක් අයෙකුට වඩා සිටින අවස්ථාවක – ඔවුන් අතර බෙදාහැරිය යුතු අනුපාතිකයක් දක්වා නැත්නම්’ බැර මුදල් ශේෂය; සමාන කොටස් ලෙස එකී සියලු නාමිකයින්ට ගෙවයි.

ඈ). මෙම ‘පසු අයිතිය සඳහා නම්කිරීම’ ක්‍රියාත්මක කළ නොහැකි අවස්ථාවක දී, පුද්ගලයාට/ නීත්‍යානුකූල හිමිකම් ඇති පුද්ගලයාට එකී මුදල් ගෙවයි.

ඉ). අනන්‍යතාව සනාථ කළහැකි සාධක ඉදිරිපත් කළවිට පමණක් නාමිකයෙකුට එකී ගෙවීම් කරන අතර, ඒ සඳහා අවශ්‍ය විය හැකි ඕනෑම තොරතුරක්/ලේඛනයක් ඉල්ලාසිටීමට සමාගම අයිතිය හිමිවේ.

12. ඉතිරිකිරීමේ ගිණුම

අ). මා, දැනට සමාගමේ එවැනි ‘ඉතුරුම් ගිණුමක් විවෘතකර නැත්නම්’ – සමාගමට මෙම සේවාව ලබාදීමට; මා වෙනුවෙන් ‘ඉතුරුම් ගිණුමක්’ විවෘත කිරීමට අවශ්‍ය වන බව, මම අවබෝධ කරගෙන ඊට එකඟත්වය පළකරමි.

ආ). එවැනි ඉතිරිකිරීමේ ගිණුමට අදාළව සමාගම වරින්වර නිකුත්කරන නියමයන් සහ කොන්දේසිවලට බැඳීසිටීමට මම එකඟත්වය පළකරමි.

13. ඊමේල් භාවිතය පිළිබඳ හානිපූරණය

අ). සමාගම සහ මා අතර ඊමේල් ඔස්සේ හුවමාරු කරගන්නා උපදෙස්, පහත දැක්වෙන අවශ්‍යතා සඳහා පමණක් යොදාගත හැකිය;

  1. සමාගමේ ඇති මගේ ගිණුම්අතර අරමුදල් හුවමාරු කිරීම;
  2. ‘වෙනත්බැංකු සහ/හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හෝ වෙනත් තෙවන පාර්ශවවලට සහ මට අයත් ගිණුම(ම්) අතර’ අරමුදල් හුවමාරුකිරීම
  3. සමාගමේ ඇති මගේඉතුරුම් ගිණුම හර කිරීමෙන්, ‘ස්ථාවර තැන්පතුවක් සහ/හෝ ආයෝජන සැලැස්මක්’ ආරම්භ කිරීම;
  4. අවශ්‍ය වූ  විටෙක – සමාගමේ ඇති මගේ ගිණුම්වල ‘ගිණුම් ප්‍රකාශනය’ එවීම සඳහා;
  5. අවශ්‍ය වූ  විටෙක – සමාගමේ ඇති මගේ ගිණුම්වල ‘ඕනෑම මූලික තොරතුරු (profile details) වෙනස්කිරීමක්’ හුවමාරු කරගැනීම සඳහා(සමාගමේ සෑහීමට පත්වන ලෙස ලියකියවිලි සනාථ කිරීමට යටත්ව);
  6. ගිණුමවසා දමා, එහි ඇති ශේෂය නිශ්චිත ගිණුමට මාරු කිරීම සඳහා ඉල්ලුම් කිරීම.
  7. ස්ථාවරතැන්පතු අලුත්කිරීමේ උපදෙස් වෙනස් කිරීම.
  8. ශේෂයතහවුරු කරන මෙන් ඉල්ලා සිටීම
  9. නාමයෝජනාවලට අදාළ විස්තරවල සිදුකරන වෙනස්කම් (සමාගමේසෑහීමට පත්වන ලෙස ලියකියවිලි සනාථ කිරීමට යටත්ව)

ආ). මා විසින් වෙනත් ආකාරයකින් ‘ප්‍රකාශිත උපදෙස් දී – එය සමාගම විසින් නිසි ලෙස පිළිගෙන ඇති අවස්ථාවක දී හැර’; මෙම වගන්තියේ අරමුණ සඳහා මගේ ලියාපදිංචි ඊමේල් ලිපිනය ලෙස යොදාගත යුත්තේ, ‘ගිණුම විවෘත කිරීමේ අයදුම්පතේ මා විසින් දක්වා ඇති’ ඊමේල් ලිපිනය යි.

ඇ). ‘ඊමේල් ඔස්සේ ගිණුම් කටයුතු කිරීම’ – මගේ ඉහත කී ලියාපදිංචි ඊමේල් ලිපිනයෙන් පමණක් – මට ලබාදී ඇති සමාගමේ ඊමේල් ලිපිනයට යොමුකරන උපදෙස්වලට සීමාවිය යුතු අතර’; ‘මගේ එකී ඊමේල් ලිපිනය ඔස්සේ සමාගමට ලැබෙන උපදෙස්වල වලංගු බව සහ සත්‍ය බව තහවුරු කරගැනීමට’ සමාගම කිසි ලෙසකින්වත් බැඳී නැත.

ඈ). ‘වැඩකරන දින සහ සාමාන්‍ය ව්‍යාපාරික වේලා’ ලෙස සමාගම දැනුම් දී ඇති කාලය තුළ, මා විසින් එවා සමාගමට ලැබෙන ඊමේල් පණිවුඩ මත පමණක් කටයුතු කළයුතු බවත්; එවැනි උපදෙස් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිකම නිසා ඒවා අසාර්ථක වීම/ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ, සමාගම වගකීමට නොබැඳෙන බවත් මම පිළිගනිමි.

ඉ). ‘නොපැහැදිලි, ව්‍යාකූළ හෝ බහු විධ යැයි’ – සමාගමේ පූර්ණ අයිතිය අනුව සමාගම මතය දරන ඊමේල් උපදෙස් මත සමාගම කටයුතු කළයුතු නොවන අතර, සමාගම එලෙස කටයුතු නොකිරීම නිසා මට උද්ගත විය හැකි කිසිම අලාභයක් හෝ හානියක් සඳහා, සමාගම වගකිව යුතු නොවේ.

ඊ).  ඉහත කී පරිදි ලැබෙන ඊමේල් උපදෙස් මත සමාගම කටයුතු කිරීම මත සිදුකළ ගනුදෙනුවලින් ‘මට සිදුවන කිසිම අලාභයකට/හානියකට සමාගම වගකිවයුතු නැත. මගේ ඊමේල් ඔස්සේ ‘මා හෝ වෙනත් තුන්වන පාර්ශ්වයක් විසින් සිදුකළ වංචා හෝ අපරාධ නිසා උද්ගතවෙන’ කිසිම ප්‍රතිවිපාකයකට සමාගම කිසිසේත්ම වගකිව යුතු නොවේ.

උ). මෙසේ ලබා දී ඇති ඊමේල් ඔස්සේ මා වෙතින් ලැබෙන උපදෙස් මත කටයුතු කිරීමේ දී – සමාගම ගෙවන, දැරීමට සිදුවෙන හෝ උද්ගතවෙන සියලුම ආකාරයේ හිමිකම්පෑම්, පාඩු, හානි, පිරිවැය, වගකීම් සහ වියදම් මා’විසින් දරාගන්නා අතර; සියලුම ආකාරයේ ව්‍යවස්ථාපිත, නියාමන සහ බලාත්මක කිරීමේ ආයතනවල සියලුම නීති හෝ රෙගුලාසිවලට අනුකූළවීමේ වගකීමට යටත්ව මා සෑමවිටම කටයුතු කරමි.

14. ONLINE ක්‍රමවේද ඔස්සේ ලබාදෙන පහසුකම් භාවිතය

අ). මගේ පහසුව සඳහා, සමාගම විසින් ‘යෝග්‍ය උපාංගයක් ඔස්සේ පිවිසිය හැකි ඇතැම් online පහසුකම් මට ලබාදීමට ඉඩ ඇති බව’, අවබෝධ කරගෙන මම ඒ සඳහා එකඟත්වය පළකරමි. (මෙහිදී ‘උපාංගය’ යනුවෙන් අදහස් වෙන්නේ; ‘සමාගම විසින් ලබාදෙන online ක්‍රමවේද භාවිතා කිරීමට යොදාගත හැකි’ ඕනෑම මොබයිල් දුරකථනයක් සහ සක්‍රීය සිම් කාඩ්පතක්, ‘ටැබ් උපාංගයක්’ හෝ ඒ සඳහා යෝග්‍ය වෙනත් එවැනි උපාංගයකි).

ආ).  එවැනි ONLINE ක්‍රමවේද වෙත පිවිසීමට යොදාගත හැකි; ඕනෑම එක්-වාර-මුරපද (OTP) ද ඇතුළු සියලු මුරපද – තරයේම මගේ භාවිතය සඳහා පමණක් වන අතර, ම’විසින් ඒවා රහසිගතව පවත්වාගැනීමටත් – ‘කිසිම විටෙක කිසිම හේතුවක් මත වෙනත් කිසිම තුන්වන පාර්ශවයකට නොදීමටත්’ මම එකඟ වෙමි.

ඇ).  එවැනි ‘ONLINE ක්‍රමවේද වෙත පිවිසීමට යොදාගන්නා උපාංගය’ නැතිවීම හෝ සොරකම් කිරීම නිසා, එහි අන්තර්ගත මගේ සංවේදී දත්ත තෙවන පාර්ශවයන්ට හෙළිදරව් වීමේ අවදානමක් ඇති බව තේරුම්ගෙන එකඟවන අතර, මගේ උපාංගය නැති වූ හෝ සොරකම් කළ ඕනෑම විටෙක දී – නොපමාව ඒ බව අදාළ බලධාරීන්ට දැනුම්දීමට මම නොවැළැක්විය හැකි ලෙස එකඟත්වය පළකරමි.

ඈ). එලෙස උපාංගය නැති වූ හෝ සොරකම් කළ ඕනෑම විටෙක දී – නොපමාව ඒ බව සමාගමට දැනුම්දීමට මම තවදුරටත් එකඟවන අතර, සමාගම වරින් වර මට ලබාදී – දැනුම් දී ඇති සන්නිවේදන මාර්ග ඔස්සේ ‘තෙවන පාර්ශවයක් ගිණුමට පිවිසීමට ඇති අවකාශය’ අවහිර කරන ලෙස සමාගමෙන් ඉල්ලා සිටීමට එකඟ වෙමි.

ඉ).  එලෙස උපාංගය නැති වූ හෝ සොරකම් කළ විටෙක ‘ඉහත කී පරිදි සමාගමට දැනුම්දීමට පෙර’ තෙවන පාර්ශවයන් මගේ ගිණුමට අනවසරයෙන් පිවිසීමෙන් මට විඳින්නට සිදු වූ, උද්ගත වූ සියලු හිමිකම්පෑම්, පාඩු, හානිවීම්, පිරිවැය, වගකීම් සහ වියදම් කිසිවක් පිළිබඳ – සමාගම කිසිම වගකීමක් හෝ ගෙවීමට බැඳීමක් නොදරන අතර, එය සම්පූර්ණයෙන්ම මගේ තනි වගකීම බව මම අවබෝධ කරගෙන ඒ සඳහා එකඟත්වය පළකරමි.

ඊ).  ‘එලෙස උපාංගය නැති වූ හෝ සොරකම් කළ විටෙක – ඉහත කී පරිදි නිසි ලෙස සමාගමට දැනුම්දීමට මා අසමත්වී වූ අවස්ථාවක දී’ තෙවන පාර්ශවයන් මගේ ගිණුමට අනවසරයෙන් පිවිසීමෙන් මට විඳින්නට සිදු වූ, උද්ගත වූ සියලු හිමිකම්පෑම්, පාඩු, හානිවීම්, පිරිවැය, වගකීම් සහ වියදම් කිසිවක් පිළිබඳ – සමාගම කිසිම වගකීමක් හෝ ගෙවීමට බැඳීමක් නොදරන අතර, එය සම්පූර්ණයෙන්ම මගේ තනි වගකීම බව මම අවබෝධ කරගෙන ඒ සඳහා විශේෂයෙන් එකඟත්වය පළකරමි.

15. මෙහි දක්වෙන නියමයන් සහ කොන්දේසි, ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය කෙරේ.

16. ගිණුමට බලපවත්වන නියමයන් සහ කොන්දේසි, කලින් කලට සංශෝධනය කිරීමට හෝ වෙනස්කිරීමට සමාගමට අයිතිය ඇති බවත් එම නියමයන් සහ කොන්දේසි බලපැවැත්වීමට පෙර සමාගම ඒවා මට දැනුම්දෙන බවත්, මම අවබෝධ කරගෙන ඒ සඳහා එකඟත්වය පළකරමි.

17. මෙම නියමයන් සහ කොන්දේසිවල සිංහල හෝ දෙමළ පරිවර්තනයන් හි කිසියම් නොගැළපීමක් ඇතිවුවහොත්, ඉංග්‍රීසියෙන් දක්වා ඇති නියමයන් සහ කොන්දේසි බලපැවැත්වේ.