ඉලක්කගත ස්ථාවර තැන්පතු - නියමයන් සහ කොන්දේසි

කොළඹ 02, යුනියන් පෙදෙසේ, අංක 475 දරන ස්ථානයේ ලියාපදිංචි කාර්යාලය සහිත PB 765 PQ ලියාපදිංචි අංකය දරන ඩයලොග් ෆිනෑන්ස් පී එල් සී (මෙතැන් සිට ‘සමාගම’ ලෙස හැඳින්වේ) හි තැන්පත්කරුවා විසින් විවෘත කර පවත්වා ගෙනයන ‘ඉලක්ක පදනම් වූ ඉතුරුම් සැලැස්ම’ (මෙතැන් සිට ‘ගිණුම’ ලෙස හැඳින්වේ) සඳහා බලපවත්වන නියමයන් සහ කොන්දේසි පහත දැක්වේ.

‘ඉලක්ක කළ පරිණත අගය’තැන්පත්කරු සමාගම සමඟ ගිවිසුම් ගත වී, ‘ගිණුම කල්පිරෙන දිනයේ දී ලැබීමට අපේක්ෂා කරන මුදල’ මින් අදහස් වේ. සමාගමේ online ක්‍රමවේද ඔස්සේ ‘විදහා දක්වා ඇති පරිණත ඉලක්ක අගයන්’ ආසන්නතම ශ්‍රී ලංකා රු.1,000ට වටයා ඇති අතර, තැන්පත්කරුට ලැබෙන ‘සැබෑ පරිණත ඉලක්ක අගය’ එලෙස සමාගමේ online ක්‍රමවේද ඔස්සේ දැක්වෙන අගයට වඩා වෙනස් වියහැක.
‘පරිණත දිනය’සමාගමේ නියමයන් සහ කොන්දේසිවලට යටත්ව, තැන්පත්කරුට ගිණුම යටතේ ‘පරිණත ඉලක්ක අගය’ හිමිවන දිනය මින් අදහස්වේ.
නිකුත්කළ දිනය’පරිණත දිනට පෙර හෝ පසුව, ‘ඉලක්ක කළ පරිණත අගය’ (අදාළ බදු අඩුකිරීමෙන් පසුව) පාරිභෝගික ඉතුරුම් ගිණුමට ලබාදෙන දිනය මින් අදහස් වේ.
‘තැන්පතුකරු’ගිණුම් විවෘත කරන අවස්ථාවේ අවුරුදු 18 හෝ ඊට වැඩි, සමාගම විසින් අනුමත කළ ඕනෑම පුද්ගලයෙක් මින් අදහස් වේ.
‘මාසික වාරිකය’සමාගමේ නියමයන්ට සහ කොන්දේසි යටත්ව, තැන්පත්කරු විසින් තෝරාගන්නා ලද ‘පරිණත දිනයේ දී, එකී පරිණත ඉලක්ක අගය ලබාගැනීමට සුදුසුකම් ලැබීමට සඳහා පාරිභෝගිකයා විසින් සිය ගිණුමට – මාසිකව නියමිත දිනයේ දී තැන්පත් කළයුතු මාසික වාරිකය ලෙස ගණනය කළ මුදල’ මින් අදහස් වේ.
‘නම්කිරීම’තැන්පතුකරු විසින් – ගිණුම විවෘත කරන අවස්ථාවේ දී හෝ ඉන්පසු ඕනෑම අවස්ථාවක දී නාමයෝජනා විස්තර සම්පූර්ණ කිරීමෙන් – සමාගමේ නියමයන් සහ කොන්දේසිවලට සහ අදාළ වන නීතියට අනුකූලව; පරිණත දිනයට පෙර තැන්පත්කරුගේ අභාවය සිදුවුවහොත්, ‘අවසන් පියවීම් වටිනාකම – ගෙවිය හැකි ප්‍රතිලාභියා හෝ ප්‍රතිලාභීන් ලෙස නම්කරන ලද ඕනෑම අයෙකු’ මින් අදහස් වේ.

2. සෑම ගිණුමකටම නිශ්චිත අංකයක් (මින් ඉදිරියට ‘ගිණුම් අංකය’ ලෙස හැඳින්වේ) ලබාදෙන අතර, එය සමාගම සමඟ තොරතුරු හුවමාරු කරගන්නා සෑම අවස්ථාවේ දීම සහ සියලුම තැන්පතුවල සඳහන් කළයුතු ය. පාරිභෝගිකයාට පූර්ව දැනුම්දීමක් ලබාදීමෙන් තොරව මෙම ගිණුම් අංකය වෙනස් කිරීමට සමාගමට අයිතිය ඇත.

3. තැන්පත්කරු, තමා සමාගම සමඟ පවත්වාගෙන යන සිය ඉතුරුම් ගිණුමට නියමිත දිනට හෝ ඊට පෙර, මාසික වාරිකය ගෙවිය යුතුය.

4. තැන්පත්කරු, දැනට සමාගමේ ‘ඉතුරුම් ගිණුම් හිමියෙකු නොවේ නම්’ – සමාගම එම තැන්පත්කරු වෙනුවෙන් ඔහු/ඇයගේ ගිණුම සමඟ ‘ඉතුරුම් ගිණුමක්’ විවෘත කරන අතර – තැන්පත්කරු විසින් එකී ඉතුරුම් ගිණුම ඔස්සේ, සිය ගිණුමට මාසික වාරිකය ගෙවිය යුතුය.

5. ගිණුමට අදාළ ප්‍රධාන තොරතුරු පහත සඳහන් ලෙස විය යුතුය;

මූලික කරුණුවිස්තර
ගිණුමේ කාලසීමාවසමාගමේ තනි අභිමතය අනුව වෙනස්වීමට යටත්ව; ‘අවම වශයෙන් මාස 12ක් හා උපරිම මාස 60ක්’ වේ.
බදුඅදාළ නියාමන බලධාරීන් විසින් කලින් කලට පනවා ඇති බදුවලට යටත්ව; පොලී/පරිණත ඉලක්ක වටිනාකම මත පනවන සියලු ව්‍යවස්ථාපිත බදු – ගිණුම පරිණත වන දිනයේ දී හෝ කල්පිරීමට පෙර ආපසු ගන්නා දිනයේ ඇති අවසාන වටිනාකමෙන් අඩු කරයි.
පොලී අනුපාතය7.6 සහ 9.2 වගන්තිවලට යටත්ව, ගිණුම විවෘත කරන අවස්ථාවේ දී සමාගම විසින් තහවුරු කළ පොලී අනුපාත යටතේ – පොළිය, ‘ගිණුමේ දෛනික ශේෂය මත ගණනය කර – කල්පිරීමේ දිනය හෝ නිකුත්කළ දිනය – යන දෙකෙන් පසුව එළඹෙන දිනය වනතෙක් මාසිකව’ ගිණුමට බැර කරයි. අදාළ නියාමන ආයතන විසින් එසේ කිරීමට අවශ්‍ය යැයි දක්වන්නේ නම්, එම පොලී අනුපාත වෙනස් කිරීමට හෝ වෙනත් අගයක් කිරීමට සමාගමට අයිතියක් ඇත.
ගෙවන ආකාරයසමාගමේ පවත්වාගෙන යන සිය ඉතුරුම් ගිණුමෙන් ‘ඔන්ලයින් අරමුදල් හුවමාරුවක් මගින් හෝ සමාගමේ මොබයිල් බැංකු පහසුකම මගින් ඔස්සේ’ – තැන්පත්කරුට ගිණුමට මුදල් යෙදවිය හැක.
දඩ පොළී අනුපාතයසමාගමේ තනි අභිමතය මත තීරණය කළ අනුපාතයක් යටතේ අයකෙරේ.
අයකිරීම්ගිණුම සහ අදාළ සේවා වෙනුවෙන්, කලින් කලට සමාගමේ වෙබ් අඩවියේ සඳහන් කර – සමාගම විසින් අර්ථදක්වන අයකිරීම්, නිසි පරිදි ගෙවිය යුතුය.

6. ගිණුම විවෘත කරන අවස්ථාවේ දී තැන්පත්කරු – ‘ගිණුම ඉලක්ක කළ පරිණත අගය’ ලබාගැනීමට තමා කැමති ‘ඉලක්ක කළ පරිණත අගය සහ ඒ සඳහා කාලය’ තෝරාගත යුතු වන අතර; ඒ පිළිබඳ ‘ගිණුම විවෘත කිරීමේ අයදුම්පතේ සඳහන් කළයුතු අතර’ – ඒ අනුව, සමාගම විසින් එය ගණනය කර දැනුම්දීම – හෝ එම ක්‍රියාවලියම අනිත් අතට කිරීම – සිදුකරයි.

7. මාසික වාරිකය :

  1. ආරම්භක තැන්පතුව, ‘ඉලක්ක කළ පරිණත අගය’, කාලසීමාව සහ පවතින පොලී අනුපාතය සැලකිල්ලට ගෙන, සමාගම විසින් මාසික වාරිකය ගණනය කරයි.
  2. නියමිත දිනට හෝ ඊට පෙර සමාගම විසින් නිශ්චිතව දක්වා ඇති මාසික වාරිකය ගිණුමට තැන්පත් කිරීමේ කටයුත්ත නිසිලෙස ඉටුකිරීමට තැන්පත්කරු භාරගෙන ඒ සඳහා එකඟත්වය පළකරයි. තැන්පත්කරු තමා විසින් තෝරාගත් ‘ඉලක්ක කළ පරිණත අගය ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමට නම්’, පරිණත දිනය දක්වා – සෑම මසකම නියමිත දිනට හෝ ඊට පෙර, මාසික වාරිකය සම්පූර්ණයෙන්ම තැන්පත් අනිවාර්ය වේ.
  3. තැන්පත්කරු ‘නියමිත දිනට හෝ ඊට පෙර මාසික වාරිකය – සම්පූර්ණයෙන් තැන්පත් කිරීමට අපොහොසත් වුවහොත්’, එහිදී සමාගම – තැන්පත්කරු විසින් ගෙවන කිසිදු අනුයාත/පසුකාලීන මාසික වාරිකයක් මගින් එකී හිඟයට නොගළපන අතර, එවැනි ඕනෑම ‘නියමිත වේලාවට මාසික වාරිකය ගෙවීම පැහැර හැරීමක්’ ‘ඉලක්ක කළ පරිණත අගයට’ බලපායි.
  4. මාසික වාරිකය හිඟ හෝ ප්‍රමාද වූ බව – තැන්පත්කරුට දැනුම්දීම සමාගමේ වගකීමක් නොවන අතර එවැන්නකි කිරීමට සමාගම බැඳී නැත.
  5. තැන්පත්කරු විසින් ‘නියමිත දිනට හෝ ඊට පෙර මාසික වාරික සම්පූර්ණයෙන් ගෙවීම’ නිසි ලෙස සිදුකර නොමැතිවීම නිසා; ගිණුමේ ‘ඉලක්ක කළ පරිණත අගයේ යම් අඩුවීමක් සිදුවුණොත්’ සමාගම ඒ සඳහා වගකිවයුතු නැත.
  6. තැන්පත්කරු අඛණ්ඩව මාස දෙකක් ‘නියමිත දිනට මාසික වාරික ගෙවා නැත්නම්’, එවිට සමාගම තැන්පත්කරුගේ ගිණුම වසා – එම ගිණුමට උපචිත ඕනෑම අරමුදල් අගයක්, එකී තැන්පත්කරු සමාගම සමඟ පවත්වා ගෙනයන ඉතුරුම් ගිණුමට මාරුකළ යුතුය. එම ගිණුම විවෘත කළ අවස්ථාවේ – එකී තැන්පත්කරුගේ ඉතුරුම් ගිණුමට අදාළව තිබූ ‘පොලී අනුපාතය’ අනුව; මෙහිදී පොලිය නැවත ගණනය කරයි.

8. තැන්පත්කරු විසින් ‘ගිණුමට අනුව මාසිකව ගෙවිය යුතුයැයි සමාගම විසින් නිශ්චිතව දක්වා ඇති – මාසික වාරික මුදලට වඩා වැඩි මුදලක් හෝ එකී මාසික වාරිකයේ කිසියම් ගුණාකාර’ – ‘එකී ගිණුමේ කාලසීමාව තුළ ඕනෑම අවස්ථාවක දී තැන්පත් කරන්නේ නම්’; එම අමතර මුදල සඳහා ගෙවිය යුතු පොලිය ගණනය කිරීම සඳහා ‘දැනට පවතින ඉතුරුම් පොලී අනුපාතය යොදාගැනීමට’ තනි සහ පරම අභිමත අයිතිය සමාගමට හිමි ය.

9. ගිණුම පරිණත වීම සහ පූර්ව-පරිණත වීම

  1. සමාගම විසින් පනවා ඇති සියලු නියමයන් සහ කොන්දේසිවලට සමස්ත කාලය මුළුල්ලේම තැන්පත්කරු අනුකූල වී සිටියේ නම් පමණක්; පරිණත දිනයේ දී සමාගම ‘ඉලක්ක කළ පරිණත අගය’ නිකුත්කළ යුත්තේ, ‘නීත්‍යානුකූළ – කල්පිරීමේ දිනයේ දී හෝ ආයෝජනය කාලසීමාව තුළ ගෙවිය යුතු බදු සහ වෙනත් ව්‍යවස්ථාපිත අඩුකිරීම්වලට’ යටත්ව ය.
  2. පූර්ව-පරිණතවීමේ දී මුදල් ආපසු ගැනීම්;
    1. පූර්ව-පරිණත කාලයේ දී මුදල් ආපසු ගැනීමක දී ‘සම්පූර්ණ කළ ආයෝජන කාලයට’ පොළිය ලෙස ගෙවන්නේ; ‘ඩිජිටල් ඉතුරුම් පොලී අනුපාතිකය’ හෝ ‘ගිණුම විවෘත කිරීමේ දී එකඟ වූ පොලී අනුපාතිකය’ යන දෙකෙන් අඩු අනුපාතය යටතේ ය.
    2. අපහැදිලිතාවක් තිබේ නම් එය මගහරවා ගැනීම සඳහා ඉතා පැහැදිලිව මෙහිදී සඳහන් කරන්නේ, අවම වශයෙන් එක මාසයක් හෝ සම්පූර්ණ වීමට පෙර ‘ගිණුමේ ආපසු ගැනීමක් සිදු වූ විට’, ඒ සඳහා කිසිම පොළියක් නොගෙවන බවයි.

10. සමාගම විසින් ගිණුම වසාදැමීම:

  1. තැන්පත්කරුට එක් (01) මාසයක දැනුම්දීමක් ලබාදී – ඉන්පසු ඕනෑම වේලාවක ‘සිය පරම අභිමතය පරිදි’ කිසිදු හේතුවක් නොදක්වා – ගිණුම වසාදැමීම සඳහා සමාගමට හිමිකමක් ඇත. එලෙස, මෙම වගන්තිය යටතේ ‘කල්පිරෙන දිනට පෙර, සමාගම විසින් ගිණුම වසාදැමූ අවස්ථාවක දී’; සමාගමේ නියමයන් සහ කොන්දේසිවලට යටත්ව, ‘එම වසා දැමූ දිනය දක්වා උපචිත පොලිය සමඟ ආයෝජනය කර ඇති මුළු මූලික මුදලින්’ – ‘මෙම තැන්පතුකරු විසින් ගෙවිය යුතු බදු සහ ව්‍යවස්ථාපිත අයකිරීම් අඩුකරගෙන’, ඉන් පසු ඉතිරි වන ශේෂය සමාගම විසින් තැන්පත්කරුගේ ඉතුරුම් ගිණුමට නිකුත්කළ යුතුය.
  2. යම් හෙයකින් ‘කල්පිරීමේ දිනට පෙර තැන්පත්කරුගේ අභාවය සිදුවුණොත්’ එවිට එම ගිණුම අවසන් කළයුතු අතර – එසේ තැන්පත්කරුගේ අභාවය සිදු වූ දිනය වනවිට ‘ආයෝජනය කළ මුල් මුදල් වටිනාකම් සහ සියලු උපචිත පොලී එකතුව ද ඇතුළත්ව – එම ගිණුමේ ඇති මුළු මුදල් ශේෂයෙන්’ – (අවසාන පියවීමේ වටිනාකමට අදාළ) බදු සහ තැන්පතුකරු විසින් ගෙවිය යුතු වෙනත් ව්‍යවස්ථාපිත අයකිරීම් අඩුකරගෙන; නාමයෝජනාවලට හෝ අදාළ වන නීතියට අනුකූලව – සමාගම විසින් ගෙවිය යුතුය.

11. නාමයෝජනා

  1. තැන්පත්කරුගේ කිසිම අවසන්කැමති පත්‍රයක ඇති කරුණකට පටහැනි නොවන සේ බලපැවැත්විය
    යුතුය.
  2. පහතසඳහන් තත්ත්වයන් යටතේ නාමයෝජනා අවලංගු වේ;
    1. තැන්පත්කරු ජීවත්ව සිටිය දී, නාමිකයාගේ අභාවය සිදුවීම
    2. තැන්පත්කරු විසින්, ‘ලිඛිත දැනුම්දීමකින්’ නාමයෝජනාව අවලංගු කිරීම මගින්, හෝ සමාගම සපයා ඇති ඕනෑම ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ, තැන්පත්කරු විසින් නාමයෝජනා විස්තරවල යම් සංශෝධනයක් කිරීම මගින්. එසේ වුවද, තැන්පත්කරු එලෙස නාමයෝජනා විස්තර සංශෝධනයක කිරීමේදී, මෙම 11 වගන්තිය යටතේ දක්වා ඇති පරිදි – එසේ නාමයෝජනා කළ නාමිකයා – සම්පූර්ණයෙන් බලපවත්වයි.
    3. තැන්පත්කරු විසින් නිසි පරිදි ‘පසු නාමයෝජනාවක් කිරීම’ මගින්
  3. මෙම ‘පසු අයිතිය සඳහා නම්කිරීම’ ක්‍රියාත්මක කළ නොහැකි අවස්ථාවක දී, පුද්ගලයාට/ නීත්‍යානුකූල හිමිකම් ඇති පුද්ගලයාට එකී මුදල් ගෙවයි.
  4. අනන්‍යතාව සනාථ කළහැකි සාධක ඉදිරිපත් කළවිට පමණක් නාමිකයෙකුට එකී ගෙවීම් කරන අතර, ඒ සඳහා අවශ්‍ය විය හැකි ඕනෑම තොරතුරක්/ලේඛනයක් ඉල්ලාසිටීමට සමාගම අයිතිය හිමිවේ.

12. සමාගම තැන්පත්කරුට මාසිකව ගිණුම් ඊ-ප්‍රකාශන ආකාරයෙන් සහ සමාගම තීරණය කරන ආකාරයෙන් ලබාදිය යුතු වන අතර, එකී තොරතුරුවල නිරවද්‍ය බව තහවුරු කරගැනීමට – එලෙස සමාගමෙන් ලැබෙන සෑම ගිණුම් ප්‍රකාශයක්ම පරීක්ෂා කිරීමට තැන්පත්කරු එකඟවේ. ඒවායේ කිසියම් දෝෂයක් හෝ අක්‍රමිකතාවක් ඇත්නම්, එම ප්‍රකාශය ලද දිනයේ සිට දින 14ක් තුළ ‘තැන්පත්කරු වෙත වරින්වර දැනුම් දී ඇති ක්‍රමවේදයක් ඔස්සේ’ – තැන්පත්කරු ඒ බව සමාගමට දැනුම්දිය යුතුය.

13. තැන්පත්කරුගේ ‘ලියාපදිංචි සම්බන්ධතා තොරතුරුවල’ වෙනසක් සිදුවූ ඕනෑම අවස්ථාවක දී – ඒ බව සමාගමට දැනුම්දීමට තැන්පත්කරු එකඟවේ.

14. ‘සත්‍ය හෝ අසම්භාව්‍ය’, ‘ප්‍රාථමික හෝ ඇපකර’, සහ ‘කිහිපයක් හෝ ඒකාබද්ධ’ යන ඕනෑම ආකාරයක වගකීමක් ලෙස කුමන ආකාරයකින් හෝ වෙනත් ඕනෑම ගිණුමකින් ‘තැන්පත්කරුගෙන් සමාගමට අයවිය යුතු වෙනත් ඕනෑම මුදලක්/මුදල් වෙනුවෙන්’ – මේ වනවිට ගිණුමේ ඇති බැර අගයක්; ‘එකී තැන්පත්කරුගේ ගිණුම; තැන්පත්කරුගේ වෙනත් ගිණුමක් සමඟ හෝ සමාගම වෙත ඔහු/ඇයගේ ඇති කිසියම් වගකීමක් සමඟ’ – සංකලනය කර හෝ ඒකාබද්ධ කර, එමගින් ඕනෑම ශේෂ/ශේෂයක් මාරුකිරීමට හෝ පියවීමට – කිසිම ආකාරයක පටහැනි වීමකින් තොරව මෙහි සඳහන් වන ලෙස, තැන්පත්කරුට කිසිම දැනුම්දීමක් නොකොට – සමාගමට සමාගමට කටයුතු කළහැක.

15. ගිණුමේ නියමයන් සහ කොන්දේසි, ‘කලින් කලට සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට’ සමාගමට අයිතිය හිමිවෙන අතර, එලෙස නියමයන් සහ කොන්දේසිවල කළ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට පෙර – සමාගම ඒ බව තැන්පත්කරුට දැනුම්දිය යුතුය.

16. නීතිප්‍රකාරව යම් සංශෝධනයක් අවශ්‍ය වේ නම්, මෙම නියමයන් සහ කොන්දේසි ඒ අනුව ස්වයංක්‍රීයව සංශෝධනය වූ බව සැලකේ.

17. සියලුම ආකාරයේ සිහිකැඳවීම්/ඉල්ලීම් සහ/හෝ වෙනත් සාමාන්‍ය සන්නිවේදන; ‘කෙටි පණිවුඩ සේවා (SMS)’ මගින්; ‘තැන්පත්කරු විසින් දී ඇති මොබයිල් අංකයට ( එනම්, ‘ලියාපදිංචි මොබයිල් අංකය’ වෙත) සහ/හෝ තැන්පත්කරු විසින් දී ඇති ඊමේල් ලිපිනයට’ – විද්‍යුත් පණිවිඩ ලෙස යවන අතර, ඒවා නීත්‍යානුකූලව බැඳීමක් ඇතිකරයි.

18. ඊමේල් භාවිතය පිළිබඳ හානිපූරණය

  1. තැන්පත්කරු විසින් වෙනත් ආකාරයකින් ‘ප්‍රකාශිත උපදෙස් දී – එය සමාගම විසින් නිසි ලෙස පිළිගෙන ඇති අවස්ථාවක දී හැර’; මෙම වගන්තියේ අරමුණ සඳහා තැන්පත්කරුගේ ලියාපදිංචි ඊමේල් ලිපිනය ලෙස යොදාගත යුත්තේ, ‘ගිණුම විවෘත කිරීමේ අයදුම්පතේ තැන්පත්කරු විසින් දක්වා ඇති’ ඊමේල් ලිපිනය යි.
  2. ‘ඊමේල් ඔස්සේ ගිණුම් කටයුතු කිරීම’ – තැන්පත්කරුගේ ඉහත කී ලියාපදිංචි ඊමේල් ලිපිනයෙන් පමණක් – තැන්පත්කරු වෙත ලබාදී ඇති සමාගමේ ඊමේල් ලිපිනයට යොමුකරන උපදෙස්වලට සීමාවිය යුතු අතර’; ‘එලෙස සමාගමට ලැබෙන උපදෙස්වල වලංගු බව සහ සත්‍ය බව තහවුරු කරගැනීමට’ සමාගම කිසි ලෙසකින්වත් බැඳී නැත.
  3. ‘වැඩකරන දින සහ සාමාන්‍ය ව්‍යාපාරික වේලා’ ලෙස සමාගම දැනුම් දී ඇති කාලය තුළ, තැන්පත්කරු විසින් එවා සමාගමට ලැබෙන ඊමේල් පණිවුඩ මත පමණක් කටයුතු කළයුතු බවත්; එවැනි උපදෙස් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිකම නිසා ඒවා අසාර්ථක වීම/ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ, සමාගම වගකීමට නොබැඳෙන බවත් තැන්පත්කරු පිළිගනියි.
  4. ‘නොපැහැදිලි, ව්‍යාකූළ හෝ බහු විධ යැයි’ – සමාගමේ පූර්ණ අයිතිය අනුව සමාගම මතය දරන ඊමේල් උපදෙස් මත සමාගම කටයුතු කළයුතු නොවන අතර, සමාගම එලෙස කටයුතු නොකිරීම නිසා තැන්පත්කරුට උද්ගත විය හැකි කිසිම අලාභයක් හෝ හානියක් සඳහා, සමාගම වගකිවයුතු නොවේ.
  5. ඉහත කී පරිදි ලැබෙන ඊමේල් උපදෙස් මත සමාගම කටයුතු කිරීම මත සිදුකළ ගනුදෙනුවලින් ‘තැන්පත්කරුට සිදුවන කිසිම අලාභයකට/හානියකට සමාගම වගකිවයුතු නැත. තැන්පත්කරුගේ ඊමේල් ඔස්සේ ‘තැන්පත්කරු හෝ වෙනත් තුන්වන පාර්ශ්වයක් විසින් සිදුකළ වංචා හෝ අපරාධ නිසා උද්ගත වෙන’ කිසිම ප්‍රතිවිපාකයකට සමාගම කිසිසේත්ම වගකිව යුතු නොවේ.
  6. මෙසේ ලබා දී ඇති ඊමේල් ඔස්සේ තැන්පත්කරු වෙතින් ලැබෙන උපදෙස් මත කටයුතු කිරීමේ දී – සමාගම ගෙවන, දැරීමට සිදුවෙන හෝ උද්ගතවෙන සියලුම ආකාරයේ හිමිකම්පෑම්, පාඩු, හානි, පිරිවැය, වගකීම් සහ වියදම් තැන්පත්කරු විසින් දරාගත යුතු වන අතර; සියලුම ආකාරයේ ව්‍යවස්ථාපිත, නියාමන සහ බලාත්මක කිරීමේ ආයතනවල සියලුම නීති හෝ රෙගුලාසිවලට අනුකූළවීමේ වගකීමට යටත්ව තැන්පත්කරු සෑමවිටම කටයුතු කරයි.

19. ONLINE ක්‍රමවේද ඔස්සේ ලබාදෙන පහසුකම් භාවිතය

  1. තැන්පත්කරුගේ පහසුව සඳහා, සමාගම විසින් ‘යෝග්‍ය උපාංගයක් ඔස්සේ පිවිසිය හැකි ඇතැම් online පහසුකම් තමාට ලබාදීමට ඉඩ ඇති බව’, අවබෝධ කරගෙන තැන්පත්කරු ඒ සඳහා එකඟත්වය පළකරයි. (මෙහිදී ‘උපාංගය’ යනුවෙන් අදහස් වෙන්නේ; ‘සමාගම විසින් ලබාදෙන online ක්‍රමවේද භාවිතා කිරීමට යොදාගත හැකි’ ඕනෑම මොබයිල් දුරකථනයක් සහ සක්‍රීය සිම් කාඩ්පතක්, ‘ටැබ් උපාංගයක්’ හෝ ඒ සඳහා යෝග්‍ය වෙනත් එවැනි උපාංගයකි).
  2. එවැනි ONLINE ක්‍රමවේද වෙත පිවිසීමට යොදාගත හැකි; ඕනෑම එක්-වාර-මුරපද (OTP) ද ඇතුළු සියලු මුරපද – තරයේම තැන්පත්කරුගේ භාවිතය සඳහා පමණක් වන අතර, තැන්පත්කරු විසින් ඒවා රහසිගතව පවත්වාගැනීමටත් – ‘කිසිම විටෙක කිසිම හේතුවක් මත වෙනත් කිසිම තුන්වන පාර්ශවයකට නොදීමටත්’ එකඟත්වය පළකරයි.
  3. එවැනි ‘ONLINE ක්‍රමවේද වෙත පිවිසීමට යොදාගන්නා උපාංගය’ නැතිවීම හෝ සොරකම් කිරීම නිසා, එහි අන්තර්ගත තැන්පත්කරුගේ සංවේදී දත්ත තෙවන පාර්ශවයන්ට හෙළිදරව් වීමේ අවදානමක් ඇති බව තැන්පත්කරු විසින් තේරුම්ගෙන එකඟවන අතර, සිය උපාංගය නැති වූ හෝ සොරකම් කළ ඕනෑම විටෙක දී – නොපමාව ඒ බව අදාළ බලධාරීන්ට දැනුම්දීමට තැන්පත්කරු නොවැළැක්විය හැකි ලෙස එකඟත්වය පළකරයි.
  4. එලෙස උපාංගය නැති වූ හෝ සොරකම් කළ ඕනෑම විටෙක දී – නොපමාව ඒ බව සමාගමට දැනුම්දීමට තැන්පත්කරු තවදුරටත් එකඟවන අතර, සමාගම වරින්වර තමා වෙත ලබාදී – දැනුම් දී ඇති සන්නිවේදන මාර්ග ඔස්සේ ‘තෙවන පාර්ශවයක් ගිණුමට පිවිසීමට ඇති අවකාශය’ අවහිර කරන ලෙස සමාගමෙන් ඉල්ලා සිටීමට තැන්පත්කරු එකඟ වෙයි.
  5. එලෙස උපාංගය නැති වූ හෝ සොරකම් කළ විටෙක ‘ඉහත කී පරිදි සමාගමට දැනුම්දීමට පෙර’ තෙවන පාර්ශවයන් තැන්පත්කරුගේ ගිණුමට අනවසරයෙන් පිවිසීමෙන් තැන්පත්කරුට විඳින්නට සිදු වූ, උද්ගත වූ සියලු හිමිකම්පෑම්, පාඩු, හානිවීම්, පිරිවැය, වගකීම් සහ වියදම් කිසිවක් පිළිබඳ – සමාගම කිසිම වගකීමක් හෝ ගෙවීමට බැඳීමක් නොදරන අතර, එය සම්පූර්ණයෙන්ම තමන්ගේ තනි වගකීම බව තන්පත්කරු අවබෝධ කරගෙන ඒ සඳහා එකඟත්වය පළකරයි.
  6. ‘එලෙස උපාංගය නැති වූ හෝ සොරකම් කළ විටෙක – ඉහත කී පරිදි නිසි ලෙස සමාගමට දැනුම්දීමට තැන්පත්කරු අසමත්වී වූ අවස්ථාවක දී’ තෙවන පාර්ශවයන් තැන්පත්කරුගේ ගිණුමට අනවසරයෙන් පිවිසීමෙන් තැන්පත්කරුට විඳින්නට සිදු වූ, උද්ගත වූ සියලු හිමිකම්පෑම්, පාඩු, හානිවීම්, පිරිවැය, වගකීම් සහ වියදම් කිසිවක් පිළිබඳ – සමාගම කිසිම වගකීමක් හෝ ගෙවීමට බැඳීමක් නොදරන අතර, එය සම්පූර්ණයෙන්ම තමන්ගේ තනි වගකීම බව තැන්පත්කරු අවබෝධ කරගෙන ඒ සඳහා විශේෂයෙන් එකඟත්වය පළකරයි.

20. හි දක්වෙන නියමයන් සහ කොන්දේසි, ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය කෙරේ.

21. එහි සමූහ සමාගම, ඕනෑම උප සමාගමක් හෝ අනුබද්ධිත ආයතනයක් සමග ‘ඒකාබද්ධ සේවා සැපයීම හෝ වෙනත් කටයුත්තක් සඳහා’ සමාගම තැන්පත්කරුගේ තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ – තැන්පත්කරුවා ‘නොවැළක්විය හැකි සේ’ අනුමැතිය පළකරයි.

22. මෙම නියමයන් සහ කොන්දේසිවල සිංහල හෝ දෙමළ පරිවර්තනයන් හි කිසියම් නොගැළපීමක් ඇතිවුවහොත්, ඉංග්‍රීසියෙන් දක්වා ඇති නියමයන් සහ කොන්දේසි බලපැවැත්වේ.

23. මෙහි අන්තර්ගත නියමයන් සහ කොන්දේසි කියවා තේරුම්ගෙන, ඒවා සඳහා බැඳීසිටීමට තැන්පත්කරු එකඟත්වය පළකරයි.