1. සේවිංස් පොකට්ස් ගිණුමේ (මින් ඉදිරියට ‘පොකට්ස්’ ලෙස හැඳින්වෙයි) ගිණුම් හිමියා වන මම, ඩයලොග් ෆිනෑන්ස් පී එල් සී (මින් ඉදිරියට ‘සමාගම’ ලෙස හැඳින්වෙයි) විසින් නියම කර ඇති මෙහි පහත දක්වෙන නියමයන් සහ කොන්දේසි; කියවා, තේරුම්ගෙන, බැඳී සිටීමට එකඟ වෙමි.
2. ‘පොකට්’යනු, Genie මොබයිල් යෙදුම (මින් ඉදිරියට ‘මොබයිල් යෙදුම’ ලෙස හැඳින්වෙයි) ඔස්සේ සමාගමෙන් ලබාගත හැකි ‘ඩිජිටල් ගිණුමක්’ බවත්, ඒ නිසා එය ක්‍රියාත්මක කළහැක්කේ මොබයිල් යෙදුමේ ඇති සමාගමේ ‘සේවිංස් පොකට් විශේෂාංගය’ තුළින් පමණක් බවත් මම අවබෝධ කරගෙන, ඊට එකඟත්වය පළකරමි.
3. සමාගමේ ප්‍රාථමික ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමෙන් පසුව පමණක් මෙම ‘පොකට්’සක්‍රීය කළහැකි බවත්; එහිදී ‘සමාගමේ තනි අභිමතය මත – වෙනත් ආකාරයකින් සමාගම විසින් පැහැදිලිව අවසර දී නොමැති නම්’ මට මගේ ‘පොකට්’වෙත මූල්‍යනය කිරීමට/ මුදල් යෙදවීමට අනුමැතිය දී ඇත්තේ ඉහත සඳහන් ප්‍රාථමික ඉතුරුම් ගිණුම ඔස්සේ පමණක් බවත් මම පිළිගනිමි.
4. මගේ ප්‍රාථමික ඉතුරුම් ගිණුමේ – ‘ඉතුරුම් ගිණුම් නියමයන් සහ කොන්දේසි සමඟ’ බද්ධව මෙම නියමයන් සහ කොන්දේසි කියවිය යුතු බව මම අවබෝධ අවබෝධ කරගෙන, ඊට එකඟත්වය පළකරමි. යම් හෙයකින්, ‘පොකට් සඳහා අදාළ මෙම නියමයන් සහ කොන්දේසි’ සමඟ ‘ප්‍රාථමික ඉතුරුම් ගිණුමේ නියමයන් සහ කොන්දේසිවල’ නොගැළපීමක් ඇත්නම්, එහිදී මෙම නියමයන් සහ කොන්දේසි බලපැවැත්වෙන බව අවබෝධ කරගනිමි.
5. ‘පොකට්’ සිට මගේ ප්‍රාථමික ඉතුරුම් ගිණුමට පමණක් මුදල් මාරුකිරීමට මට අනුමැතිය ලැබී ඇති බවත්; සමාගමේ තනි අභිමතය අනුව – ‘පොකට්’ වෙතින් පිටතට අරමුදල් ඍජුව මාරුකිරීමේ අරමුණින් යුතුව – ‘පොකට්’ වෙතින් වෙනත් කිසිම ගිණුමකට හෝ වෙනත් කිසිම අරමුදල් හුවමාරු ක්‍රමයක් (එනම්, QR ගෙවීම් / බිල්පත් ගෙවීම් / ATM මගින් මුදල් ආපසුගැනීම් ඇතුළුව – එහෙත් ඒවාට පමණක් සීමා නොවී වෙනත් කිසිම ක්‍රමයක් මගින්) යොදාගෙන ‘පොකට්’ සිට වෙනත් කිසිවක් වෙත ‘සෘජු අරමුදල් මාරුකිරීමක්’ සිදුකළ නොහැකි බවත් මම අවබෝධ කරගෙන, ඊට එකඟත්වය පළකරමි.
6. සමාගම විසින් එහි තනි අභිමතය යටතේ, ‘මට විවෘත කිරීමට අවසර දී ඇති ‘පොකට්’ ගණන – සීමා කළහැකි බව’ මම අවබෝධ කරගෙන, ඊට එකඟත්වය පළකරමි.
7. ‘පොකට්’ විවෘත කිරීම සඳහා සමාගම විසින් අවම තැන්පතුවක් ඉල්ලා සිටිය හැකි බවත්, මොබයිල් යෙදුම ඔස්සේ ‘පොකට්’ විවෘත කරන විට එලෙස කළයුතු අවම තැන්පතුව මා වෙත දැනුම්දෙන/සන්නිවේදනය කරන බව මම අවබෝධ කරගෙන, ඊට එකඟත්වය පළකරමි. එහිදී, ම’විසින් ‘පොකට්’ විවෘත කිරීමට පියවර ගැනීම, එවැනි අවම මුදලක් ‘පොකට්’ හි තැන්පත් කිරීමට මගේ අනුමැතිය පළකිරීමක් ලෙස සැළකේ.
8. එමෙන්ම, සමාගම තනි අභිමතය පරිදි දිනකට ‘පොකට්’හි තැන්පත් කළහැකි ගනුදෙනුවකට උපරිම වටිනාකමක් පැනවීමට සහ/හෝ ‘සමාගමේ අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි මත පදනම්ව’ දිනකට ‘පොකට්’හි සිදුකළ හැකි උපරිම ගනුදෙනු සංඛ්‍යාවක් පැනවීමටත් මම එකඟත්වය පළකරමි.
9. ම’විසින් ‘පොකට්’ හෝ එහි විශේෂාංග, කිසිම නීති විරෝධී/දුරාචාර හෝ වංචනික අරමුණකින් භාවිතා නොකරන බවට එකඟත්වය පළකරන අතර, එවැනි කිසියම් කටයුත්තක් සඳහා ‘පොකට්’ යොදාගෙන ඇතිබව අනාවරණය වූ ඕනෑම අවස්ථාවක දී – සමාගමේ තනි අභිමතය මත ‘පොකට්’ අත්හිටුවීමට /වසාදැමීමට සමාගමට අනුමැතිය පළකරමි.
10. ‘සමාගම තීරණය කරන අනුපාතයක් යටතේ, දෛනික ශේෂය මත ගණනය කර – මාසිකව ගිණුමට බැරකරන’ – ‘මොබයිල් යෙදුමේ හෝ සමාගමේ වෙබ් අඩවියේ දක්වා ඇති පොලිය’; ‘පොකට්’ හි ඇති අරමුදල් සඳහා පොලී ගෙවීමට අදාළ වන පොලිය ලෙස මම පිළිගනිමි.
11. සියලු ගෙවීම් – ‘අදාළ නියාමන බලධාරීන් කලින් කලට පනවන බදුවලට’ යටත් බවට මම එකඟවෙමි.
12. සියලුම ආකාරයේ සිහිකැඳවීම්/ඉල්ලීම් සහ/හෝ වෙනත් සාමාන්‍ය සන්නිවේදන; ‘කෙටි පණිවුඩ සේවා (SMS)’ මගින්; ‘මා/අප විසින් දී ඇති මොබයිල් අංකයට ( එනම්, ‘ලියාපදිංචි මොබයිල් අංකය’ වෙත) සහ/හෝ මා/අප විසින් දී ඇති ඊමේල් ලිපිනයට’ – විද්‍යුත් පණිවිඩ ලෙස යවන අතර, ඒවා නීත්‍යානුකූලව බැඳීමක් ඇතිකරන බවට මම මෙයින් එකඟවෙමි.
13. ගිණුමේ නියමයන් සහ කොන්දේසි, ‘කලින් කලට සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට’ සමාගමට අයිතිය හිමිවෙන අතර, එලෙස නියමයන් සහ කොන්දේසිවල කළ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට පෙර – සමාගම ‘ඒ බව මා වෙත දැනුම්දෙන බව’ මම අවබෝධ කරගෙන, ඊට එකඟත්වය පළකරමි.
14. මම සමාගම සමඟ විවෘතකර ඇති සියලුම සහ ඉදිරියේ දී විවෘතකර කිරීමට ඉඩ ඇති ඕනෑම ‘පොකට්’ සඳහා – වරින්වර සංශෝධනය කරන මෙම නියමයන් සහ කොන්දේසි අදාළ වන බව, මම අවබෝධ කරගෙන ඊට එකඟත්වය පළකරමි.