1. හැඳින්වීම
පහත දැක්වෙන්නේ; 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කළ (සමාගම් ලියාපදිංචි අංක PB 765 PQ) – කොළඹ 02, යුනියන් පෙදෙසේ, අංක 475 දරන ලියාපදිංචි ස්ථානයේ කාර්යාලය සහිත ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී (මෙතැන් සිට ‘DF හෝ සමාගම’ ලෙස; අවස්ථානුකූලව භාවිතාවන යෙදුමෙන් හෝ ප්‍රකාශනයෙන්, හෝ පිළිගන්නා – එකී ඩයලොග් ෆිනෑන්ස් පී එල් සී, සහ එහි අනුප්‍රාප්තිකයින් සහ අනුමත පැවරුම්ලාභීන් ඇතුළත්ව හැඳින්වෙන) විසින්; අනුමත කර, ඔබට (මෙතැන් සිට ‘ණය ගැනුම්කරු’ ලෙස හැඳින්වේ) ලබාදෙන ‘ණය පහසුකම’ සඳහා බලපවත්වන, නියමයන් සහ කොන්දේසි වේ.
2. අරමුදල් නිකුත් කිරීම
2.1 DF විසින්, ‘ණය ගැනුම්කරුගේ ඉතිරිකිරීමේ ගිණුමට ණය මුදල නිකුත්කළ යුත්තේ’; ‘එවකට පවතින – උච්චාවචනය වන වෙළෙඳපොළ පොළී අනුපාතය සළකාබලා – ඒ අනුව වෙබ් අඩවිය, ඊමේල් හෝ වෙනත් සන්නිවේදන ක්‍රමයක් මගින් ‘කලින්කලට නිවේදනය කරන අනුපාතයක් ලෙස – ණය ගැනුම්කරුට දැනුම්දිය හැකි පොලියක් ද ඇතුළත්ව’ – ‘අවස්ථානුකූලව – පිරිනැමීමේ ලිපියේ/ ණය පහසුකම් ප්‍රකාශයේ, වඩාත් විස්තරාත්මකව දක්වා ඇති පරිදි’ – එකී ණය පහසුකම ප්‍රතිපාදනය කිරීමෙනි. ‘පිරිනැමීමේ ලිපියේ/ ණය පහසුකම් ප්‍රකාශයේ – එකී ණය පහසුකම ලබාදුන් දිනය’ ලෙස සඳහන්ව ඇති දිනයේ සිට – නිශ්චිත කාලසීමාවක් තුළ – ණය ගැනුම්කරු එකී ණය පහසුකම ආපසු ගෙවියයුතු අතර; එම කාලසීමාව තුළ දී යම් ගෙවීම් පැහැරහැරීමක් සිදුවුවහොත් – ‘ණය පහසුකම සම්පූර්ණයෙන් ගෙවා අවසන් වෙනතෙක්; ‘ගෙවීම පැහැරහැරීමේ පොලියක්’ ලෙස – වාර්ෂිකව, අමතර පොලියක්’ අයකරයි.
2.2. පාර්ශව අතර ‘මීට පටහැනි ඕනැම ආකාරයක විධිවිධානයක් හෝ ලියවිල්ලක් තිබුණත්, එය නොසළකා’ – ‘ඉහත කී මුදල සහ ‘3 වැනි (ගෙවීම්) වගන්තියේ විස්තර කර ඇති අනෙකුත් සියලුම ගාස්තු’ – ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක දී’ ‘DF වෙත – ආපසු ගෙවිය යුතු බව’ ණය ගැනුම්කරු මෙයින් ප්‍රකාශිතව එකඟවෙන අතර; ‘වාරික වශයෙන් ආපසුගෙවීම සඳහා, ණය ගැනුම්කරුට අනුමැතිය දී ඇති – සියලු විධිවිධාන හෝ අවස්ථා’ ‘ඉල්ලූ විට ගෙවිය යුතුය යන ප්‍රධාන/මූලික වගකීමට යටත්’ වේ.
2.3. ‘මේ යටතේ – ණය ගැනුම්කරු, DF වෙත ගෙවිය යුතු මුදල ලෙස’ විදහා දක්වන; ‘DF තොරතුරු පද්ධති, පොත් හෝ ලියවිලි ආදියෙන් ලබාගෙන – ඕනෑම DF බලයලත් නිලධාරියෙකු අත්සන් සහ/හෝ සහතික කළ; ඕනෑම ලිඛිත ප්‍රකාශන උධෘතයක් හෝ වෙනත් ආකාරයක ලියවිල්ලක්’ – ‘ඒ බව සනාථ කිරීමට උපකාර වෙන වෙනත් වෙනත් කිසිම ලියවිලි හෝ වවුචර නොමැතිව’ – ‘එහි අන්තර්ගතය – ණය ගැනුම්කරුට එරෙහිව තීරණාත්මක සාක්ෂියක් සහ නීති කටයුතු සඳහා ප්‍රමාණවත් වන අතර’; ‘එහි දක්වා ඇති මුදල’ – ‘මේ යටතේ – ණය ගැනුම්කරු ගෙවියයුතු මුදල සනාථ කරන තීරණාත්මක සාක්ෂියක් ලෙස – ණය ගැනුම්කරුට එරෙහිව යොදාගත හැකිබව පිළිගන්නා බවට ද’ ණය ගැනුම්කරු වැඩිදුරටත් එකඟත්වය පළකරයි.
2.4. ණය මුදල නිකුත් කිරීමට පෙර – සමාගම විසින් මුලදීම, ‘මෙම පහසුකමට අදාළ සියලු ගාස්තු හෝ අයකිරීම්’ අඩුකරයි.
3. ගෙවීම්
3.1. ණය ගැනුම්කරු ‘පහත සඳහන් මුදල’ මෙන්ම; ‘මෙම ණය මුදල හා ‘DF හි ඇති ණය ගැනුම්කරුගේ ඉතිරිකිරීමේ ගිණුමෙන් – ඔහුගේ/ඇයගේ ණය මුදල් ගිණුමට හර කරන වෙනත් ගාස්තු ආදී’ එකී මූලික මුදලට බලපාන’ සම්පූර්ණ මුදල් වටිනාකම’ ද ගෙවිය යුතුය.
3.1.1. සාමාන්‍ය පොලී හා දඩපොලී මත අයකරන ගාස්තු
3.1.2. තැපැල් ගාස්තු සහ අනිත් හැසිරවීමේ ගාස්තු.
3.1.3. අධීක්ෂණ තක්සේරුකරණ ගාස්තු සහ අවස්ථානුකූළව පැනනැගිය හැකි වෙනත් ගාස්තු.
3.1.4. රජය හෝ වෙනත් ව්‍යවස්ථාපිත ආයතනයක්, ‘බදු වශයෙන් හෝ වෙනත් ආකාරයකින් පනවන’ කිසියම් ව්‍යවස්ථාපිත ගෙවීමක්.
3.1.5. නෛතික ගාස්තු
3.1.6. ‘සමාගමට අය වියයුතු මුදල්’ ‘ආපසු අයකරගැනීමට සමාගමට දරන’ අනෙකුත් සියලු වියදම්.
3.2. ‘ණය ගැනුම්කරු ගෙවිය යුතු මුදල් සහ හිඟ මුදල් නිසා’ – එකී ණය පහසුකම පියවීමට, යම් ප්‍රමාදයක් සහ/හෝ පැහැරහැරීමක් සිදුවුණොත් – එවැනි අවස්ථාවක දී; මෙම ගිවිසුමේ දක්වෙන ‘ගෙවීම් පැහැරහැරීම පිළිබඳ නියමයන් සහ කොන්දේසි’ අදාළ වේ.
4. ඇපකරය සහ ඉවත්කිරීමේ අයිතිය
4.1. ‘ණය ගැණුම්කරු සිය ණය ඉල්ලුම් පත්‍රයේ ඉල්ලා, සමාගම සිය ‘පිරිනැමීමේ ලිපියෙන්/ ණය පහසුකම් ප්‍රකාශයෙන් ණය ගැනුම්කරුට තහවුරු කළ – ණය ගැනුම්කරුට අයත් ස්ථාවර තැන්පතුව’ මෙම ණය පහසුකමට ‘ඇපකරය’ වේ.
4.2. ‘මෙම ණය පහසුකමට ඇපකරය ලෙස තැන්පත් කළ එකී ස්ථාවර තැන්පතුවේ අලුත්කිරීම් හෝ කල්පිරීම් පිළිබඳ තොරතුරු’ ණය ගැනුම්කරුට දැනුම් නොදී; ‘ණය පහසුකම සක්‍රීය වනතෙක් එය අඛණ්ඩව තබාගැනීම සඳහා’ ණය ගැනුම්කරු විශේෂයෙන් සිය අනුමැතිය පළකරයි.
4.3. ‘ණය ගැනුම්කරුට – කිසිම පූර්ව දැනුම්දීමක් හෝ පූර්ව ඉල්ලීමක් නැතිව; අදාළ ණය මුදල, පොලිය හා අයකිරීම් ද ඇතුළුව – අයවිය යුතු මුළු මුදල පියවාගනීම සඳහා, ණය පහසුකමේ ඇපකරය වන ඉහත කී ස්ථාවර තැන්පතුවෙන් – යෝග්‍ය මුළු වටිනාකම අයකරගැනීමට’ හෝ, නොඑසේනම් ‘ඉවත්කිරීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට’ ‘සමාගමට – ඕනෑම සහ සෑම විටෙක’ බලය සහ අධිකාරය ඇත.
4.4. මෙම වගන්තිය යටතේ, සමාගම ‘ඉවත්කිරීමේ අයිතිය ක්‍රියාත්මක කරන්නේ නම්’ ; ‘ණය ගැනුම්කරුට – අමතර දැනුම්දීමක් හෝ ඇඟවීමක් නැතිව’ – එම ස්ථාවර තැන්පතුව ඇප ලෙස ඇති ‘වෙනත් ඕනෑම ණය පහසුකමක ‘මේ වනවිට ගෙවා ඇති තත්ත්වය කුමක් වුවද – එම ස්ථාවර තැන්පතුවෙන් එලෙස ඇපයට තැබූ ඕනෑම වෙනත් ණය පහසුකම් ද පියවීමට – සමාගම කටයුතු කරන බව’ ; ණය ගැනුම්කරු අවබෝධ කරගෙන, ඉතා පැහැදිලිව ඊට එකඟත්වය පළකරයි.
4.5. ‘ඉහත 4.3 සහ 4.4 වගන්ති යටතේ දැක්වූ බලය සහ අධිකාරිය’ වලංගු වන අතර; ණය ගැනුම්කරු අත්සන් කළ ‘එවැනි ස්ථාවර තැන්පතු පිළිබඳ නියමයන් සහ කොන්දේසි, හෝ සමාගම සමඟ ක්‍රියාත්මක කළ වෙනත් ඕනෑම ගිවිසුමක හෝ ලිඛිතව ඇති’ කිසිම කාරණාවකට වඩා – එයට ප්‍රමුඛත්වය හිමිවිය යුතුය.
4.6. ‘ඉහත කී සමාගම සතු – ඉවත්කිරීමේ අයිතිය’ – සමාගම විසින් ක්‍රියාත්මක කළ විටෙක හෝ එවැන්නක් කිරීමට අදහස් කළ විටෙක – ‘එකී හේතුව නිසා උද්ගත වේ යැයි සැළකෙන, ඕනෑම ආකාරයක හෝ ඕනෑම හේතුවක් නිසා පැනනගින; අලාභ, හානි, පොලී, පිරිවැය, ගාස්තුවලින්’ හානියක් නොවන ලෙස – සමාගම හානිපූරණය කර ආරක්ෂා කිරීමට’, ණය ගැනුම්කරු තවදුරටත් භාරගනියි.
4.7. සමාගම සතු මෙකී අධිකාරිය ‘අවලංගු කළනොහැකි බවත්, අඛණ්ඩව පූර්ණ ලෙස බලවත්ව ක්‍රියාත්මක වන බවත්’ – එය අක්‍රීය වන්නේ, ණය ගැනුම්කරු ‘එකී ණය පහසුකම යටතේ ලබාගත් මුදල්, අදාල පොලී මුදල හා සියලු ගෙවීම්’ ආපසුගෙවීමෙන් පසුව පමණක් බවත්; ණය ගැනුම්කරු මෙයින් ප්‍රකාශ කරයි.
5. නියමයන් සහ කොන්දේසි
5.1. ණය ගැනුම්කරු හෝ ඔහු/ඇයගේ නියෝජිතයන්, සේවකයින් හෝ නිලධාරීන්, ලිඛිතව හෝ වෙනත් ආකාරයකින් ණය ගැනුම්කරු වෙනුවෙන් – DF වෙත යොමුකළ සියලු නියෝජනයන් සහ ප්‍රකාශන; ‘සත්‍ය සහ නිවැරදි බවට මෙයින් තහවුරු කරමින් – DF ඒ අනුව ක්‍රියාත්මක වියයුතු බව අදහස් කර’ – එය ‘අත්තිකාරමක් ලබාගැනීම සඳහා මෙයින් කළ ඉල්ලීම මත DF කටයුතු කිරීමේ දී පැනනගින හෝ ප්‍රතිඵලයක් වන ගිවිසුමේ හෝ බැඳීමේ’ පදනම ලෙස සැළකේ.
5.2. ණය ගැනුම්කරුගේ මූල්‍ය තත්ත්වය මත අපේක්ෂිත හෝ නිර්මාණය වන – ඕනෑම සැලකිය යුතු අගයක ගාස්තුවක්, DF වෙත අවශ්‍ය වූ විට, ඉල්ලාසිටින ආකාරයෙන් – ණය ගැනුම්කරු විසින් DF වෙත ලබාදෙයි.
5.3. සිය ‘මූල්‍ය ධාරිතාවට බලපෑමට හේතුවිය හැකි’ සහ ‘තමා සම්බන්ධ වියහැකි’ ඕනෑම නඩු කටයුත්තක් පිළිබඳ නිශ්චිත තොරතුරු – එවැනි ඕනෑම සිදුවීමක් උද්ගත වූ සෑමවිටම, ණය ගැනුම්කරු විසින් DF වෙත හෙළිකළ යුතුය.
5.4. ණය ගැනුම්කරුට දැනුම්දීමකින් තොරව, ‘ඉහත කී ණය ගිණුම’ ‘එකී ණය ගැනුම්කරුගේ අනෙකුත් සියලුම ගිණුම් හෝ තැන්පතු (එනම්, කාලීන හෝ ඉල්ලුම් තැන්පතු යන වර්ග දෙකම) සමඟ ඒකාබද්ධ කිරීමට’ සහ ‘ණය ගැණුම්කරුගේ බැරට ඇති සියලුම මුදල්’ මාරුකිරීමට සහ අනුපාතිකව යොදාගැනීමට; ණය ගැනුම්කරු විසින්, ‘අවලංගු කළ නොහැකි වන සේ’ DF වෙත බලය පවරන අතර; එවැනි ණය ගැනුම්කරු විසින් DF වෙත දෙන ලද ‘නිර්බාධිත අයිතිය සහ අවලංගු කළ නොහැකි අධිකාරී බලය’ – ‘DF විසින් ක්‍රියාත්මක කිරීමේ දිනයේ දී හෝ ඊට පෙර – ණය ගැනුම්කරු විසින් ඉල්ලාසිටි ‘ගෙවීම් හිමිකම්, ආපසුගැනීම් හෝ වෙනත් එවැනි ලේඛනවලට’ අගරුකිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට’ DF කටයුතු කරයි. ‘ණය ගැනුම්කරුගේ එවැනි ක්‍රියාවක් නිසා – අයිතියක් හෝ අධිකාරියක් ක්‍රියාත්මක කිරීම’ හෝ, ‘නොඑසේනම් ණය ගැනුම්කරුගේ නමට ඇති ඕනෑම ගිණුමක් වසාදැමීමේ මට්ටම දක්වාම’ සහ, ඒවැන්නක ප්‍රතිඵලයක් ලෙස DF වෙත උද්ගත වියහැකි සියලු හිමිකම් හෝ ඉල්ලීම්වලට ද එරෙහිව – DF හානිපූරණය කිරීමට ණය ගැනුම්කරු කටයුතු කරයි.
5.5. ‘DF විසින් ඉහත ණය මුදල ප්‍රතිපාදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ණය ගැනුම්කරු විසින් ගෙවිය යුතු මුදල් වටිනාකම විදහාදක්වන’ – සහ – ‘DF හි පොත් සහ ලියකියවිලිවලින් ලබාගෙන කළමනාකරු හෝ ගණකාධිකාරී විසින් අත්සන් කර සහතික කළ’ ‘ඕනෑම ප්‍රකාශනයක්, උපුටාගැනීමක්, ලේඛණයක් හෝ වෙනත් ලියකියවිලි’; ණය ගැනුම්කරු විසින් – ‘DF වෙත ගෙවිය යුතු වටිනාකම පිළිබඳ තීරණාත්මක සාක්ෂියක් ලෙස’ – DF විසින් වෙනත් කිසිම අමතර ලේඛනයක් හෝ වවුචරයක් නොමැතිව; ඕනෑම අධිකරණයකට හෝ ඕනෑම විනිශ්චය සභාවකට හෝ ආයතනයකට හෝ ව්‍යවස්ථාපිත නිලධාරියෙකුට ඉදිරිපත් කළහැක.
5.6. ආයතනයක හවුල්කරුවන් ලෙස හෝ වෙනත් ආකාරයකින් නියෝජනය කරමින් – පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් හෝ මෙම ලේඛනය අත්සන් කර ඇත්නම්, එවැනි පුද්ගලයෙකු ‘ඉහත ණය මුදල සහ පොලී ප්‍රමාණය DF වෙත ගෙවීම සඳහා’ ඒකාබද්ධව සහ තනිතනිව වගකීමට බැඳෙන අතර; ඉහත ‘ණය සහ පොළිය මත ණය ගැනුම්කරු විසින් යම් මුදලක් ගෙවිය යුතු තාක්’ එකී පුද්ගලයා ‘තනි හා ප්‍රධාන ණයගැතියා ලෙස’ වගකිව යුතුය.
5.7. ඉහත ණය සහ ඒ සඳහා පොළියට අදාළව ණය ගැනුම්කරු ‘DF වෙත ගෙවිය යුතු මුදල්’, කාලාවරෝධ ආඥාපනත (68 ඡේදය) නොතකා – ණය ගැනුම්කරුගෙන් අයකර ගතයුතු අතර; ‘DF විසින්, එම මුදල් ආපසු අයකරගැනීම සඳහා ණය ගැනුම්කරුට එරෙහිව නඩු පැවරීමට බාධාවක් ලෙස’ ණය ගැනුම්කරු විසින්, එකී ආඥාපනත (68 ඡේදය) මතුකිරීමෙන් වැළකිය යුතුය.
5.8. ණය ගැනුම්කරු ණය ගෙවීම පැහැරහැර ඇතිවිට ‘එම හිඟමුදල් අයකරගැනීමට’ – DF විසින් ‘තුන්වන පාර්ශ්ව ණය එකතුකරන්නෙකු’ පත්කළ හැකිබවටත් එලෙස උද්ගත වන ‘සියලු ණය එකතුකිරීමේ වියදම්’ තමා විසින් ගෙවීමටත්; ණය ගැනුම්කරු එකඟ වේ.
5.9. නිලධාරියෙකු විසින් – ‘DF විසින් – දැනටමත් දරා ඇති හෝ ගෙවිය යුතු – මුදල් සහ වගකීම් පිළිබඳ’ නිකුත්කරන ලිඛිත සහතිකයක්, ‘එම සහතිකය නිකුත්කළ දිනය වනවිට – තමා විසින්, DF වෙත ගෙවිය යුතු මුදල සනාථ කරන – මූලික සාක්ෂියක් ලෙස’ ණය ගැණුම්කරු විසින් පිළිගනී.
5.10. මෙම නියමයන් සහ කොන්දේසිවල සිංහල හෝ දෙමළ පරිවර්තනයන් හි කිසියම් නොගැළපීමක් ඇතිවුවහොත්, ඉංග්‍රීසියෙන් දක්වා ඇති නියමයන් සහ කොන්දේසි බලපැවැත්වේ.
6. දත්ත ලබාදීම
6.1 2016 හි අංක 8 දරන සංශෝධන පනත මගින් සංශෝධිත – 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ 39B(c) වගන්තිය යටතේ – ශ්‍රී ලංකා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) විසින්, සමාගම නියම කරන ලද අධිකාරියක් ලෙස පිළිගෙන ඇති බව ණය ගැනුම්කරු අවබෝධ කරගෙන ඊට එකඟත්වය පළකරයි. ඒ අනුව, සිය නම, ලිපිනය, උපන් දිනය, උපන් ස්ථානය, ලිංගිකත්වය, නිකුත් කළ දිනය, ඡායාරූපය, හැඳුනුම්පතේ ඉදිරිපස සහ පිටුපස ස්කෑන් කළ පිටපත, හැඳුනුම්පතේ දිස්වන තොරතුරු දර්ශකයේ ස්කෑන් කළ පිටපත, වාර්තාවේ ස්වභාවය (සක්‍රීය/ අක්‍රීය/ අවලංගු කළ/ අවලංගු) ඇතුළුව එකී ණය ගැනුම්කරු විසින් සපයන තොරතුරුවල සත්‍යතාව සනාථ කරගැනීම සඳහා DRP සමඟ පවත්වාගෙන යන සිය ජාතික හැඳුනුම්පතේ (NIC) තොරතුරු වෙත ප්‍රවේශ වීමට සමාගමට අනුමැතිය දීමට ණය ගැනුම්කරුගේ තවදුරටත් එකඟ වෙයි;
6.2. ණය ගැනුම්කරු – විශේෂයෙන්ම, https://www.dialogfinance.lk/privacy-notice හි දක්වා ඇති, කලින්කලට සංශෝධනය කරන, සමාගමේ රහස්‍යතා නිවේදනයට අනුමැතිය පළකරයි;
6.2.1. ‘ණය ගැනුම්කරුට ඒකාබද්ධ සේවා සැපයීම හෝ වෙනත් කටයුත්තක් සඳහා – DF විසින්, එහි සමූහ සමාගම, ඕනෑම උප සමාගමක් හෝ අනුබද්ධිත ආයතනයක් සමග’; සහ/හෝ ‘අවශ්‍යතාවේ පරිදි DF විසින් හෝ ඕනෑම රාජ්‍ය අධිකාරියක්/ ව්‍යවස්ථාපිත හෝ නියාමන ආයතනයක් විසින් විමර්ශනයක්, සමාලෝචනයක් හෝ නෛතික ක්‍රියාමාර්ගයක් පැවැත්වීමේ අරමුණෙන් යුතුව’ සහ/හෝ ‘එවැනි අධිකාරියක අවශ්‍යතාව පරිදි – කලින් කලට නිකුත්කරන ඕනෑම පනතකට/ නියමයකට/ මාර්ගෝපදේශයකට/ රෙගුලාසියකට අනුව’ ; DF විසින් සිය තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ණය ගැනුම්කරු අනුමැතිය පළකරයි.
6.2.2. ‘අවශ්‍යතාවේ පරිදි DF විසින් හෝ ඕනෑම රාජ්‍ය අධිකාරියක්/ ව්‍යවස්ථාපිත හෝ නියාමන ආයතනයක් විසින් විමර්ශනයක්, සමාලෝචනයක් හෝ නෛතික ක්‍රියාමාර්ගයක් පැවැත්වීමේ අරමුණෙන් යුතුව’ සහ/හෝ ‘එවැනි අධිකාරියක අවශ්‍යතාව පරිදි – කලින් කලට නිකුත්කරන ඕනෑම පනතකට/ නියමයකට/ මාර්ගෝපදේශයකට/ රෙගුලාසියකට අනුව’ සහ/හෝ ඉහත කී DF හි රහස්‍යතා නිවේදනයේ දක්වා ඇති සීමිත අරමුණු සඳහා වෙනත් එවැනි ආයතනයක් සමග – සමාගම විසින්; තමන්ගේ ණය පහසුකම්/ ගනුදෙනු සහ/හෝ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ණය ගැනුම්කරු අනුමැතිය පළකරයි.
6.3. ණය ගැනුම්කරුගේ ණය කළමනාකරණය තක්සේරු කිරීම සඳහා – ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ඇති ණය ගැනුම්කරුගේ තොරතුරු වෙත ප්‍රවේශවීමට, සහ DF විසින් ප්‍රතිපාදනය කළ ණය පහසුකම පිළිබඳ තොරතුරු කාලීනව වරින්වර CRIB වෙත වාර්තා කිරීමට; ණය ගැනුම්කරු DF වෙත සිය අනුමැතිය පළකරයි.
7. විෂයගත උල්ලංඝනය
7.1. පහත සඳහන් අවස්ථාවලදී මෙම එකඟතාව උල්ලංඝනය වී ඇති ලෙස සැලකේ:
7.1.1. ණය ගැනුම්කරු අදාළ දිනයේ දී නිසි ලෙස ගෙවීම කිරීමට අසමත් වූවිට, සහ එකී මුදල හා පොලිය ඇතුළු මුළු මුද ලගෙවන ලෙස ඉල්ලාසිටි විටද ගෙවීමට අසමත් වූවිට
7.1.2 මෙම එකඟතාවේ නියමයන් හෝ කොන්දේසි ඕනෑම එකකට අනුකූල වීමට ණය ගැනුම්කරු අසමත් වූවිට, සහ/හෝ නොසලකා හැරි විට
8. උල්ලංඝනය කිරීමේ/ පැහැරහැරීමේ ප්‍රතිවිපාක
8.1. මෙම වගන්තියේ දක්වා ඇති පරිදි මෙහි කිසියම් විෂයගත උල්ලංඝනයක් සිදුවූ විට, DF හි අභිමතය පරිදි මෙම එකඟතාව අවසන් කළහැක.
8.2. ණය ගෙවීම පැහැරහැර ඇතිවිට, සමාගම විසින් ඒ බව ණය ගැනුම්කරුට දැනුම් දී – දින 7කට පසුවත් එකී පැහැරහැරීමට පිළියම් නොකර තිබේනම්; සමාගමට ඕනෑම අවස්ථාවක මෙම එකඟතාව අවසන් කළහැක.
8.3. මෙහි 8.1 සහ 8.2 වගන්තිය යටතේ එවැනි අවසන් කිරීමක් සිදු වූවිට, මෙම එකඟතාව යටතේ යටතේ ණය ගැනුම්කරු විසින් ගෙවිය යුතු මුළු ණය මුදල, අනෙකුත් ගාස්තු, අයකිරීම් සියල්ලේ එකතුව, ‘සමාගමට ගෙවිය යුතු වටිනාකම’ බවට පත්වන අතර, සමාගම ඉල්ලූවිට එකී වටිනාකම ණය ගැනුම්කරු විසින් ගෙවිය යුතුය.
8.4. මෙහි 4 වැනි වගන්තිය යටතේ සමාගමට ඇති හිමිකම්වලට අනුකූළව, සමාගම විසින් ‘ගෙවිය යුතු ණය වටිනාකමට අනුව’ ‘පියවීමේ අයිතිය’ ක්‍රියාත්මක කරයි.
8.5. මෙම එකඟතාව අවසාන කිරීමක දී, ‘එසේ එකඟතාව අවසන් කිරීමට පෙර ඒ යටතේ උපචිතව පැවැති – ඊට අදාළ අයිතිවාසිකම් සහ බැඳීම්වලට’ අගතියක් නොවන ලෙස, මෙය එලෙස අවසන් කළයුතුය.
9. අත්හැර දැමීම හා විචලනය
9.1 මේ එකඟතාව යටතේ උද්ගත වී කියවෙන ‘යම් හිමිකම් බලයක් (right power) හෝ වරප්‍රසාද සඳහා හිමිකම්පෑමක් හෝ පිළියමක්’ බලාත්මක කිරීමේ දී, ක්‍රියාත්මක කිරීමේ දී හෝ ඒ සඳහා කටයුතු කිරීමේ දී’ – ‘ඕනෑම පාර්ශවයක් අතින් සිදුවන ප්‍රමාදයක්, අසාර්ථක වීමක් හෝ අත්හැරීමක් හේතුවෙන් – හෝ – නොඑසේනම්, මෙම එකඟතාව යටතේ ඕනෑම පාර්ශවයක් වෙතින් ඉටුවිය යුතු වගකීමක් උල්ලංඝණය වීම හේතුවෙන්’ – කිසිම අවස්ථාවක ඒවා මෙහි සඳහන් කරුණු නොතකාහැරීමක් ලෙස උපකල්පනය නොකරන අතර; එවැනි ඕනෑම ආකාරයක හිමිකම් බලයක්, වරප්‍රසාද සඳහා හිමිකම්පෑමක් හෝ පිළියමක් හෝ මෙහෙයුමක් හේතුකොට ගෙන, ඉන් පසුව එළඹෙන ඕනෑම අවස්ථාවක දී හෝ පසු අවස්ථාවක දී ‘එවැනි වෙනත් ඕනෑම හිමිකමක්, බලයක්, වරප්‍රසාදයක්, හිමිකම්පෑමක් හෝ පිළියමක් – බලාත්මක කිරීම හෝ ක්‍රියාත්මක කිරීම’ සීමා කරන්නේ නැත.
10. වෙන්කිරීමේ හැකියාව/ නීත්‍යානුකූළ නොවීම
10.1 මෙම එකඟතාවේ යම් වගන්තියක් හෝ විධිවිධානයක්, කිසියම් පැනවීමක් හෝ නීතියක් යටතේ – සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් – ‘නීතිවිරෝධී හෝ බලාත්මක කළනොහැකි’ බවට තීරණය වුණොත්, එම වගන්තිය හෝ ප්‍රතිපාදනය හෝ කොටස – තවදුරටත් මෙම එකඟතාවේ කොටසක් ලෙස නොසලකන නමුත්, එකඟතාවේ ඉතිරි කොටස් බලාත්මක කිරීමට එය බලපාන්නේ නැත.
11. පරම අධිකරණ බලය
11.1. මෙම එකඟතාව සහ මේ යටතේ පිරිනමා ඇති ආරක්‍ෂාව, ‘ශ්‍රී ලංකාවේ නීතිවලට අනුකූලව සෑම ආකාරයකින්ම අර්ථදක්වා – ඒ අනුව පරිපාලනය කළයුතු’ වන අතර, ‘මෙහිදී සමාගම සහ ණය ගැනුම්කරු ‘වැළක්විය නොහැකි ලෙස – මෙයින්’ ශ්‍රී ලංකා අධිකරණයේ – අධිකරණ බලයට සහ යම් රිට් හෝ සිතාසි සේවාවකට හෝ වෙනයම් නෛතික ක්‍රියාමාර්ගයක සේවය පිළිගැනීමට ඉදිරිපත් වේ. එවැනි ඕනෑම ක්‍රියාවක් හෝ ක්‍රියාදාමයක් සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාවලියකට අදාළ – එවැනි ‘රිට් හෝ සිතාසිවල, නොඑසේනම් යම් හිමිකම්පෑමක් හෝ වෙනත් නීතිමය ක්‍රියාවලියකට අදාළ ලේඛණයේ’ පිටපතක්, ‘මුද්දර ගාස්තු කළින් ගෙවා – ලියාපදිංචි තැපෑලෙන් – එකී පාර්ශවකරුවන් වෙත – මෙහි පෙර සඳහන් කළ ලිපින ඔස්සේ යොමුකිරීමෙන්’ එකී පාර්ශ්වයන් – එම කටයුත්ත සඳහා සම්බන්ධ කරගත හැකිය.
11.2.සමාගම ගිවිසුම අත්සන් කරන ස්ථානයේ සහ/හෝ ‘ණය වාරික ගෙවන – සමාගමේ ලියාපදිංචි කාර්යාලයේ/ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයේ දී, මෙම මෙම එකඟතාවට පිවිසුණ බව සැලකේ.
12. දැනුම්දීම්
12.1. මෙම ගිවිසුම යටතේ – සමාගමේ සියලුම ඉල්ලීම්, ‘සමාගම වෙනුවෙන් – එහි බලයලත් නිලධාරීන් විසින්, ණය ගැනුම්කරුගේ නමට යොමුකළ ලිපියක් මගින් ඉදිරිපත් කළහැකි අතර’ – එය තැපෑලෙන් යැවීම හෝ ණය ඉල්ලුම්පත්‍රයේ ණය ගැනුම්කරු විසින් ලබා දී ඇති ‘ණය ගැනුම්කරුගේ ලියාපදිංචි ලිපිනයට’ ගෙනගොස් භාරදීම මගින් හෝ, ණය ගැනුම්කරු විසින් වරින්වර ලිඛිතව දැනුම් දී ඇති පරිදි ඔහු/ඇය වෙත යොමුකළ හැකි අතර; එසේ ‘ලබාදුන් හෝ කරන ලද ඉල්ලීම පිළිබඳ දැනුම්දීම’ – ‘ඉහත කී ලෙස – යොමුකළ, ලබාදුන් හෝ ලැබීමට සලස්වන ලද දිනය හෝ ඊට පසු දිනය – අවස්ථානුකූලව’ එකී දැනුම්දීම, ණය ගැනුම්කරුවාට නිසි ලෙස ලැබුණ දිනය ලෙස සැළකේ.
12.2. ‘ණය ගැනුම්කරුවා, සිය ණය ඉල්ලුම් පත්‍රයේ දක්වා ඇති; ජංගම දුරකථන අංකයට කෙටි පණිවුඩයක් (SMS) මගින් හෝ ඊමේල් ලිපිනයට’- හෝ ණය ගැනුම්කරුවා කලින්කලට ලිඛිතව දැනුම්දෙන ලද ආකාරයකට; සමාගම විසින් එවන ‘අදාළ වන ඕනෑම දැනුම්දීමක්, ඉල්ලීමක් සහ/හෝ සිහිකැඳවීමක්’ – එය ‘විද්‍යුත් පණිවුඩයක් වීම හේතුකොටගෙන – නීත්‍යානුකූල බැඳීමක් ඇතිකරන දැනුම්දීම්, ඉල්ලීම් සහ/හෝ සිහිකැඳවීම් ලෙස සැලකීමට’ – ණය ගැනුම්කරු එකඟත්වය පළකරයි.
12.3. ගෙවීම්/ වන්දි ගෙවීම්/ ව්‍යවස්ථාපිත ගෙවීම්/ සේවා ගාස්තු යන කුමන ආකාරයෙන් සැලකූවත්, ඒ සියලු ගෙවීම් සඳහා ‘ලදුපත් නිකුත් කෙරෙන බවට/ ගෙවීම සනාථ කිරීම් සිදුකෙරෙන බවට’ තවදුරටත් එකඟත්වය පළකරයි.
13. අර්ථදැක්වීම්
13.1. ‘එකඟතාව’
‘ණය ගැණුම්කරු වෙත නිකුත්කළ, මෙම සම්මත නියමයන් සහ කොන්දේසි, ණය ඉල්ලුම්පත්‍රය සහ පිරිනැමීමේ ලිපිය/ ණය පහසුකම් ප්‍රකාශය’ මින් අදහස් වේ.
13.2. ‘ණය පහසුකම’
DF විසින් මෙම එකඟතාවේ වගන්ති යටතේ – සිය පූර්ණ අභිමතය අනුව ප්‍රතිපාදනය කළ ‘ණය පහසුකම’ මින් අදහස් වේ.
13.3. ‘පිරිනැමීමේ ලිපිය/ ණය පහසුකම් ප්‍රකාශය’
‘ණය පහසුකම සඳහා අදාළ – අනුමත පොලී අනුපාතය, ණය මුදලේ වටිනාකම, පැහැරහැරීමේ පොලිය, ගාස්තු සහ අයකිරීම් (තිබේ නම්), ආපසු ගෙවිය යුතු ආකාරය පිළිබඳ නියමයන් සහ යළි අයකරගැනීමේ ක්‍රියාපටිපාටි ඇතුළත් (නමුත්, ඒවාට පමණක් සීමා නොවූ) – ණය ගැනුම්කරුට අනුමත වූ එකී ණය පහසුකමට අදාළ මූලික තොරතුරු අඩංගු ලියවිල්ල’ මින් අදහස් වේ.
13.4. ‘ඉතුරුම් ගිණුම’
‘ණය ගැනුම්කරු විසින් – DF සමඟ විවෘතකළ ඉතුරුම් ගිණුම’ මින් අදහස් වේ.
13.5. ‘පොලිය’
‘ණය පහසුකම මත අයකරන පොලිය’ මින් අදහස් වන අතර, ‘පවතින වෙළෙඳපොළ තත්ත්වයන් මත – ණය ගැනුම්කරුට පූර්ව දැනුම්දීමක් කර – පොලී අනුපාතය වෙනස් කිරීමේ අයිතිය’ DF විසින් රඳවා ගනී.
13.6. ‘ගෙවිය යුතු ණය ප්‍රමාණය’
‘ණය පහසුකම මත – තවදුරටත් ගෙවීමට ඇති – හිඟ ගෙවීම් වටිනාකම’ මින් අදහස් වේ.
13.7. ‘මාසික වාරිකය’
‘ණය පහසුකම යටතේ – මාස්පතා ගෙවිය යුතු වාරිකයේ වටිනාකම’ මින් අදහස් වේ.
මෙම එකඟතාවේ නියමයන් සහ කොන්දේසි, ‘ණය අයදුම්පත සහ සමාගම විසින් ණය පහසුකම අනුමත කිරීමෙන් පසු ඊට අනුයාතව ණය ගැණුම්කරුට නිකුත්කළ ණය පහසුකම් ප්‍රකාශය සමඟ’ ඒකාබද්ධව කියවිය යුතු වන අතර, ඒවා මෙම එකඟතාවේ අනිවාර්ය අංගයක් වේ.