Quick Loan භාවිතා කිරීම පිළිබඳ කොන්දේසි
1. Quick Loan සේවාව
- Quick Loan(මින් ඉදිරියට ‘සේවාව’ ලෙස හැඳින්වේ) යන්නට පහත දැක්වෙන කටයුතු ඇතුළත් වෙන නමුත් – ඒවාට පමණක් සීමා නොවේ:
- සේවාසම්පාදකයා විසින් කලින්කලට හඳුන්වාදෙන ‘ණයක් සහ වෙනත් ඕනෑම ණය පහසුකම් සඳහා’ අයදුම්කිරීම;
- ඔබගේ‘වත්මන් ණය එකඟතාව පිළිබඳ තොරතුරු’ බැලීම;
- අලුත් ණයක්ඉල්ලාසිටීම (‘නැවත-ණය’ ඉල්ලාසිටීම);
- අලුත් ‘ණයඑකඟතාවක්’ ක්‍රියාත්මක කිරීම;
- ‘ඔබගේණයේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු’ බැලීම;
- ‘ඔබගේණයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු’ බැලීම;
- ‘ඔබගේවත්මන් ගෙවීම් කාලසටහන පිළිබඳ තොරතුරු’ බැලීම;
- ‘ඔබගේගනුදෙනු කළ ආකාරයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු’ බැලීම; සහ
- ‘ඔබපිළිබඳ දක්වා ඇති පෞද්ගලික තොරතුරු’ බැලීම.
- ඔබට Quick Loan හෝ සේවා සම්පාදකයා විසින් කලින්කලට පිරිනමන වෙනත් ණයක් පිරිනමන්නේ, සේවා සම්පාදකයාගේ පූර්ණ අභිමතය අනුවයි. හේතුව කුමක් වුනත්, ඔබ ඉල්ලාසිටින ඕනෑම ණයක් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය සේවා සම්පාදකයා සතු වේ.
- ඔබගේ ණය කළමනාකරණය තක්සේරු කිරීම සඳහා – ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ඇති ඔබගේ ණය තොරතුරු වෙත ප්‍රවේශවීමටත්, සේවා සම්පාදකයා විසින් ප්‍රතිපාදනය කළ ණය පහසුකම පිළිබඳ තොරතුරු මාසිකව CRIB වෙත වාර්තා කිරීමටත්; ඔබ විශේෂයෙන්ම සේවා සම්පාදකයා වෙත ඔබගේ අනුමැතිය පළකරයි.
- ඕනෑමඅවස්ථාවක Quick Loan මත – එක (01) සක්‍රීය ණයක් පවත්වාගැනීමට ඔබට අවසරය ලැබේ. ඔබට වෙනත් ණයක් ඉල්ලාසිටිය හැක්කේ, ඔබ විසින් ‘ඊට පෙර ලබාගත් ණය’ සම්පූර්ණයෙන් පියවීමෙන් පසුව පමණි.
- ඔබගේජංගම උපාංගයට Genie බාගතකර, එමගින් ‘සේවාව’ වෙත ප්‍රවේශ වියහැකි වන අතර, ඒ සඳහා කිසිම අමතර ගාස්තුවක් අයකෙරෙන්නේ නැත.
- ඔබගේQuick Loan ගිණුමේ සියලුම සේවා වෙත ‘ඔබට Genie ඔස්සේ ප්‍රවේශවීමට නොහැකිවීමට ඉඩ ඇති බව’ ද ඔබ අවබෝධ කරගනී.
- ඔබට වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා, සේවා සම්පාදකයාගේ රහස්‍යතා ප්‍රතිපත්තියට අනුකූලව – සේවා සම්පාදකයා සතු ඔබේ තොරතුරු භාවිතා කිරීමට, ඔබ සේවා සම්පාදකයාට අනුමැතිය පළකරයි.
2. අප සමඟ ඇති ඔබගේ ගිවිසුම
- මෙම සේවාව වෙත ප්‍රවේශවීමෙන් සහ ‘ඉදිරියට යන්න’ බොත්තම ක්ලික් කිරීමෙන්, ඔබ එකඟතාව කියවා, තේරුම්ගෙන සහ එය පිළිගත් බව සනාථ කරයි. ‘ඔබ සේවාව භාවිතාකරන සෑම අවස්ථාවකම – අඛණ්ඩව අදාළවන මෙම එකඟතාවට’ ඔබ බැඳීසිටී.
- ඔබට ලබාදෙන සෑම ණයක්ම – ‘මෙම එකඟතාවේ ඇමුණුම 1 හි (‘ණය එකඟතාව’ ලෙස හැඳින්වේ) දක්වා ඇති ණය ගිවිසුමේ අන්තර්ගත කොන්දේසිවලට ද’ අමතරව යටත්වේ. ‘ණයක් සඳහා ඔබ ඉදිරිපත් කළ අයදුම්පත – අප අනුමත කළවිට’ ඔබ එකී ණය එකඟතාවේ අඩංගු වගන්ති කියවා, තේරුම්ගෙන සහ ඊට එකඟත්වය පළකළ බව සැලකේ. එසේ ඉල්ලාසිටි ණය මුදල අනුමත වූවිට, එකී ණය මුදල පිළිබඳ විස්තර සහ ඔබේ පුද්ගලික විස්තර අඩංගු ‘ණය එකඟතාව’ – ඔබට Quick Loan ඔස්සේ බැලීමට හැක.
3. ලියාපදිංචි වීම සහ මෙහෙයුම්
- ‘ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කර ඇති – ඔබගේ නම සහ ජංගම දුරකථන අංකවලින්’ සියලු ලියාපදිංචි කිරීම් සිදුකළ යුතුවන අතර, සියලු මෙහෙයුම් ඔබ විසින් තනිව සිදුකළ යුතුය.
- ඔබ ‘මොබයිල් දුරකථනයක් සමඟ සක්‍රීය මොබයිල් දුරකථන අංකයක්’ පවත්වා ගතයුතුය.
- ‘සක්‍රීය ණය මුදලක්’ පවතින තාක් – ඔබ කිසිම අවස්ථාවක ‘පාරිභෝගික ගිණුම මකාදැමීම හෝ අක්‍රිය කිරීම’ සිදුනොකළ යුතුය.
- සේවාව සඳහා අදාළ වන අනුපාතිකය?? හෝ ගාස්තුව, සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ ‘සේවා සම්පාදකයා’ විසිනි.
- ‘ලොග්-ඉන්’ වීමේ තොරතුරු, ඔබගේ මොබයිල් අංකය, ඉල්ලා ඇති ණය මුදල, බැංකු ගිණුම් විස්තර හෝ අදාළවන ගිණුම් විස්තර ද ඇතුළත්ව – නමුත් ඒවාට සීමානොවී, ‘නිවැරදි සහ යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කිරීමට – ඔබ එකඟ වී එහි වගකීම භාරගන්නා අතර; සිදුකරන ලද කිසියම් වැරදි ගනුදෙනුවක් පිළිබඳ සේවා සම්පාදකයා ‘කිසිම ආකාරයකින්’ වගකිවයුතු නොවේ.
- Genie සහ/හෝ Quick Loan වෙත ‘අනවසර පුද්ගලයින් ප්‍රවේශ නොවන බව තහවුරු කිරීමට’ – සැලකිලිමත් වීමේ වගකීම ඔබ තවදුරටත් භාරගනී.
- සේවා සම්පාදකයා, ‘ඔබට අහිමි වූ කිසිම මුදලක් ආපසුගෙවීමේ වගකීමට සහ/හෝ බැඳීමකට’ යටත් නොවේ.
- ‘ඔබ විසින් කළ – ඕනෑම දෝෂ සහිත ගනුදෙනුවක් සහ/හෝ ණය ඉල්ලීමක් – ආපසුහැරවීම හෝ අනවසර ලෙස සැලකීම’ – සේවා සම්පාදකයා විසින් කළයුතු නොවේ.
- මෙම එකඟතාව යටතේ ගිණුම්හිමියාට ඇති අයිතිවාසිකම් සහ වගකීම් කිසිවක්, ‘පැවරීම හෝ වෙනත් ආකාරයකින් බැහැරකිරීමට’ ඔබ කටයුතු නොකළයුතුය. සේවා සම්පාදකයා විසින් ‘මෙම කොන්දේසි යටතේ ඇති අයිතිවාසිකම් සහ වගකීම්’ මාරුකිරීම හෝ පැවරීම සිදුකළහැකි අතර, ඒ පිළිබඳ ඔබට දැනුම්දීමෙන් පසු – එවැනි මාරුකිරීමක් හෝ පැවරීමක් බලාත්මක වේ.
4. ඔබගේ මොබයිල් උපාංගය:
- ඔබගේ ‘පරිශීලක අනන්‍යතා තොරතුරු සහ මුරපදය (‘ගිණුම් තොරතුරු’) ඇතුළුව – ඔබේ මොබයිල් උපාංගයේ’ රැකවරණය සහ පාලනය සඳහා ඔබ සෑමවිටම වගකිව යුතුය. ඔබගේ ‘මොබයිල් උපාංගය සහ ගිණුම් තොරතුරු’ ප්‍රවේසම්කිරීමට සහ ආරක්ෂා කිරීමට සාධාරණ පියවර ගැනීමේ වගකීම ඔබ සතුවේ. ඒ සඳහා ඔබ පහත දැක්වෙන වගකීම් ඇතුළත් වන අතර, ඒවාට පමණක් සීමා නොවේ:
- ඔබගේ මොබයිල් උපාංගයෙන් අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය හැකියාව ඔබට තිබේද යන්න තීරණය කිරීම. Quick Loan වෙත ප්‍රවේශවීමේ දී ඔබේ ‘මොබයිල් වාහකයාගේ සම්මත දත්ත ගාස්තු’ අදාළවේ;
- ඔබගේ මොබයිල් උපාංගය සුරක්ෂිතව ඔබ සතුව තබාගැනීම;
- සෑමවිටම ඔබගේ උපාංගවල තිරය (screen) lock කර හෝ මුරපදයක් (password) දමා තැබීම.
- ඔබේ ‘ගිණුම් තොරතුරු පිළිබඳ’ වාර්තාවක් තබාගැනීමට ඔබ කැමතිනම්, එවැනි තොරතුරු ඔබේ මොබයිල් උපාංගයෙන් වෙන්ව බාහිරව; සහ
- ඔබගේ ගිණුම් තොරතුරු අතිශය රහසිගතව තබාගැනීම.
- ඔබගේ මොබයිල් උපාංගයට පිවිසිය හැකි ඕනෑම අයෙකුට, ‘සේවාව’ නැරඹිය හැක.
- අප විසින් ‘Quick Loan අප්ග්‍රේඩ්, යාවත්කාල හෝ නවීකරණය (‘නවීකරණය කිරීම්’) කළවිට, එහිදී තවදුරටත් අඛණ්ඩව සේවාව වෙත ප්‍රවේශ වී භාවිතාකිරීමට නම් – ඔබ නොපමාව, එකී ‘නවීකරණ’ නිසි ලෙස ස්ථාපනය කිරීමට සිදුවිය හැක.
5. ඔබේ තොරතුරු
- සිය ‘ගනුදෙනුකරුවන් පිළිබඳ දක්වන පෞද්ගලික තොරතුරු’ කලින්කලට එකතුකර යාවත්කාලීන කිරීමට සේවා සම්පාදකයාට අවශ්‍ය වේ.
- ඒ අනුව; ඔබගේ ‘දක්වන පෞද්ගලික තොරතුරුවල’ යම් වෙනසක් – එම සේවා සම්පාදකයාගේ වාර්තාවල නිසිලෙස යාවත්කාලීන කර ඇතිබව තහවුරු කරගැනීමට එකී සේවා සම්පාදකයා විසින් ‘යෝග්‍ය තොරතුරු සහ/හෝ ලියවිලි (එනම්; නවතම ඡායාරූපයක්/ඡායාරූප, අනන්‍යතා සාක්ෂි, ලිපින සනාථකිරීම්, ගිණුම් හිමියා/හිමියන් පිළිබඳ ‘දක්වන පෞද්ගලික තොරතුරු’, බලයලත් අත්සන්කරුවන්, බලයලත් හිමිකරුවන්, ප්‍රතිලාභී හිමිකරුවන්, ආදීය ඇතුළුව – එහෙත් ඒවාට පමණක් සීමා නොවී) සපයන ලෙස ඔබෙන් ඉල්ලාසිටියි.
- නියමිත කාලසීමා තුළ ඉහත ලියවිලි සැපයීමට අපොහොසත්වීම, හෝ වැරදි, අසම්පූර්ණ හෝ අසත්‍ය ලියවිලි ඉදිරිපත්කිරීම නිසා – ඔබේ සේවාවට ප්‍රවේශවීම හෝ ගිණුම/ගිණුම් අත්හිටුවීමට හෝ අවසන්කිරීමට හේතුවිය හැක.
- ‘ඔබට ඒකාබද්ධ සේවාවක් සැපයීම සඳහා, එහි රහස්‍යතා ප්‍රතිපත්තියට අනුකූලව – සිය ඕනෑම උප සමාගමක් සහ/හෝ සමූහ සමාගමක් සමඟ’ සහ/හෝ ‘කිසියම් අපරාධ විමර්ශනයක් සඳහා හෝ කිසියම් අපරාධ නඩු කටයුත්තක් සඳහා සහ/හෝ කිසියම් හිඟමුදලක් අයකරගැනීමේ අරමුණකින් යුතුව රජයේ අධිකාරියක් සමඟ’; එහි ‘දත්තසමුදාගත/ විශේෂිත පාරිභෝගික තොරතුරු හුවමාරු කරගැනීම සඳහා’ – සේවා සම්පාදකයා අයිතිය රඳවාගනී.
6. වගකීමේ සීමාව
- Quick Loanභාවිතාකිරීම හෝ භාවිතා කිරීමට නොහැකිවීම නිසා, හෝ මෙහි ඇති නියමයන් ඔබ උල්ලංඝනය කිරීම නිසා, වරදක්, අතපසුවීමක්, බාධාවක්, දෝෂයක්, ප්‍රමාදයක්, පරිගණක වෛරසයක්, පද්ධති බිඳවැටීමක්, දත්ත නැතිවීම, අනවසර ප්‍රවේශයක් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් උද්ගතවෙන කිසිම ආකාරයක; හානියක්, අලාභයක්, පිරිවැයක්, හිමිකම්පෑමක් හෝ වියදම් (සෘජු, වක්‍ර, අවස්ථානුකූලව විශේෂ, හෝ ප්‍රතිවිපාකයක් ලෙස හෝ දණ්ඩන වන්දි ගෙවීමක් වශයෙන් උද්ගතවෙන ඒවා ද ඇතුළුව) සඳහා අප වගකියනු නොලැබේ.
- ‘ගිවිසුම්ගතව, වධහිංසාපැමිණවීමෙන්, හෝ වෙනයම් ක්‍රියාවක් යන කුමන හෝ කටයුත්තක් නිසා’ හෝ ‘සේවා සම්පාදකයාට – එවැනි වන්දි ගෙවීමකට ඉඩප්‍රස්තාව ගැන – කල්ඇතුව අවවාද කර ඇති අවස්ථාවක දී පවා’ – ක්‍රියාකාරකමේ හේතුව කුමක්වුවත්; ‘එකී කටයුත්ත නොතකා’ – ඉහත සඳහන් කළ ‘වගකීම් සීමාකිරීම’ බලපැවැත්වේ. මෙම විධිවිධානය, ‘Quick Loan භාවිතාකිරීමට ඔබට ඇති අයිතිය අවසන් වීමෙන් පසුව ද’ නොනැසී පවතී.
- (අ) ඕනෑම මෘදුකාංගයක්, දෘඪකාංගයක්, හෝ සේවා සම්පාදකයා ඔබට ලබාදී ඇති තෙවන පාර්ශව යෙදුමක් සහ/හෝ(ආ) පුද්ගලික, පොදු හෝ වෙනත් තෙවන පාර්ශවයක් විසින් ක්‍රියාත්මක කරන ඕනෑම සන්නිවේදන ජාල; භාවිතාකිරීමේ දී ඔබට සිදුවියහැකි අලාභයක් හෝ හානියක් සඳහා – ‘සේවා සම්පාදකයා වගනොකියන බව සහ වගකීමට නොබැඳෙන බව’ ඔබ පිළිගනී.
- හේතුවකුමක් වුණත්; ‘ඔබට ණය ප්‍රදානය කිරීම, ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය’ අප සතුය. සේවා සම්පාදකයාගේ තීරණය – අවසාන තීරණය ලෙස සෑම අවස්ථාවක දීම සැලකේ.
- ‘සේවය’ සහ/හෝ‘ඔබ සහ සේවා සම්පාදකයා අතර ඇති ගිවිසුම’; අවසන් කිරීම හෝ කල්ඉකුත්වීම නොතකා, ඉහත කී හානිපූරණය අඛණ්ඩව පවතී.
7. හිමිකාරිත්වය සහ හිමිකාරත්ව අයිතිවාසිකම්
- ‘සේවාවන්ට පසුබිම්වන – ක්වික් ලෝන් මෘදුකාංගය’මෙන්ම ‘සේවාවලට ප්‍රවේශ වීමට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනෙකුත් මෘදුකාංග’ – ‘සේවා සම්පාදකයාගේ නීත්‍යානුකූල දේපළ බව’ ඔබ පිළිගනී.
- දෘශ්‍යඅතුරුමුහුණත්, දෘශ්‍ය නිර්මාණ, සැලසුම්, සම්පාදන, තොරතුරු, පරිගණක කේත , මෘදුකාංග සේවා සහ සේවා සම්පාදකයා විසින් සපයා ඇති අනෙකුත් සියලුම අංග ‘ප්‍රකාශන හිමිකම්, සැලසුම්, පේටන්ට් සහ වෙළෙඳ ලකුණු නීති මගින්’ ආරක්ෂා කර ඇත.
- ‘කුමන හෝ ආකාරයකින් – Quick Loanවෙත ප්‍රවේශවීමට – සේවා සම්පාදකයා විසින් ලබාදී ඇති යම් අවසරයක්’, එවැනි මෘදුකාංගයක ‘හිමිකාරත්වය හෝ හිමිකාරීත්ව අයිතියක් ප්‍රකාශ කිරීමට’ ඔබට අයිතිය ලබා දී නැත.
- වෙනත් ආකාරයකින් නිශ්චිතව දක්වා නොමැති නම් – සේවා සම්පාදකයාගේ පූර්ව ලිඛිතව ප්‍රකාශිත අවසරයකින්තොරව, ‘Quick Loan තොරතුරු – ‘කිසිදු ආකාරයකින්’ පිටපත් කිරීම, ප්‍රදර්ශනය කිරීම, නවීකරණය කිරීම, අනුවර්තනය කිරීම, සන්නිවේදනය කිරීම හෝ නැවත ප්‍රකාශයට පත්කිරීම – නොකළයුතුය. ඔබට, ‘පුද්ගලික සහ වාණිජ නොවන අරමුණු’ සඳහා Quick Loan භාවිතාකිරීමට පමණක් අයිතිය ඇත. ප්‍රකාශිතව ලබානොදෙන සියලුම හිමිකම් ඇවිරිණි. අනෙකුත් සියලුම සමාගම් නාම, නිෂ්පාදන නාම සහ ලාංඡන, ‘සේවා සම්පාදකයාගේ – වෙළෙඳ ලකුණු හෝ ලියාපදිංචි වෙළෙඳ ලකුණු’ වේ.
8. එකඟතාව නිර්මාණය කරන කොන්දේසි සහ ඒ සඳහා වෙනස්කම්
- Quick Loanවෙත අදාළ තොරතුරු ඇතුළත් කිරීමෙන් සහ ‘ඉදිරියට යන්න’ බොත්තම ක්ලික් කිරීමෙන්, ඔබ මෙම ගිවිසුමට බැඳෙයි.
- සේවාසම්පාදකයා අයකරන ගාස්තු සහ පොලී, ඔබ විසින් සලකාබැලූ බව ඔබ තවදුරටත් තහවුරු කරයි.
- අප – ඕනෑමඅවස්ථාවක, මෙම එකඟතාවේ විධිවිධාන වෙනස්කිරීමට හෝ එකතුකිරීමට ඉඩ ඇත. Quick Loan හි දැන්වීමක් පළකිරීමෙන් හෝ ඔබ වෙත දැනුම්දීමක් එවීමෙන් හෝ වෙනයම් ආකාරයකින් (මින් ඉදිරියට ‘දැනුම්දීම’ ලෙස හැඳින්වේ), මෙම එකඟතාවට කරන යම් එකතුකිරීම් හෝ වෙනස්කිරීම් පිළිබඳ අප ඔබට දැනුම්දෙයි. අප ඔබට දැනුම්දීම කළ පසු, මෙම එකඟතාව සංශෝධිත ලෙස සලකන අතර, දැනුම්දීම බලාත්මක වන දිනයේ සිට – ඔබ එකී වෙනස්කම් පිළිගෙන ඇති ලෙස සැලකේ. ඔබ සංශෝධිත එකඟතාවට එකඟනොවේ නම්, Quick Loan භාවිතාකිරීම නැවැත්විය යුතුය. සේවා සම්පාදකයා දැනුම්දීමෙන් පසුවත් Quick Loan අඛණ්ඩව භාවිතාකිරීමෙන්, ඔබ – මෙම සංශෝධිත එකඟතාව යටතේ ඉදිරිපත් කර ඇති – නව හෝ සංශෝධිත නියමයන් හා කොන්දේසිවලට එකඟ වී ඒවා පිළිගත් ලෙස සැලකේ. ඔබට මෙම එකඟතාවේ වඩාත්ම යාවත්කාලීන අනුවාදය ඕනෑම වේලාවක Quick Loan හිදී බැලීමට හැක.
9. ‘මොබයිල් උපාංගය, නැතිවීම හෝ සොරකම් කිරීම’ සහ ‘ඔබේ පරිශීලක තොරතුරු වෙත අනවසර ප්‍රවේශය’
9.1. ‘ඔබගේ මොබයිල් උපාංගය නැතිවී හෝ සොරකම් කර ඇතිබවට – ඔබ සැකයක් ඇත්තේ නම්’, හෝ ‘ඔබගේ ගිණුම් තොරතුරු, වෙනත් අයෙකුට දැනගැනීමට හැකිවී ඇති බවට හෝ වෙනත් අනවසර භාවිතයක් හෝ ආරක්ෂක කඩවීමක් සිදුවී ඇතිබවට – ඔබට සැකයක් ඇත්තේ නම්’; ඔබ ඒ බව වහාම සේවා සම්පාදකයාට දැනුම් දියයුතුය. එලෙස ‘වහාම දැනුම්දීමක් නොකිරීමෙන්’ – ‘ඔබගේ ගිණුමට සහ/හෝ වෙනත් පුද්ගලික තොරතුරුවලට අනවසරයෙන් ප්‍රවේශවීමට මෙන්ම ඔබගේ Quick Loan ගිණුම ඔස්සේ අනවසර ගනුදෙනු සිදුකිරීමට’ – හේතුවිය හැක.
10. ඔබගේ මොබයිල් උපාංගය භාවිතයෙන් ඉවත් කිරීම
- ඔබඔබේ ජංගම උපාංගය විකිණීමට, වෙනත් අයෙකුට දීමට හෝ ඉවත දැමීමට පෙර; ඔබ Genie මකාදැමිය යුත්තේ – ඔබ එසේ නොකළොත්, එය ඔබගේ Genie/ Quick Loan ගිණුම ඔස්සේ, ‘අනවසර ගනුදෙනු සිදුකිරීමට – ඔබගේ ගිණුම් තොරතුරු සහ/හෝ වෙනත් පුද්ගලික තොරතුරු ලබාගැනීමට භාවිතාකළ හැකි නිසයි
11. තහනම් කටයුතු
- පහත සඳහන් කටයුතු, ඔබවිසින් නොකළයුතුය:
- මෙමඑකඟතාවේ දක්වා ඇති සේවා සඳහා හැර, වෙනත් අරමුණු සඳහා Quick Loan භාවිතාකිරීම.
- ‘ඕනෑමපුද්ගලයෙකු හෝ ආයතනයක් ලෙස පෙනීසිටීම’, ‘වෙනත් ගනුදෙනුකරුවන්ගේ පරිශීලක ගිණුම්වලට, ඔවුන්ගේ ප්‍රකාශිත අවසරයකින් තොරව ප්‍රවේශවීම’ හෝ ‘වෙනත් ඕනෑම ගනුදෙනුකරුවෙකු/කරුවන්ට එරෙහිව – වෙනත් කිසිම ආකාරයක වංචනික ක්‍රියාකාරකමක් සිදුකිරීම.
- ‘ඕනෑමනීතිවිරෝධී අරමුණක් සඳහා’ හෝ ‘බුද්ධිමය දේපළ, දත්ත ආරක්ෂණය, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මූල්‍යකරණය, නීතිවිරෝධී සූදු, ත්‍රස්තවාදය සහ බදු නීතිවලට බලපාන ඕනෑම නීතියක් ඇතුළුව – එහෙත් ඒවාට සීමානොවී – ඕනෑම දේශීය නීති හෝ ජාත්‍යන්තර නීතියක් උල්ලංඝනය කිරීම සඳහා’ ; Quick Loan සහ එහි සේවා භාවිතාකිරීම හෝ ණයක් ඉල්ලීම
- සේවාසම්පාදකයාගේ පූර්ව අනුමැතිය සහ අවසරයකින් තොරව – ‘Quick Loan සහ තොරතුරු නිරීක්ෂණය කිරීමට හෝ පිටපත්කිරීමට’; ඕනෑම ආකාරයක ස්වයංක්‍රීය උපාංගයක් හෝ හස්ත ක්‍රියාවලියක් භාවිතාකිරීම.
- වෙනත්පාරිභෝගිකයින්ට හෝ සේවා සම්පාදකයාට ‘අනවශ්‍ය ආකරයේ දීමනා, වෙළඳ දැන්වීම් සහ යෝජනා හෝ කරදරකාරී (ස්පෑම්) ඊමේල් යැවීම.
- ‘විමර්ශනයක් සඳහා සහයෝගීවකටයුතු කිරීම’ ප්‍රතික්ෂේප කිරීම.
- Quick Loanහි ආරක්‍ෂාවට සම්බන්ධ විශේෂාංග; ඉවත්කිරීම, මගහැරීම, අක්‍රීය කිරීම, හානි කිරීම හෝ වෙනත් ආකාරයකින් මැදිහත්වීම.
12. ආරක්ෂාව
- ‘ඔබගැන හෝ ඔබේ ගිණුම් තොරතුරු ගැන පුද්ගලික තොරතුරු’ හෙළිකරන ලෙස ඉල්ලාසිටින කෙටි පණිවුඩ, ඊමේල් හෝ වෙනත් අන්තර්ජාල ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදක්වන්න. අපි කිසිවිටෙකත්, ඔබගේ ‘මුරපදය, ගිණුම් අංක ආදිය ඉල්ලා’ ඔබට අනිසි පණිවිඩ එවන්නේ නැත. ‘ඔබගේ සේවාව සක්‍රීය කිරීමට හෝ ප්‍රතිෂ්ඨාපනය කිරීමට’ අප කිසිවිටෙක අනිසි පණිවිඩ ඔස්සේ, ඔබෙන් ඉල්ලාසිටින්නේ නැත.
- ඔබ, ‘ඔබේගිණුම් තොරතුරු සමාලෝචනය කළයුතු අතර’, ඒවායේ ඇති ඕනෑම වරදක් – නොපමාව වාර්තා කළයුතුය.
13. රේඛීය දත්ත කළමනාකරණය:
- Quick Loanගිණුම; ‘ඔබගේ නම, ලිපිනය, මොබයිල් දුරකථන අංකය, උපාංගයේ නම, බැංකු විස්තර’ සහ ‘ඔබගේ Quick Loan භාවිතයට අදාළ අනෙකුත් තොරතුරු ඇතුළුව, නමුත් ඒවාට සීමානොවී – ගිණුම් ප්‍රකාශන සහ ණය ලියවිලි (මේවා සාමූහිකව, ‘ජංගම දත්ත’ ලෙස හැඳින්වේ) ද ඇතුළුව – ඔබගේ පුද්ගලික දත්ත රැස්කරයි.
- සේවාසම්පාදකයා, එහි රහස්‍යතා ප්‍රතිපත්තියට අනුකූලව – පුද්ගලික දත්ත රැස්කරයි. කරුණාකර, ‘සේවා සම්පාදකයාගේ රහස්‍යතා ප්‍රතිපත්තිය’ සමාලෝචනය කරන්න.
- Quick Loanවෙත ප්‍රවේශවීමෙන් සහ ‘ඉදිරියට යන්න’ බොත්තම ක්ලික් කිරීමෙන් – ඔබ, ‘සේවා සම්පාදකයා විසින් – ඔබේ පුද්ගලික තොරතුරු රැස්කිරීම සහ භාවිතාකිරීමට – එකඟත්වය පළකරන අතර’, ඔබ සේවා සම්පාදකයාගේ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවා, පිළිගෙන ඇතිබව මෙහිදී සනාථ කරයි.
14. සීමිත බලපත්‍රය
- ඔබගේ පාලනයයටතේ ඇති මොබයිල් උපාංගයක ‘Quick Loan භාවිතාකිරීමට’ ඔබට – සීමිත, අවලංගු කළහැකි, පැවරිය නොහැකි, සුවිශේෂී නොවන බලපත්‍රයක් ලබාදී ඇත. සේවා සම්පාදකයාට – ඕනෑම වේලාවක සහ කිසිම හේතුවක් ඇතිව හෝ නැතිව – මෙම බලපත්‍රය අවසන් කළහැක. ‘Quick Loan භාවිතා කිරීමට ඔබට බලපත්‍රයක් ලබාදී ඇති නමුත්, එය ඔබට විකුණා නැත. ‘Quick Loan’ – කුලියට දීම, බදුදීම, ණයටදීම, විකිණීම, යළි බෙදාහැරීම හෝ උපබලපත්‍ර දීම – ඔබ විසින් නොකළයුතු ය. සේවා සම්පාදකයා – එහි පිටපත් සහ කොටස් ඇතුළුව, ‘Quick Loan සඳහා ‘සියලු හිමිකම්, හිමිකාරීත්වය සහ ඇල්ම රඳවාතබාගැනීම පිළිබඳ’ ඔබ එකඟත්වය පළකරයි. Quick Loan හෝ එහි කිසියම් කොටසක ‘ප්‍රභව කේතය – වියෝජනය කිරීමට, නවීකරණය කිරීමට, හෝ ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කළ නොහැක. නීතිවිරෝධී, වංචනික හෝ වෙනත් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන කිසිම අරමුණක් සඳහා, ඔබට Quick Loan භාවිතාකළ නොහැක. සේවා සම්පාදකයා විසින් ඔබට දැනුම්දුන් විට; වෙනත් ඕනම අවශ්‍යතා, අවහිරකිරීම් හෝ සීමාවන්ට අනුකූලවීමට ඔබ එකඟත්වය පළකරයි. ඔබේ Genie භාවිතයට අදාළව, තෙවන පාර්ශවයක් විසින් (ඔන්ලයින් වෙළඳසැල, ඔබේ මොබයිල් උපාංග සම්පාදකයා හෝ ඔබේ මොබයිල් සේවා වාහකයා ඇතුළුව) පනවන ‘ඕනෑම අවශ්‍යතා, අවහිරකිරීම් හෝ සීමාවන්ට අනුකූලවීමට ද’ ඔබ තවදුරටත් එකඟත්වය පළකරයි.
- ඔබ‘මෙම එකඟතාව, හෝ ඔබේ Quick Loan, Genie සහ/හෝ Genie මත භාවිතාකරන වෙනත් සේවා නිමැවුම් භාවිතාකිරීමට බලපවත්වන නියමයන් සහ කොන්දේසිවලට’ අනුකූලවීමට අපොහොසත් වුවහොත්; සේවා සම්පාදකයා විසින් – ඔබට දැනුම්දීමකින් තොරව – ඕනෑම අවස්ථාවක, ‘සේවාව අත්හිටුවීමට හෝ අවසන් කිරීමට’ ඉඩ ඇත.
15. අනුමැතිය සහ තහවුරුකිරීම
- සේවාසම්පාදකයාට පාලනය කළනොහැකි, දූෂිත හෝ, සේවාවේ ‘පරිපාලනයට, ආරක්ෂාවට සහ සැපයීමට’ බලපෑ හැකි තත්ත්ව උද්ගත වුවහොත්, ‘සිය පූර්ණ අභිමතය පරිදි – සේවාව අවලංගු කිරීමට, අවසන් කිරීමට, වෙනස් කිරීමට හෝ අත්හිටුවීමට’; සේවා සම්පාදකයා අයිතිය පවත්වාගනී.
- පහත සඳහන් කටයුතු සඳහා, වැලැක්විය නොහැකි ලෙස – ඔබමෙයින් සේවා සම්පාදකයාට බලය පවරයි:
- ඔබගේගිණුම, මෙම සේවාවට සම්බන්ධ කිරීමට (අවශ්‍ය පරිදි)
- ‘අදාළවන නීතියට මෙන්ම අපගේ රහස්‍යතා ප්‍රතිපත්තියට අනුකූලව’, ‘ඔබගේ ඕනෑම පරිශීලක ගිණුමක ඇති ඕනෑම තොරතුරක්; ණය සමාලෝචන අරමුණ සඳහා හෙළිදරව්කිරීම ඇතුළුව නමුත් ඊට සීමානොවී – අවශ්‍යතාවේ පරිදි ‘පහත දැක්වෙන පාර්ශව වෙත – හෙළිකිරීමට සහ/හෝ ඒ පාර්ශව සමග හුවමාරු කරගැනීමට’ ;
- සමූහ සමාගම, මව්සමාගම, එහි උප සමාගම් සහ/හෝ අනුබද්ධ ආයතන
- එහිවිගණකවරුන්, වෘත්තීය උපදේශකයින් හා සේවා සම්පාදකයාට ‘රහස්‍යභාවයේ කාර්යයක් යටතේ ඒවා ලබාදිය යුතු – වෙනත් ඕනෑම පුද්ගලයෙකු (පුද්ගලයන්)’ වෙත
- සේවා සම්පාදකයාගේ ‘නඩත්තු කරන්නන් හෝ සේවා සපයන්නන්’
- ඕනෑම නියාමන සහ/හෝ රාජ්‍ය ආයතනයක්.
- සේවා සම්පාදකයා සමඟ ‘ගිවිසුම්වලට එළඹෙන’ හෝ ‘සේවා සැපයීම සඳහා ගිවිසුම්වලට එළඹීමට යෝජනා කරන’ වෙනත් ඕනෑම පුද්ගලයෙක්.
- සේවා සම්පාදකයා සමග – ‘සේවයේ නියුක්තව සිටින හෝ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන’ ඕනෑම පුද්ගලයෙක්.
- ඔබ අවලංගු කළනොහැකි ලෙස තහවුරුකරන්නේ:
- මෙහිසපයා ඇති තොරතුරු, සත්‍ය සහ නිරවද්‍ය වන අතර එය ඔබගේ පුද්ගලික තොරතුරු මිස වෙනත් තෙවන පාර්ශ්ව පුද්ගලයෙකුගේ නොවේ (කල්පිත හෝ වෙනත් ආකාරයක).
- ‘මෙම සේවාව සඳහා ලබාදී ඇති මොබයිල් අංකය’ – ඔබගේ නම යටතේ ලියාපදිංචි කර ඇති අතර, එකී මොබයිල් අංකයේ සැබෑ පරිශීලකයා ඔබ මිස අන් කිසිවෙකු නොවේ.
16. අවසන් කිරීම
- සේවාසම්පාදකයා වෙත ගෙවියයුතු – ‘දැනට පවතින සියලුම ණය සහ ඒ සඳහා උපචිත පොලිය සම්පූර්ණයෙන් ගෙවා’; ඔබට ඕනෑම වේලාවක – මෙම සේවා ‘ලබාගැනීමෙන් සහ භුක්ති විඳීමෙන් ඉවත්වීමට’ – ඔබට නිදහස ඇත.
- ඔබඉවත්වීමෙන් පසු, සියලුම Quick Loan විශේෂාංග සහ ඕනෑම කොටසක් භාවිතාකිරීම නැවැත්විය යුතුය.
- සේවාසම්පාදකයා – ඔබට පූර්ව දැනුම්දීමකින් තොරව; ‘කිසියම් නඩත්තු කටයුත්තක් හෝ අලුත්වැඩියාවක් කිරීමට සිදුවන ඕනෑම අවස්ථාවක දී’ හෝ ‘යම් හදිසි අවස්ථාවක දී’ හෝ ‘ආරක්ෂක හේතූන් මත’ – සේවාව අත්හිටුවීමට ඉඩඇත.
- සිය පූර්ණ අභිමතයමත – ඔබට පූර්ව දැනුම්දීමක් නොකර, ඕනෑම අවස්ථාවක; සේවා සම්පාදකයා ‘තාවකාලිකව හෝ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන්’ සේවාව අවසන් කිරීමට ඉඩඇත.
- කෙසේවෙතත්, ‘එවැනි සේවා අත්හිටුවීම සහ/හෝ අවසන් කිරීම පිළිබඳ – සාධාරණ දැනුම්දීමක් ලබාදීමට’; සේවා සපයන්නා හැකිතාක් දුරට උත්සාහ කළයුතුය.
17. Force Majeure (මැඩලිය නොහැකි බලය)
- Force Majeure (මැඩලිය නොහැකි බලය) ආකාරයේ සිදුවීමක් නිසා – සේවා සම්පාදකයාගේ කටයුතු නිසිලෙස කළනොහැකිවීම, අවහිරවීම හෝ ප්‍රමාදවීම හේතුවෙන්; ‘මෙම එකඟතාව යටතේ ඇති වගකීම් කිසිවක් ඉටුකිරීමට අපොහොසත්වීම පිළිබඳ’ සේවා සම්පාදකයා වගකිවයුතු නොවන අතර, එකී Force Majeure (මැඩලිය නොහැකි බලය) සිදුවීම අඛණ්ඩව පවතින තාක්, එම ‘වගකීම් ඉටුකිරීමට ඇති බැඳීම’ අත්හිටුවයි.
- මෙමවගන්තියේ අරමුණ සඳහා ‘Force Majeure/ මැඩලිය නොහැකි බලය’ යනුවෙන් අදහස් වෙන්නේ – ඒවාට සීමානොවී; රජයේ තීරණය, ප්‍රකාශ කළ හෝ නොකළ යුද්ධය, එදිරිවාදකම්, මහජනසතුරාගේ ක්‍රියාව, කඩාකප්පල්කාරී සිවිල් අරගල, ගින්න, සුළිසුළං, ගංවතුර හෝ ඕනෑම ස්වාභාවික විපතක්, පිපිරීම්, වසංගත, නිරෝධායන අවහිරකිරීම්, සාමාන්‍ය විශ්වාසනීය මූලාශ්‍රවලින් (විදුලිය, ජලය, ඉන්ධන ඇතුළුව නමුත් ඒවාට පමණක් සීමානොවී) සැපයුම් ලබාගැනීමට ඇති බාධා, වර්ජන සහ පිටගුළු ලෑම හෝ අදාළ පාර්ශ්වයේ ‘සාධාරණ පාලනය ඉක්මවාගිය වෙනත් ඕනෑම’ සිදුවීමකි.
18. බලපවත්වන නීතිය සහ අධිකරණ බලය
- ශ්‍රී ලංකාවේ නීති මගින්, මෙම එකඟතාව පාලනය වේ.
- මෙමඑකඟතාවෙන් පැනනගින ‘ඕනෑම නෛතික කටයුත්තක් හෝ ක්‍රියාදාමයක්’ – ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ‘අදාළ උසාවි හෝ විනිශ්චය සභා වෙත ඉදිරිපත් කළයුතු බවට’ පාර්ශ්ව මෙයින් එකඟවෙයි.
2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු – සංශෝධිත පනතේ ප්‍රකාරව ඔබ විසින් අත්සන් කර ඇත.
ඇමුණුම 1
ණය එකඟතාව
මෙම කාලීන ණය එකඟතාව ඇතිවෙන්නේ, ‘ශ්‍රී ලංකාවේ නිසි ලෙස සංස්ථාපනය කළ සමාගමක් වන (සමාගම PB 765 PQ) සහ එහි ලියාපදිංචි කාර්යාලය අංක 475, යුනියන් පෙදෙස, කොළඹ 02 හි ලියාපදිංචි කර ඇති DIALOG FINANCE PLC (මින් ඉදිරියට ‘සමාගම’ ලෙස හඳුන්වන – මෙහිදී භාවිතාකළ එකී පදයෙන් හෝ ප්‍රකාශනයෙන් අවස්ථානුකූලව හෝ පිළිගන්නා විට, එකී Dialog Finance PLC සහ එහි අනුප්‍රාප්තිකයින් සහ අනුමත පැවරුම්ලාභීන් ඇතුළත්ව) – සහ – ණය ගැනුම්කරුවා අතර, මෙහි දක්වා ඇති කාලීන පුද්ගලික ණය පහසුකමේ නියමයන් සහ කොන්දේසිවලට යටත්ව ය.
තවද ‘සමාගම’ – බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස ව්‍යාපාර කරගෙන යන අතර සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල දී, ‘තම ගනුදෙනුකරුවන්ට මුදල් ණයට දීම සහ/හෝ මූල්‍ය පහසුකම් ප්‍රතිපාදනය කිරීම’ සිදුකරයි.
තවද, එකී ණය ගැනුම්කරුවා ‘සමාගමෙන්’ පුද්ගලික අරමුණු සඳහා මූල්‍ය පහසුකමක් ඉල්ලුම්කර ඇති අතර, එකී සමාගම මෙහි වඩාත් පරිපූර්ණ ආකාරයෙන් දක්වා ඇති නියමයන් සහ/හෝ කොන්දේසිවලට යටත්ව එකී මූල්‍ය පහසුකම ප්‍රතිපාදනය කිරීමට එකඟවිය.
සමාගම සහ ණය ගැණුම්කරුවා, තනි තනිව ‘පාර්ශ්වය’ ලෙසත් සාමූහිකව ‘පාර්ශ්ව’ ලෙසත් හඳුන්වයි.
1. අරමුදල් නිකුත්කිරීම
- සමාගම විසින් මෙහි උපලේඛනයේ වඩාත් විස්තර කර ඇති ලෙස මූල්‍ය පහසුකමක් ලබාදියයුතු වන අතර, එකී මුදල් – ණය ගැනුම්කරු, ‘සමාගම සමඟ පවත්වාගෙන යන ඉතුරුම් ගිණුමට හෝ ණය ගැනුම්කරු විසින් දැනුම්දෙන එවැනි වෙනත් ගිණුමකට’ අරමුදල් නිකුත්කිරීම කළයුතුය.
- පාර්ශවඅතර‘මීට පටහැනි ඕනැම ආකාරයක විධිවිධානයක් හෝ ලියවිල්ලක් තිබුණත්, එය නොසළකා’ – ‘ඉහත කී මුදල සහ ‘2 වැනි වගන්තියේ (ගෙවීම්) විස්තර කර ඇති අනෙකුත් සියලුම ගාස්තු’ සමාගම වෙත ආපසු ගෙවියයුතු බව’ ණය ගැනුම්කරු මෙයින් ප්‍රකාශිතව එකඟවෙන අතර; ‘වාරික වශයෙන් ආපසුගෙවීම සඳහා, ණය ගැනුම්කරුට අනුමැතිය දී ඇති – සියලු විධිවිධාන හෝ අවස්ථා හෝ අවසරදීම්’ ‘ආපසු ගෙවිය යුතුය යන ප්‍රධාන/මූලික වගකීමට යටත්’ වේ.
- ‘මේ යටතේ – ණයගැනුම්කරු, සමාගම වෙත ගෙවිය යුතු මුදල ලෙස’ විදහා දක්වන; ‘සමාගමේ තොරතුරු පද්ධතිවලින්, හෝ වෙනත් ලියවිලි ආදියෙන් ලබාගෙන – සමාගමේ ඕනෑම බලයලත් නිලධාරියෙකු අත්සන් සහ/හෝ සහතික කළ; ඕනෑම ලිඛිත ප්‍රකාශන උධෘතයක් හෝ වෙනත් ආකාරයක ලියවිල්ලක්’ – ‘ඒ බව සනාථ කිරීමට උපකාර වෙන වෙනත් කිසිම ලියවිලි හෝ වවුචර නොමැතිව’ – ‘එහි අන්තර්ගතය – ණය ගැනුම්කරුට එරෙහිව තීරණාත්මක සාක්ෂියක් සහ නීති කටයුතු සඳහා ප්‍රමාණවත් වන අතර’; ‘එහි දක්වා ඇති මුදල’ – ‘මේ යටතේ – ණය ගැනුම්කරු ගෙවියයුතු මුදල සනාථ කරන තීරණාත්මක සාක්ෂියක් ලෙස – ණය ගැනුම්කරුට එරෙහිව යොදාගත හැකිබව පිළිගන්නා බවට ද’ ණය ගැනුම්කරු වැඩිදුරටත් එකඟත්වය පළකරයි.
2. ගෙවීම්
- ‘සමාගම මෙම ණය පහසුකම සඳහා සේවා සැපයීම වෙනුවෙන් – ණය ගැණුම්කරුගේ ණය මුදලට හර කරන ගාස්තු’ ණය ගැනුම්කරු විසින් ගෙවියයුතු වන අතර, ‘සමාගම විසින් ඉදිරිපත් කර ඇති ඕනෑම ශාඛාවක් සහ/හෝ ගෙවීම් නාලිකාවක් ඔස්සේ කරන ගෙවීම්’ – සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය වෙත කළ ගෙවීමක් ලෙස සැලකේ.
- ‘ණයගැනුම්කරුවිසින් ගෙවියයුතු’ සහ ‘ගෙවියයුතු මාසික වාරික පියවීමේ කිසියම් ප්‍රමාදයක් සහ/හෝ පැහැරහැරීමක්’; මෙම එකඟතාවේ ‘ගෙවීම් පැහැරහැරීමේ නියමයන් සහ කොන්දේසිවලට’ අනුකූල වේ.
- ණයගැනුම්කරුට කිසිම විටෙක;‘ගෙවීම් පිළිබඳ වගන්ති අනුව – මාසික වාරිකය පියවීමේ වගකීමෙන්’ ඉවත්විය නොහැක.
3. නියමයන් සහ කොන්දේසි
තවද, පහත සඳහන් කරුණුවලට අනුකූල වීමට, ණය ගැනුම්කරු මෙයින් එකඟවේ :
- මෙම ණය පහසුකම සම්පූර්ණයෙන් පියවන තුරු, ‘සමාගම සමඟ පවත්වාගන්නා – ණය ගැණුම්කරුවන්ගේ ඉතුරුම් ගිණුමේ ඇති අරමුදල්’ – රඳවා තබාගැනීමේ අයිතිය සමාගම සතුවන බවට ණය ගැනුම්කරු සිය එකඟත්වය පළකරයි.1.මෙම ණය පහසුකම සම්පූර්ණයෙන් පියවන තුරු, ‘සමාගම සමඟ පවත්වාගන්නා – ණය ගැණුම්කරුවන්ගේ ඉතුරුම් ගිණුමේ ඇති අරමුදල්’ – රඳවා තබාගැනීමේ අයිතිය සමාගම සතුවන බවට ණය ගැනුම්කරු සිය එකඟත්වය පළකරයි.
- පහත සඳහන් ගාස්තු සහ, ‘සමාගම විසින් මෙම ණය මුදල පිරිනැමීම වෙනුවෙන්, ණය ගැනුම්කරුගේ ණය ගිණුමට හර කෙරෙන වෙනත් ගාස්තු’ ; ණය ගැනුම්කරු විසින් ගෙවිය යුතුය;
- සාමාන්‍ය සහ දඩ පොලිය මත කරන අයකිරීම්.
- අදාළවේ නම්, තැපැල්ගාස්තු සහ අනෙකුත් හැසිරවීමේ ගාස්තු.
- අදාළවේ නම්, තක්සේරුවිමර්ශනකිරීම් සහ වෙනත් ආනුශංගික ගාස්තු.
- රජයහෝ වෙනත් ව්‍යවස්ථාපිත ආයතනයක් විසින්, ‘බදු හෝ වෙනත් ආකාරයකින් පනවන’ ඕනෑම ව්‍යවස්ථාපිත ගෙවීමක්.
- නීතිගාස්තු
- ‘ණයගැනුම්කරුගෙන් සමාගමට අයවිය යුතු මුදල්’ අයකරගැනීම සඳහා, සමාගම විසින් දරන අනෙකුත් සියලුම ආකාරයේ වියදම්.
- ‘ණය ගැනුම්කරු විසින් ගෙවියයුතු’ සහ ‘ගෙවියයුතු මාසික වාරික පියවීමේ කිසියම් ප්‍රමාදයක් සහ/හෝ පැහැරහැරීමක්’; මෙම එකඟතාවේ ‘ගෙවීම් පැහැරහැරීමේ නියමයන් සහ කොන්දේසිවලට’ අනුකූල වේ.
- පහත සඳහන් සිදුවීමක් උද්ගත වූවිට – ණය ගැනුම්කරු වහාම ඒ බව සමාගමට දැනුම්දිය යුතුවන අතර, සමාගම ඉල්ලාසිටින්නේ නම් – ‘ණය ගැනුම්කරු විසින් සමාගමට ගෙවීමට නියමිත – හිඟ ණය මුදල’ සම්පූර්ණයෙන් පියවිය යුතුය;
- ඔහුගේ/ඇයගේමූල්‍ය තත්ත්වයේ ‘යම් සැලකියයුතු වෙනස්වීමක්’ සිදුවේ නම් හෝ අපේක්ෂා කෙරේ නම්.
- ‘ඔහුගේ/ඇයගේමූල්‍ය ධාරිතාවයට බලපෑමට හේතුවිය හැකි’ සහ ‘ණය ගැනුම්කරු සම්බන්ධ වියහැකි’ ඕනෑම නඩු කටයුත්තක් පිළිබඳ නිශ්චිත තොරතුරු
- ඔහුගේ/ඇයගේසේවානියුක්තිය අවසන්වීමක් හෝ ඉල්ලාඅස්වීම, හෝ ඒ හා සමාන සිදුවීමක්
- ණය ගැනුම්කරු විසින් සමාගමට අවලංගු කළනොහැකි ආකාරයෙන්, ණය ගැනුම්කරුට දැනුම්දීමකින් තොරව පහත සඳහන් කාරණා කිරීමට සඳහා බලය පවරයි;
- ‘මෙමණය පහසුකමේ ගිණුම’ – ණය ගැනුම්කරුගේ අනෙකුත් සියලුම හෝ යම් ගිණුම් හෝ තැන්පතු (කාලීන හෝ ඉල්ලුම) සමඟ ඒකාබද්ධ කිරීමට; සහ
- ‘ණයගැණුම්කරුගේ බැරට ඇති සියලුම මුදල්’ මාරුකිරීමට සහ අනුපාතිකව යොදාගැනීමට සහ එවැනි ‘නිර්බාධිත අයිතිය සහ එම අයිතිය ක්‍රියාත්මක කිරීමේ දිනයේ දී හෝ ඊට පෙර – ණය ගැනුම්කරු විසින් ඉල්ලාසිටි ‘ගෙවීම් හිමිකම්, ආපසුගැනීම් හෝ වෙනත් එවැනි ලේඛනවලට’ අගරුකිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමටත් – ‘ණය ගැනුම්කරුගේ එවැනි ක්‍රියාවක් නිසා – අයිතියක් හෝ අධිකාරියක් ක්‍රියාත්මක කිරීම’ හෝ, ‘නොඑසේනම් ණය ගැනුම්කරුගේ නමට ඇති ඕනෑම ගිණුමක් වසාදැමීමේ මට්ටම දක්වාම’ සහ, ඒවැන්නක ප්‍රතිඵලයක් ලෙස සමාගම වෙත උද්ගත වියහැකි සියලු හිමිකම් හෝ ඉල්ලීම්වලට ද එරෙහිව – සමාගම හානිපූරණය කිරීමට ණය ගැනුම්කරු කටයුතු කරයි.
- ‘සමාගම විසින් ඉහත ණය මුදල ප්‍රතිපාදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ණය ගැනුම්කරු විසින් ගෙවිය යුතු මුදල් වටිනාකම විදහාදක්වන’ – සහ – ‘සමාගමේ පොත් සහ ලියකියවිලිවලින් ලබාගෙන කළමනාකරු හෝ ගණකාධිකාරී විසින් අත්සන් කර සහතික කළ’ ‘ඕනෑම ප්‍රකාශනයක්, උපුටාගැනීමක්, ලේඛණයක් හෝ වෙනත් ලියකියවිලි’; ණය ගැනුම්කරු විසින් – ‘සමාගම වෙත ගෙවිය යුතු වටිනාකම පිළිබඳ තීරණාත්මක සාක්ෂියක් ලෙස’ – සමාගම විසින් වෙනත් කිසිම අමතර ලේඛනයක් හෝ වවුචරයක් නොමැතිව; ඕනෑම අධිකරණයකට හෝ ඕනෑම විනිශ්චය සභාවකට හෝ ආයතනයකට හෝ ව්‍යවස්ථාපිත නිලධාරියෙකුට ඉදිරිපත් කළහැක.
- ඉහත ණය පහසුකම සහ ඒ සඳහා පොළියට අදාළව ණය ගැනුම්කරු ‘සමාගම වෙත ගෙවිය යුතු මුදල්’, කාලාවරෝධ ආඥාපනත (68 ඡේදය) නොතකා – ණය ගැනුම්කරුගෙන් අයකර ගතයුතු අතර; ‘සමාගම විසින්, එම මුදල් ආපසු අයකරගැනීම සඳහා ණය ගැනුම්කරුට එරෙහිව නඩු පැවරීමට බාධාවක් ලෙස’ ණය ගැනුම්කරු විසින්, එකී කාලාවරෝධ ආඥාපනත (68 ඡේදය) මතුකිරීමෙන් වැළකිය යුතුය.
- ණය ගැනුම්කරු හෝ ඔහු/ඇයගේ නියෝජිතයන්, සේවකයින් හෝ නිලධාරීන්, ලිඛිතව හෝ වෙනත් ආකාරයකින් ණය ගැනුම්කරු වෙනුවෙන් – ඉහත සහ වෙනත් ස්ථානයක සහ වෙනත් ආකාරයකින් සමාගම වෙත කළ සියලු නියෝජනයන් සහ ප්‍රකාශන; ‘සත්‍ය සහ නිවැරදි බවට මෙයින් තහවුරු කරමින් – සමාගම ඒ අනුව ක්‍රියාත්මක වියයුතු බව අදහස් කර’ – එකී මුදල් අයකරගැනීමෙන් ගිවිසුමේ පදනම නිර්මාණය කරයි.
- ණය ගැනුම්කරු ණය ගෙවීම පැහැරහැර ඇතිවිට, ‘එම හිඟමුදල් අයකරගැනීමට’ – සමාගම ‘තුන්වන පාර්ශ්ව ණය එකතුකරන්නෙකු පත්කළ හැකිබවටත්’ එවැනි ‘සියලු ණය එකතුකිරීමේ වියදම්’ තමා විසින් ගෙවීමටත්; ණය ගැනුම්කරු එකඟ වේ.
- මෙම ණය එකඟතාවට අදාළ වන – ‘ඕනෑම පොලී අනුපාත, සේවා ගාස්තු සහ වෙනත් ගාස්තු’ කලින්කලට සමාගම විසින් සිය පූර්ණ අභිමතය පරිදි වෙනස් කළහැකි බවට ණය ගැනුම්කරු එකඟත්වය පළකරයි. කෙසේවෙතත්, එවැනි වෙනසක් බලාත්මක කිරීමට පෙර – ණය ගැනුම්කරුට ‘දින හතක (07) දැනුම්දීමක්’ කිරීමට සමාගම කටයුතු කළයුතුය.
- මෙම එකඟතාව, ‘ණය ගැනුම්කරු – සමාගමට ගෙවියයුතු මුදල’ පිළිබඳ මූලික සාක්ෂියක් වියයුතුය.
- නියමිත කාලයට පෙර – ‘ණය පහසුකම පියවීමක දී’ ; ණය ගැනුම්කරුට ඒ වෙනුවෙන් වට්ටමක් හිමි නොවේ.
- ‘ඕනෑම ආකාරයක සහ ස්වභාවයක (‘ස්ථාවර තැන්පතු’ ඇතුළුව) තැන්පතු’ සහ ‘ණය ගැනුම්කරුගේ ඕනෑම ගිණුමක පවතින/ශේෂ’ සහ ‘ඕනෑම මුදල් ප්‍රමාණයක්’ – කපාහැරීමට/ වෙනත් මුදලකට එරෙහිව ලියාහැරීමට; සමාගමට අයිතිය හිමිවේ. ‘සමාගමේ ඕනෑම සේවාවක ප්‍රතිඵලයක් ලෙස’ සහ/හෝ ‘ණය ගැණුම්කරු භාවිතාකළ’ සහ/හෝ ‘සමාගම ණය ගැනුම්කරුට ප්‍රදානය කළහැකි වෙනත් ඕනෑම ආකාරයක ණය පහසුකම්වල ප්‍රතිඵලයක් ලෙස’ – ඕනෑම ආකාරයකින් පැනනගින ‘මුළු හිඟමුදල් වටිනාකමට’; සමාගම විසින්/ ඔවුන්ගේ භාරකරුවන් හෝ නියෝජිතයින් විසින් (‘ඇපයක් ලෙස’ හෝ ‘ණය ගැනුම්කරු ඕනෑම ආකාරයකින් – දැනටමත් ඇතුළත්/ ඉදිරියේ දී ඇතුළත්වෙන – ගිවිසුමකට අවශ්‍යතාවයට අනුව යම් වෙනත් ආකාරයකින්’) ‘සුරැකුම්පත්, බැඳුම්කර සහ අනෙකුත් සියලුම වත්කම්, ලියවිලි, ඔප්පු සහ දේපල’ සිය පාලනය යටතේ තබාගැනීම. ඉහත කී වත්කම් මත, තමා සමාගමට ‘කැපබල වගකීමක්’ ඇතිබව ණය ගැනුම්කරු ද අවබෝධ කරගනී. ‘නෛතිකව, ගිවිසුම්ගතව, හෝ වෙනත් ආකාරයකින් – සමාගමට ඕනෑම අවස්ථාවක හිමිවිය හැකි’ ඉහත සඳහන් අයිතියට හෝ වෙනත් ඕනෑම අයිතියකට අමතරව; පහත සඳහන් කටයුතු සඳහා ද – ණය ගැනුම්කරු සමාගමට බලය පවරයි:
- ඕනෑමඅවස්ථාවක; ‘සමාගම සමග හෝ සමාගමේ ඕනෑම ශාඛාවකට ඇති – ණය ගැනුම්කරුගේ සියලුම ගිණුම් සහ වගකීම්’ – සම්බන්ධ කිරීමට හෝ ඒකාබද්ධ කිරීමට; සහ
- ‘ණයගැනුම්කරුගෙන් සමාගමට අයවියයුතු මුළු මුදලින් – එවැනි විකිණීම/ බැහැරකිරීම/ මාරුකිරීම/ පැවරීම පිළිබඳ වියදම් සහ පිරිවැය ඇතුළුව, එයින් ලැබෙන ආදායමෙන් රඳවාතබාගැනීම/නිසි අනුපාතයක් ලබාගැනීමේ අරමුණින් යුතුව’; සහ ‘රාජ්‍ය හෝ පුද්ගලික විකිණීමෙන්, හෝ පැවරීමකින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින්’ – සමාගම සතු ‘ණය ගැණුම්කරුගේ, යම් සුරැකුම්පත් හෝ දේපළ’ – ‘කිසිම අන්දමක අධිකරණමය ක්‍රියාපටිපාටියක් ඇරඹීමෙන් තොරව’ විකිණීමට හෝ බැහැරකිරීමට
- සිය ණය පහසුකම සම්පූර්ණයෙන් පියවන තෙක් – ණය ගැනුම්කරු විසින්, ලියාපදිංචි මොබයිල් අංකයේ හිමිකාරිත්වය පැවරීම සහ/හෝ ‘එහි දක්වා ඇති පෞද්ගලික තොරතුරු වෙනස්කිරීම’ නොකළයුතුය.
- ණය පහසුකමේ – යම් නොපියවූ ශේෂයක් ඇති අවස්ථාවක, පහත සඳහන් කටයුතු කිරීමට සමාගමට අයිතිය රඳවාතබාගනී;
- ‘ණය ගැනුම්කරු සමාගමට ගෙවියයුතු මුදල – සම්පූර්ණයෙන් පියවා අවසන් වනතෙක්’; ‘කොමිස්මුදල්, ගාස්තු ගෙවීම් හෝ, ණය ගැණුම්කරුට ගෙවියයුතු වෙනත් ඕනෑම ගෙවීමක්’ අත්හිටුවන ලෙස – ඩයලොග් ආසියාටා පී එල් සී වෙත උපදෙස් දීම; සහ/හෝ
- ණය ගැනුම්කරුට කිසිම පූර්ව-දැනුම්දීමකින් තොරව, ‘සමාගම වෙත ඇති හිඟ මුදල් පියවාගැනීම සඳහා’; ‘ණයගැනුම්කරුගේ eZ Cash ඩිජිටල් මුදල් පසුම්බියේ ඇති – ඕනෑම අරමුදලකින්, එකී හිඟමුදල් වටිනාකම් අඩුකරගන්නා ලෙස’ – ඩයලොග් ආසියාටා පී එල් සී වෙත උපදෙස් දීම
- ‘ඔබටඒකාබද්ධ සේවාවක් සැපයීම සඳහා, එහි රහස්‍යතා ප්‍රතිපත්තියට අනුකූලව – සිය ඕනෑම උප සමාගමක් සහ/හෝ සමූහ සමාගමක් සමඟ’ සහ/හෝ ‘කිසියම් අපරාධ විමර්ශනයක් සඳහා හෝ කිසියම් අපරාධ නඩු කටයුත්තක් සඳහා රජයේ අධිකාරියක් සමඟ සහ/හෝ කිසියම් හිඟමුදලක් අයකරගැනීමේ අරමුණකින් යුතුව’; එහි ‘දත්තසමුදාගත/විශේෂිත පාරිභෝගික තොරතුරු හුවමාරු කරගැනීම සඳහා’ – සමාගම අයිතිය රඳවාගනී.
- ශ්‍රී ලංකාපුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) විසින් – 2016, 8 දරන සංශෝධන පනත මගින් සංශෝධිත – 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ 39B(c) වගන්තිය යටතේ; ‘සමාගම’ නිශ්චිත අධිකාරියක් ලෙස පිළිගෙන ඇති බව ණය ගැණුම්කරුවා අවබෝධ කරගනියි. තවද, පහත තොරතුරු ද ඇතුළුව ණය ගැණුම්කරුවා විසින් සපයා ඇති තොරතුරුවල සත්‍යාපනය කිරීම සඳහා ‘ශ්‍රී ලංකා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) සමඟ පවත්වා ගෙනයන සිය ජාතික හැඳුනුම්පතේ (NIC) තොරතුරු’ වෙත ප්‍රවේශවීමට, ණය ගැණුම්කරුවා මෙයින් සමාගමට අනුමැතිය පළකරයි.;
- නම
- ලිපිනය
- උපන්දිනය
- උපන්ස්ථානය
- ලිංගිකත්වය
- නිකුත්කළ දිනය
- ඡායාරූපය
- හැඳුනුම්පතේඉදිරිපස සහ පිටුපස ස්කෑන් කළ පිටපත
- හැඳුනුම්පතේදිස්වන තොරතුරු දර්ශකයේ ස්කෑන් කළ පිටපත
- වාර්තාවේස්වභාවය (සක්‍රීය/ අක්‍රීය/ අවලංගු කළ/ අවලංගු)
4. ණය පහසුකම සඳහා ඇප
- ‘මෙමඑකඟතාවේ ණය ඉල්ලුම්පත්‍රයේ දක්වා ඇති පරිදි’ සහ ‘සමාගම විසින් පිරිනැමීමේ ලිපිය මගින් පාරිභෝගිකයාට තහවුරුකරන ලෙස’; එකී ණය පහසුකම සඳහා ඇපකරය ලෙස පුද්ගලික ඇපකරුවෙකු වියයුතුය.
- ණය පහසුකමයටතේ සමාගම විසින් කිසියම් මුදලක් නිකුත්කිරීමටපෙර, සමාගම විසින් විස්තරාත්මකව දක්වා ඇති ආකාරයෙන් (‘ඇපකරය සහ හානිපූරණය’ යටතේ); ‘ණය ගැණුම්කරුවා විසින් ගෙවියයුතු – ඊට අදාළ සියලුම පොලී සහ ගෙවියයුතු අනෙකුත් මුදල් ද ඇතුළුව, නියමිත ආපසුගෙවීම/ ගෙවීම සඳහා’ – එකී ණය පහසුකම් වෙනුවෙන් ණය ගැනුම්කරු විසින් ‘අවලංගු කළනොහැකි සහ කොන්දේසි විරහිත ඇපකරයක් – ඇපකරුවා මගින්’ සමාගමට ලබාදිය යුතුය. ණය ගැනුම්කරුවා, එකී ඇපකරුවාට ‘කිසිම ඇපකාර කොමිස් මුදලක්’ නොගෙවිය යුතුය. මෙම ණය එකඟතාවේ වලංගු කාලය පුරාවටම, එකී ‘ඇපකරය සහ හානිපූරණය’ අදාළවේ.
5. විෂයගත උල්ලංඝනය
පහත සඳහන් අවස්ථාවලදී මෙම එකඟතාව උල්ලංඝනය වී ඇති ලෙස සැලකේ:
- ණයගැනුම්කරු අදාළ දිනයේ දී නිසි ලෙස ගෙවීම කිරීමට අසමත් වූවිට, සහ එකී මුදල හා පොලිය ඇතුළු මුළු මුද ලගෙවන ලෙස ඉල්ලාසිටි විටද ගෙවීමට අසමත් වූවිට
- මෙමඑකඟතාවේ නියමයන් හෝ කොන්දේසි ඕනෑම එකකට අනුකූල වීමට ණය ගැනුම්කරු අසමත් වූවිට, සහ/හෝ නොසලකා හැරි විට
6. උල්ලංඝනය කිරීමේ/ පැහැරහැරීමේ ප්‍රතිවිපාක
- මෙහි කිසියම් විෂයගත උල්ලංඝන (5 වෙනි වගන්තිය අනුව) ක්‍රියාවක් සිදුවූ විට, සමාගමට සිය අභිමතය පරිදි මෙම එකඟතාව අවසන් කිරීමේ අයිතිය හිමිවේ. එවැනි අවසාන කිරීමක දී, මෙම එකඟතාව යටතේ ‘එසේ එකඟතාව අවසන් කිරීමට පෙර ඒ යටතේ උපචිතව පැවැති – ඊට අදාළ අයිතිවාසිකම් සහ බැඳීම්වලට’ අගතියක් නොවන ලෙස, මෙය අවසන් කළයුතුය.
- ඉහත5 වැනි වගන්තියේ (විෂයගත උල්ලංඝනය) දක්වා විෂයගත උල්ලංඝනයක් හැර වෙනත් ණය ගෙවීම පැහැරහැරීමක දී ඇතිවිට; සමාගම විසින් ඒ බව ණය ගැනුම්කරුට දැනුම් දී – දින 7කට පසුවත් එකී පැහැරහැරීමට පිළියම් නොකර තිබේනම්; සමාගමට ඕනෑම අවස්ථාවක මෙම එකඟතාව අවසන් කළහැක.
- මෙම එකඟතාව අවසන්වීමෙන්පසුව ද, ‘නියමයන් සහ කොන්දේසි’ (3 වෙනි වගන්තිය), ‘ගෙවීම්’ (2 වෙනි වගන්තිය), ‘පරම අධිකරණ බලය’ (9 වෙනි වගන්තිය) නොනැසී පවතී.
7. අත්හැර දැමීම හා විචලනය
- මේ යටතේ දක්වා ඇති ‘යම් හිමිකම් බලයක් (right power) හෝ වරප්‍රසාද සඳහා හිමිකම්පෑමක් හෝ පිළියමක්’ බලාත්මක කිරීමේ දී, ක්‍රියාත්මක කිරීමේ දී හෝ ඒ සඳහා කටයුතු කිරීමේ දී’ – ‘ඕනෑම පාර්ශවයක් අතින් සිදුවන ප්‍රමාදයක්, අසාර්ථක වීමක් හෝ අත්හැරීමක් හේතුවෙන් – හෝ – නොඑසේනම්, මෙම එකඟතාව යටතේ ඕනෑම පාර්ශවයක් වෙතින් ඉටුවිය යුතු වගකීමක් උල්ලංඝණය වීම හේතුවෙන්’ – ඒවා මෙහි සඳහන් කරුණු නොතකා හැරීමක් ලෙස උපකල්පනය නොකරන අතර; එවැනි ඕනෑම ආකාරයක හිමිකම් බලයක්, වරප්‍රසාද සඳහා හිමිකම්පෑමක් හෝ පිළියමක් හෝ මෙහෙයුමක් හේතුකොට ගෙන, ඉන් පසුව එළඹෙන ඕනෑම අවස්ථාවක දී හෝ පසු අවස්ථාවක දී ‘එවැනි වෙනත් ඕනෑම හිමිකමක්, බලයක්, වරප්‍රසාදයක්, හිමිකම්පෑමක් හෝ පිළියමක් – බලාත්මක කිරීම හෝ ක්‍රියාත්මක කිරීම’ සීමා කරන්නේ නැත.
8. වෙන්කිරීමේ හැකියාව/ නීත්‍යානුකූළ නොවීම
- මෙම එකඟතාවේ යම් වගන්තියක් හෝ විධිවිධානයක්, කිසියම් පැනවීමක් හෝ නීතියක් යටතේ – සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් – ‘නීතිවිරෝධී හෝ බලාත්මක කළනොහැකි’ බවට තීරණය වුණොත්, එම වගන්තිය හෝ ප්‍රතිපාදනය හෝ කොටස – තවදුරටත් මෙම එකඟතාවේ කොටසක් ලෙස නොසලකන නමුත්, එකඟතාවේ ඉතිරි කොටස් බලාත්මක කිරීමට එය බලපාන්නේ නැත.
9. පරම අධිකරණ බලය
- මෙමඑකඟතාව සහ මේ යටතේ පිරිනමා ඇති ආරක්‍ෂාව, ‘ශ්‍රී ලංකාවේ නීතිවලට අනුකූලව සෑම ආකාරයකින්ම අර්ථදක්වා – ඒ අනුව පරිපාලනය කළයුතු’ වන අතර අධිකරණ බලය කොළඹ වියයුතුය.
10. නිවේදන
- මෙම ගිවිසුම යටතේ – සමාගමේ සියලුම ඉල්ලීම්, ‘සමාගම වෙනුවෙන් නීතීඥයෙකු හෝ නීතීඥයෙකු ලෙස ක්‍රියාකරන ඕනෑම බලයලත් පුද්ගලයෙකු විසින්’, ණය ගැනුම්කරුගේ නමට යොමුකළ ලිපියක් මගින් ඉදිරිපත් කළහැකි අතර’ – එය තැපෑලෙන් යැවීම හෝ මෙහි ඉහත ලබාදී ඇති ‘ණය ගැනුම්කරුගේ ලියාපදිංචි ලිපිනයට’ දීම මගින් යොමුකළ හැකි අතර; එසේ ‘ලබාදුන් හෝ කරන ලද ඉල්ලීම පිළිබඳ දැනුම්දීම’ – ‘ලැබීමට සලස්වන ලද දිනය හෝ ඊට පසු දිනය – අවස්ථානුකූලව’ එකී දැනුම්දීම, ණය ගැනුම්කරුවාට නිසි ලෙස ලැබුණ දිනය ලෙස සැළකේ.
- ‘ණය ගැනුම්කරුවා විසින් දෙන ලද – ‘ලියාපදිංචි මොබයිල් අංකයටකෙටිපණිවුඩයක් (SMS) මගින් හෝ ඊමේල් ලිපිනයට’- හෝ ණය ගැනුම්කරුවා කලින්කලට ලිඛිතව දැනුම්දෙන ලද ආකාරයකට ලබාදෙන; ‘විද්‍යුත් පණිවුඩයක් වීම හේතුකොටගෙන – නීත්‍යානුකූල බැඳීමක් ඇතිකරන සිහිකැඳවීම් ලෙස සැලකීමට’ – ණය ගැනුම්කරු එකඟත්වය පළකරයි.
- ගෙවීම්/වන්දි ගෙවීම්/ව්‍යවස්ථාපිත ගෙවීම්/ සේවා ගාස්තු යන කුමන ආකාරයෙන් සැලකූවත්, ඒ සියලු ගෙවීම් සඳහා ‘ලදුපත් නිකුත් කෙරෙන බවට/ ගෙවීම සනාථ කිරීම් සිදුකෙරෙන බවට’ තවදුරටත් එකඟත්වය පළකරයි.
11. වෙනත්
- ‘මෙමඑකඟතාවේ නියමයන් සහ කොන්දේසි කලින්කලට සංශෝධනය කිරීම හෝ වෙනස්කිරීම සඳහා’ සමාගම අයිතිය රඳවා තබාගන්නා අතර, එසේ මෙම නියමයන් සහ කොන්දේසිවල යම් වෙනසක් සිදුකිරීමට පෙර සමාගම විසින්, ඒ බව ණය ගැනුම්කරුට දැනුම්දිය යුතුය.
- මෙමඑකඟතාව යටතේ සමාගමට සිය අයිතිවාසිකම් සහ වගකීම් මාරුකිරීම හෝ පැවරීම කළහැකි වන අතර, ණය ගැනුම්කරුට දැනුම්දීමෙන් පසුව; එවැනි මාරුකිරීම හෝ පැවරීම බලාත්මකවේ.
- මෙමනියමයන්සහ කොන්දේසිවල ඉංග්‍රීසි හෝ දෙමළ පරිවර්තනය සමග, මේවායේ කිසියම් නොගැලපීමක් ඇත්නම්, එහිදී ඉංග්‍රීසි නියමයන් සහ කොන්දේසි බලපැවැත්වේ.
12. අර්ථදැක්වීම්
- ණයගැණුම්කරු : 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු – සංශෝධිත පනතේ ප්‍රකාරව, සිය ඩිජිටල් අත්සන තබා – මෙම නියමයන් සහ කොන්දේසිවලට එකඟ වූ, ‘සමාගමෙන් කාලීන ණය ලබාදෙන ලෙස ඉල්ලීම කළ – පුද්ගලයා’ මින් අදහස් වේ.
- ණයපහසුකම: ඩයලොග් ෆයිනෑන්ස් පී එල් සී විසින් මෙම කාලීන ණය යෝජනාක්‍රමය යටතේ, ණය ගැනුම්කරුවාට ප්‍රතිපාදනය කළ – උපලේඛණය යටතේ විස්තරාත්මකව අර්ථදක්වා ඇති ‘ණය පහසුකම’ මින් අදහස් වේ.
- එකඟතාව: මෙම‘ණය එකඟතාව’ මින් අදහස් වේ.
- ඉල්ලුම්පත්‍රය:‘ණය ගැනුම්කරුගේ විස්තර’ සහ, ‘ණය ගැනුම්කරු විසින් නිසිලෙස සම්පූර්ණ කර, අවස්ථානුකූලව ලිඛිතව හෝ ඉලෙක්ට්‍රොනික ලෙස භාරදෙන ලද – ණය ගැනුම්කරුට අවශ්‍ය ණය පහසුකමේ විස්තර’ අඩංගු; ‘ණය ඉල්ලුම්පත්‍රය’ මින් අදහස් වේ.
2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු – සංශෝධිත පනතේ ප්‍රකාරව – පාර්ශවයන් විසින් අත්සන් තබා, ක්‍රියාත්මක කරන ලදී.
උපලේඛණය
ණය යොමු අංකය : |
අයිතම අංකය: | විස්තරය | |
01 | ණය මුදලේ ප්‍රමාණය | රුපියල් ………………. පමණයි (රු. ……/=) |
02 | ජාතික හැඳුනුම්පතේ (NIC) දැක්වෙන ආකාරයට ‘ණය ගැනුම්කරුගේ’ සම්පූර්ණ නම, ස්ථිර ලිපිනය සහ ජා.හැ.අංකය | …………………………………………………………………………ලිපිනයේ පදිංචි …….…………………… ජා. හැ. අං. දරන ……….………………………………… |
04 | ගෙවීම් කරන ආකාරය සහ දිනය | මාසික වාරිකය ආපසුගෙවීම, 202… ………………. ….. වැනි දින ආරම්භකිරීමට නියමිත වන අතර, එතැන් පටන් සෑම අනුයාත මාසයකම එම දිනයේ ආදී වශයෙන් |
05 | කාලය හෝ කාලසීමාව | මාස ………… |
06 | මාසික වාරිකය | රු. ………… (රුපියල් ……………………පමණි) |
07 | ඒ ඒ අවස්ථාවේ උච්චාවචනය වන වෙළෙඳපොළ පොලී අනුපාතිකය සැලකිල්ලට ගනිමින් – වාචිකව හෝ ලිඛිතව, කාලයෙන් කාලයට – ණය ගැනුම්කරුට පොලිය දැනුම්දෙයි. | වාර්ෂිකව …………. (……%) ප්‍රතිශත අනුපාතයට පොලිය ගණනය කෙරේ. පවතින වෙළඳපල තත්ත්වයන් මත තීරණය කර, ණය ගැනුම්කරුවා පූර්ව-දැනුම්දීමක් සහිතව පොලී අනුපාතිකය වෙනස්කිරීමේ අයිතිය සමාගම සතුවේ. |
08 | හිඟ පොලී අනුපාතය | සම්පූර්ණයෙන් පියවන තෙක්; ‘ණය ගැණුම්කරුවාට’ කිසිම පූර්ව-දැනුම්දීමකින් තොරව – සාමාන්‍ය පොලී අනුපාතයට අතිරේකව, වාර්ෂිකව …………. (……%) අනුපාතය යටතේ ගණනය කෙරේ. |
09 | කල්ඇතුව පියවීමේ පොලී අනුපාතය | ඕනෑම ‘කල්ඇතුව පියවීමක්’, සමාගමේ පූර්ණ අභිමතය යටතේ ……% ‘කල්ඇතුව පියවීමේ පොලියක් යටතේ’ වියයුතුය. |
10 | ඇපකරය | පුද්ගලික ඇපකරු |