1. ඉතිරිකිරීමේ ගිණුමේ (මින් ඉදිරියට ‘ගිණුම’ ලෙස හැඳින්වෙයි) ගිණුම් හිමියා හෝ ‘ගිණුමේ’ ප්‍රතිලාභියා වන බාල වයස්කරුවෙකුගේ දෙමාපිය හෝ නීත්‍යානුකූල භාරකරු වන මම, ඩයලොග් ෆිනෑන්ස් පී එල් සී (මින් ඉදිරියට ‘සමාගම’ ලෙස හැඳින්වෙයි) විසින් නියමකර ඇති මෙහි පහත දක්වෙන නියමයන් සහ කොන්දේසි; කියවා, තේරුම්ගෙන, බැඳී සිටීමට එකඟ වෙමි.
2. 2016 හි අංක 8 දරන සංශෝධන පනත මගින් සංශෝධිත – 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ 39B(c) වගන්තිය යටතේ – ශ්‍රී ලංකා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) විසින්, සමාගම නියම කරන ලද අධිකාරියක් ලෙස පිළිගෙන ඇති බව මම තේරුම්ගනිමි. ඒ අනුව, මගේ පහත තොරතුරු ද ඇතුළුව මා විසින් සපයන තොරතුරුවල සත්‍යතාව සනාථ කරගැනීම සඳහා DRP සමඟ පවත්වාගෙන යන මගේ ජාතික හැඳුනුම්පතේ (NIC) තොරතුරු වෙත ප්‍රවේශ වීමට සමාගමට අනුමැතිය දීමට මම මෙයින් එකඟ වෙමි;
i. නම
ii. ලිපිනය
iii. උපන් දිනය
iv. උපන් ස්ථානය
v. ලිංගිකත්වය
vi. නිකුත් කළ දිනය
vii. ඡායාරූපය
viii. හැඳුනුම්පතේ ඉදිරිපස සහ පිටුපස ස්කෑන් කළ පිටපත
ix. හැඳුනුම්පතේ දිස්වන තොරතුරු දර්ශකයේ ස්කෑන් කළ පිටපත
x. වාර්තාවේ ස්වභාවය (සක්‍රීය/ අක්‍රීය/ අවලංගු කළ/ අවලංගු)
3. ඩයලොග් ෆිනෑන්ස් පී එල් සී – එහි සමූහ සමාගම, ඕනෑම උප සමාගමක් හෝ අනුබද්ධිත ආයතනයක් සමග, ඒකාබද්ධ සේවා සැපයීම හෝ වෙනත් කටයුත්තක් සඳහා – මගේ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මම අනුමැතිය පළකරමි.
4. Dialog Axiata PLC සමඟ eZ Cash ගිණුමක් විවෘත කිරීම සඳහා ම’විසින් කළ ඉල්ලීම මත – eZ Cash පාරිභෝගිකයාගේ නිසි උද්‍යෝගිමත් බව, අදාළ අධීක්‍ෂණය සහ විගණන අරමුණු පිළිබඳ Dialog Axiata PLCහි නිශ්චිත අරමුණ සඳහා එවැනි තොරතුරු රැස්කිරීමේ කාර්‍යයට Dialog Axiata PLC සමඟ, මගේ තොරතුරු සහ සත්‍යාපන ලේඛන හුවමාරු කරගැනීමට මම සමාගමට අනුමැතිය පළකරමි. එවැනි තොරතුරු සහ සත්‍යාපන ලේඛනවල; මගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය හා නිකුත්කළ දිනය, ලිපින විස්තර, ජංගම/ දුරකථන/ ඊ-මේල් ලිපින, උපන් දිනය, ලිංගිකත්වය, ඡායාරූප, ජාතිකත්වය, රැකියා තොරතුරු, බදු ප්‍රකාශ, ආදායම් ප්‍රභවය සහ සාමාන්‍ය ආදායම පිළිබඳ තොරතුරු, ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍ර/ රියදුරු බලපත්‍ර පිටපත, ලිපිනය සත්‍යාපනය කිරීමේ ලේඛන පිටපත ආදී මේ සියල්ල සාමූහිකව – සාමාන්‍යයෙන් සමාගම විසින් ‘ඔබේ පාරිභෝගික තොරතුරු දැනගන්න (KYC)’ලෙස එකතු කරන තොරතුරු (නමුත් ඒවාට පමණක් සීමා නොවී) ඇතුළත්ය. සමාගම විසින් එකී තොරතුරු Dialog Axiata PLC සමඟ හුවමාරු කරගැනීමට එරෙහිව ගෙන එන ඕනෑම ආකාරයක හිමිකම්පෑමක දී, නඩු පැවරීමක දී හෝ වෙනත් ක්‍රියාදාමයක දී – සෑමවිටම සමාගම හානිරක්ෂණය කිරීමටත් හානිකර නොවන ලෙස පැවැත්වීමටත් මම ඉතා පැහැදිලිව මෙයින් එකඟත්වය පළකරමි.
5. මෙහි පහත දක්වා ඇති ගිණුමේ ප්‍රධාන ලක්ෂණ ම’විසින් කියවා තේරුම්ගෙන ඇති අතර, එකී ගිණුමේ නියමයන් සහ කොන්දේසිවලට මම එකඟවෙමි.
6. ගිණුමට හෝ යම් ණය පහසුකමකට අදාළ සාමූහික සේවා සැපයීම සඳහා හෝ ණය අයකරගැනීමේ අරමුණු සඳහා – සමාගමට සුදුසු යැයි සමාගම විසින් අදහස් කරන ඕනෑම ආකාරයකට – එහි සමූහ සමාගමෙන්, ඕනෑම උප සමාගමකින් හෝ අනුබද්ධිත ආයතනයකින් නිරවද්‍ය සහ යාවත්කාලීන කළ මගේ පුද්ගලික දත්ත – භූස්ථානගත දත්ත ද ඇතුළුව, එහෙත් ඊට පමණක් සීමා නොවී – ඉල්ලාගෙන, එකී භූස්ථානගත දත්ත ද ඇතුළු පුද්ගලික දත්තවල නිරවද්‍ය සහ යාවත්කාලීන තත්ත්වය සත්‍යාපනය කිරීමට; මෙම ප්‍රකාශය සිදුකළ දිනයේ සිට ආරම්භ වන ලෙස මම නිශ්චිතව සහ පැහැදිලිව සමාගමට බලය පවරමි.
7. බාල වයස්කාර ගිණුම්
ගිණුම් හිමියා බාල වයස්කරුවෙකු නම්, පහත විශේෂ කොන්දේසි ද අදාළ වේ;
අ) සමාගම විසින් කලින්කලට නියම කරන පරිදි අවම තැන්පතු මුදලක් අදාළ වේ.
ආ) ගිණුම විවෘත කර ඇති බාල වයස්කරුවා එකී ගිණුමේ තැන්පතුවල ප්‍රතිලාභියා විය යුතුය. එබැවින්, බාල වයස්කාර ගිණුමක බැර ශේෂය, බාල වයස්කරුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමෙන් සහ සමාගම ඉල්ලා සිටින ආකාරයට සහ එමගින් සමාගම තෘප්තිමත් වන ආකාරයට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමෙන්; බාල වයස්කරුගේ දෙමාපියන්ට හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුට පමණක් ආපසු ලබාගත හැක.
ඇ) බාල වයස්කාරයා, නිසි වයස (අවු.18) සම්පූර්ණ වූ විට;
ඈ) දරුවා විදේශ රටකට සංක්‍රමණය වන්නේ නම් ඒ බව ලිඛිතව සමාගමට සනාථ කරන්නේ නම් හෝ, මා වෙත පූර්ව දැනුම්දීමකින් තොරව – යම් උසාවියකින් හෝ පරිපාලන නියෝගයකින් – ගිණුමේ ගනුදෙනු වසාදැමීම, අරමුදල් අක්‍රීය කිරීම හෝ අත්හිටුවීම කළ අවස්ථාවක දී – සමාගම මා වෙත ඉටු කළයුතු ඕනෑම කාර්‍යයක් උල්ලංඝනය වීම පිළිබඳ වගකීමකින් තොරව – මිස, බාල වයස්කාරයා නිසි වයස (අවු.18) සම්පූර්ණ නොවූ කිසිවිටෙක මගේ ඉල්ලීමක් මත ගිණුම වසාදැමිය නොහැකි බව මම තේරුම්ගනී.
ඉ) බාල වයස්කරුගේ මරණයේ දී, බාල වයස්කරුගේ නමට ඇති ඕනෑම ගිණුමක/ගිණුම්වල ඇති ඕනෑම බැර ශේෂ/ශේෂය, තවදුරටත් ජීවත්වන අය හැර – වෙනත් ඕනෑම පුද්ගලයෙකුගේ නීත්‍යානුකූල උරුමක්කාරයන්ගේ ඉල්ලීමට අනුව, ඕනෑම හිමිකම්පෑමක් සලකාබැලීම හෝ සැලකීම සඳහා – මාපියන් සහ/හෝ නීත්‍යානුකූල භාරකරු ලෙස මා හට කිසිදු අයිතියකට අගතියක් නොවන පරිදි තබාගැනීමට, මම සමාගමට අවසර දෙමි. මෙම වගන්තියේ අවශ්‍යතාව සඳහා ‘බාල වයස්කාර’ යන්නෙන් අදහස් වන්නේ, වයොපූර්ණත්ව ආඥාපනත (පරිච්ඡේදය 66) සහ ඊට කරන ලද කිසියම් සංශෝධනවලට අනුකූල අර්ථය තුළ නිසි වයස (අවු.18) සම්පූර්ණ නොවූ අයෙකි.
8. සියලු සිහිකැඳවීම්/ඉල්ලීම් සහ/හෝ වෙනත් සාමාන්‍ය දැනුම්දීම්, කෙටි පණිවිඩ සේවා (SMS) ඔස්සේ – සමාගමට, මා/අප විසින් ලබාදුන් ජංගම දුරකථන අංකයට (‘ලියාපදිංචි ජංගම දුරකථන අංකය’) සහ/හෝ මා/අප විසින් ලබාදුන් ඊ-මේල් ලිපිනයට – එවයි. එම පණිවිඩ විද්‍යුත් පණිවුඩ බැවින්, ඒවා නීත්‍යානුකූලව වලංගු ලෙස සලකන බවට මම මෙයින් එකඟවෙමි.
9. පසු අයිතිය සඳහා නම්කිරීම 9.පසු අයිතිය සඳහා නම්කිරීම ගිණුම් විවෘත කිරීමේ අයදුම්පතේ මා ඇතුළත් කළ ‘නාමිකයා පිළිබඳ විස්තර’ පාලනය කරන නියමයන් සහ කොන්දේසිවලට මම මෙයින් එකඟවෙමි.
අ. ගිණුම් හිමියාගේ අවසන් කැමති පත්‍රයක අඩංගු යම් කාරණාවකට පටහැනි නොවන සේ, මෙම ‘පසු
අයිතිය සඳහා නම්කිරීම’ බලපැවැත්වේ.
ආ. පහත සඳහන් තත්ත්ව යටතේ ‘පසු අයිතිය සඳහා නම්කිරීම’ අවලංගු කරයි;
ඇ) ‘පසු අයිතිය සඳහා නාමිකයින්’ එක් අයෙකුට වඩා සිටින, එහෙත් බෙදාහැරිය යුතු ආකාරය පිළිබඳ අනුපාත දක්වා නොමැති අවස්ථාවක; බැරට ඇති මුදල් එකී නාමිකයින්ට සමාන කොටස්වලින් ගෙවයි.
ඈ) මෙම ‘පසු අයිතිය සඳහා නම්කිරීම’ ක්‍රියාත්මක කළ නොහැකි අවස්ථාවක දී, පුද්ගලයාට/ නීත්‍යානුකූල හිමිකම් ඇති පුද්ගලයාට/ එකී මුදල් ගෙවයි.
ඉ) අනන්‍යතාව සනාථ කළහැකි සාධක ඉදිරිපත් කළවිට පමණක් නාමිකයෙකුට එකී ගෙවීම් කරන අතර, ඒ සඳහා අවශ්‍ය විය හැකි ඕනෑම තොරතුරක්/ලේඛනයක් ඉල්ලාසිටීමට සමාගම අයිතිය හිමිවේ.
10. ඩෙබිට් / ATM කාඩ්පත
මගේ ඉල්ලීම අනුව, ‘සමාගම මට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) පහසුකම් ලබාදීම සහ ඩෙබිට් / ATM කාඩ්පතක් (මින් ඉදිරියට ‘කාඩ්පත’ ලෙස හැඳින්වේ) නිකුත්කිරීම’ පිළිබඳ සලකාබැලීමේ දී, පහත සඳහන් නියමයන් සහ කොන්දේසිවලට බැඳීසිටීමට මම එකඟවෙමි;
අ) කාඩ්පත, සෑමවිටම සමාගමේ දේපළ ලෙස සැලකීමට සහ, සමාගම ඉල්ලා සිටි විටෙක රඳවා නොගෙන, කොන්දේසි විරහිතව එය භාරදීම.
ආ) මුදල් ආපසුගැනීම හෝ මාරුකිරීම සඳහා ප්‍රමාණවත් මුදල් මගේ/අපගේ ගිණුමේ නැති කිසිදු අවස්ථාවක, කාඩ්පත භාවිතා නොකිරීම හා එසේ කිරීමට උත්සාහ නොකිරීම.
ඇ) මෙම කාඩ්පත – ‘හුවමාරු කළනොහැකි ලියවිල්ලක්’ නිසා, එය භාවිතා කිරීම ‘පසුපිටේ නම සඳහන් පුද්ගලයාට’ පමණක් සීමාකිරීම.
ඈ) සමාගම හෝ සමාගම නියෝජනය කරන පුද්ගලයෙකු විසින්, ‘කාඩ්පත අවලංගු කළ බව හෝ එය සමාගම විසින් ආපසු ලබාගත් බව ගැන ඕනෑම දැනුම්දීමක්’ මා වෙත ලබාදුන් විට, තවදුරටත් කාඩ්පත භාවිතා නොකිරීම හා භාවිතා කිරීමට උත්සාහ නොගැනීම.
ඉ) කාඩ්පතට ප්‍රවේශය ලබාදෙන ඕනෑම ATM යන්ත්‍රයක – එකී කාඩ්පත භාවිතා කිරීම සඳහා මට ලබාදී ඇති ‘පුද්ගලික අනන්‍යතා අංකය (PIN අංකය)’ – කිසිම අවස්ථාවක, කිසිම පුද්ගලයෙකුට හෙළිනොකිරීම.
ඊ.) කාඩ්පත නැතිවීම හෝ සොරකම් කිරීම පිළිබඳ, සමාගමට වහාම දැනුම්දීම.
උ) කාඩ්පත නැතිවීම හෝ සොරකම් කිරීම හෝ PIN අංකය අනවසරයෙන් අත්පත් කරගැනීම පිළිබඳ දැනුම්දීමක් ලද බව සමාගම විසින් මා හට තහවුරු කිරීමෙන් පසුව සිදුවන යම් ගනුදෙනුවක හැර, කාඩ්පත භාවිතයෙන් කළ සියලුම ගනුදෙනු සඳහා සම්පූර්ණ වගකීම භාරගැනීම.
ඌ) ඉහත (උ) වගන්තියට යටත්ව; ‘සමාගමේ මුදල් ආපසුගැනීම් සහ/හෝ මාරුකරගැනීම පිළිබඳ වාර්තාව’ ‘එකී අරමුණ සඳහා නිර්ණායකය ලෙස සහ සියලු අරමුණු සඳහා බැඳීමක් ලෙස යොදාගන්නා’ බව පිළිගැනීම, සහ ඊට අනුකූලව ‘මගේ අනුදැනුම හෝ අනුමැතිය ඇතිව හෝ නැතිව – ආපසු ලබාගැනීමේ හෝ මාරුකිරීමේ සියලුම මුදල් වටිනාකම මගේ ගිණුමට හර කිරීම සඳහා’ සමාගමට බලය පැවරීම.
එ) ‘සමාගම සමඟ ඇති මගේ ගිණුමේ තත්ත්වය සනාථ කරගැනීමේ නිර්ණායකය’ ලෙස; ‘ස්වයංක්‍රීය ටෙලර්එ. ‘සමාගම සමඟ ඇති මගේ ගිණුමේ තත්ත්වය සනාථ කරගැනීමේ නිර්ණායකය’ ලෙස; ‘ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ තිරයේ, මුද්‍රිත විමර්ශන පත්‍රිකාවේ (printed inquiry slip) හෝ ලැබීම් තහවුරු කිරීමේ පත්‍රයේ (receipt advice) දැක්වෙන මුදල’ කිසිම විටෙක යොදා නොගනී.
ඒ) ‘කාඩ්පතේ හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ යම් දෝෂයක් හෝ අක්‍රීයවීමක්’, හෝ ‘ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ ඇති මුදල් ප්‍රමාණවත් නොවීම’ නිසා උද්ගත වන හෝ එම හේතුවක් නිසා පැනනගින – කිසිම අලාභයක් හෝ හානියක් පිළිබඳ; සමාගමට කිසිම ආකාරයක වගකීමක්, වගකීමට බැඳීමක් හෝ වගවීමක් ඇති නොකරයි.
ඔ) ඉහත (ඊ) වගන්තියේ සඳහන් විධිවිධානවල සාමාන්‍යභාවය නොතකා සහ ඊට අගතියකින් තොරව – කාඩ්පත භාවිතා කිරීමේ අවදානම ම’විසින් සම්පූර්ණයෙන්ම දැරිය යුතු වන අතර – එලෙස කාඩ්පත භාවිතා කිරීමේ දී සහ එමගින් පැනනගින – ඕනෑම සහ සියලු අවදානම් ම’විසින් උපකල්පනය කර ඒ අනුව කටයුතු කරයි.ඔ. ඉහත (ඊ) වගන්තියේ සඳහන් විධිවිධානවල සාමාන්‍යභාවය නොතකා සහ ඊට අගතියකින් තොරව – කාඩ්පත භාවිතා කිරීමේ අවදානම ම’විසින් සම්පූර්ණයෙන්ම දැරිය යුතු වන අතර – එලෙස කාඩ්පත භාවිතා කිරීමේ දී සහ එමගින් පැනනගින – ඕනෑම සහ සියලු අවදානම් ම’විසින් උපකල්පනය කර ඒ අනුව කටයුතු කරයි.
ඕ) ඕනෑම හේතුවක් නිසා – ඕනෑම පාර්ශ්වයක් විසින්; කාඩ්පත පිළිනොගැනීම/ අගරු කිරීම පිළිබඳ සමාගම වගකිවයුතු නැත.
ක) කාඩ්පත තවදුරටත් අවශ්‍ය නොවේ නම්, හෝ ඕනෑම හේතුවක් නිසා සමාගම සමඟ ඇති මගේ ගිණුම වසා දමා ඇත්නම්; අවලංගු කිරීම සඳහා කාඩ්පත ආපසු ලබාදීම
ග) කාඩ්පත අවලංගු කිරීමෙන්, හෝ එය අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන්; ඕනෑම වේලාවක – මට දැනුම්දීමකින් තොරව පහසුකම අවසන්කිරීමට සමාගමට නිදහස ඇත.
ච). ‘ශ්‍රී ලංකා රුපියල් හැර අනෙකුත් විනිමය වර්ගවලින් සිදුවන සියලුම කාඩ්පත් ගනුදෙනු’ කාඩ්පත් ගිණුමට හර කරන්නේ, එසේ කරන දිනයේ Visa/MasterCard International ආයතනවලින් ගළපන ලද විනිමය අනුපාතිකයක් අනුව ඒවා ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසුව වන අතර; එහිදී සමාගම විසින් ඊට අමතරව අයකරන යම් ප්‍රතිශතයක්, කිසියම් ලෙසකින් අදාළ වන්නේ නම් Visa/MasterCard International ආයතනවලින් සමාගමෙන් අයකරන කිසියම් ගනුදෙනු ගාස්තු(වක්) සහ සමාගම සමඟ බෙදාගත් යම් ගාස්තුවක් වේ නම් එය ද, එහිදී එම වටිනාකමට එකතු වේ.
ට) මතභේදයට තුඩු දී ඇති ගනුදෙනු හේතුවෙන් – ආපසු හැරවීම් හෝ, ‘ගනුදෙනුවක් – අවලංගු කිරීම, ආපසුහැරවීම, යළි අයකරගැනීම හෝ මුදල් ආපසු ගැනීම ඇතුළුව’ මුදල් ආපසු ගැනීම් නිසා; සිදුවිය හැකි ඕනෑම විනිමය පාඩුවක් දැරීමට මා බැඳී සිටින බවට මම එකඟවෙමි.
ඩ) ම’විසින් කාඩ්පත භාවිතා කර තැන්පත් කළ මුදල්, සමාගම විසින් සත්‍යාපනය කිරීමෙන් පසුව පමණක් මගේ ගිණුමට බැරයි. එසේ තැන්පත් කිරීමේ දී ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් නිකුත්කළ ප්‍රකාශය සනාථ කරන්නේ ‘තැන්පත් කළ වටිනාකම ලෙස මා ප්‍රකාශ කරන වටිනාකම’ පමණක් වන අතර, එකී වටිනාකම පිළිගැනීමට සමාගමට බැඳී නොසිටී. තීරණාත්මක වටිනාකම ලෙස සැලකෙන්නේ, සමාගම විසින් ගණනය කිරීමේ දී ලියුම් කවරයේ අඩංගු මුදල් වටිනාකමයි.
ත) බද්ධ ගිණුම් හිමියන් මෙම නියමයන් සහ කොන්දේසිවලට – අන්‍යෝන්‍ය වශයෙන් – තනිතනිව හා සාමූහිකව බැඳීසිටින අතර, කාඩ්පත භාවිතයෙන් සිදුවන සියලුම ගනුදෙනු සඳහා වගකීමට බැඳේ.
ද) විදේශීය නිශ්චල දේපල හෝ මූල්‍ය වත්කම් මිලදී ගැනීම් සඳහා ගෙවීම් කිරීමට, මම මෙම කාඩ්පත භාවිතා නොකරමි.
න) සමාගම විසින් කාඩ්පත භාවිතා කිරීම පිළිබඳ පනවා ඇති නියමයන් සහ කොන්දේසිවලට අමතරව, කාඩ්පත භාවිතාකිරීම සම්බන්ධයෙන් MasterCard/VISA International යන පාර්ශ්ව දෙකම විසින් පනවා ඇති නීති සහ රෙගුලාසි ද කාඩ්පත් හිමියා වෙත බලපැවැත්වේ.
ප) පුද්ගලික භාවිතය සඳහා භාණ්ඩ මිලදී ගැනීම සහ වියදම් කිරීම.
11. ඊමේල් භාවිතය පිළිබඳ හානිපූරණය
අ) සමාගම සහ මා අතර ඊමේල් ඔස්සේ හුවමාරු කරගන්නා උපදෙස්, පහත දැක්වෙන අවශ්‍යතා සඳහා පමණක් යොදාගත හැකිය;
ආ) මා විසින් වෙනත් ආකාරයකින් ‘ප්‍රකාශිත උපදෙස් දී – එය සමාගම විසින් නිසි ලෙස පිළිගෙන ඇති අවස්ථාවක දී හැර’; මෙම වගන්තියේ අරමුණ සඳහා මගේ ලියාපදිංචි ඊමේල් ලිපිනය ලෙස යොදාගත යුත්තේ, ‘ගිණුම විවෘත කිරීමේ අයදුම්පතේ මා විසින් දක්වා ඇති’ ඊමේල් ලිපිනය යි.
ඇ) ‘ඊමේල් ඔස්සේ ගිණුම් කටයුතු කිරීම’ – මගේ ඉහත කී ලියාපදිංචි ඊමේල් ලිපිනයෙන් පමණක් – මට ලබාදී ඇති සමාගමේ ඊමේල් ලිපිනයට යොමුකරන උපදෙස්වලට සීමාවිය යුතු අතර’; ‘මගේ එකී ඊමේල් ලිපිනය ඔස්සේ සමාගමට ලැබෙන උපදෙස්වල වලංගු බව සහ සත්‍ය බව තහවුරු කරගැනීමට’ සමාගම කිසි ලෙසකින්වත් බැඳී නැත.
ඈ) ‘වැඩකරන දින සහ සාමාන්‍ය ව්‍යාපාරික වේලා’ ලෙස සමාගම දැනුම් දී ඇති කාලය තුළ, මා විසින් එවා සමාගමට ලැබෙන ඊමේල් පණිවුඩ මත පමණක් කටයුතු කළයුතු බවත්; එවැනි උපදෙස් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිකම නිසා ඒවා අසාර්ථක වීම/ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ, සමාගම වගකීමට නොබැඳෙන බවත් මම පිළිගනිමි.
ඉ) ‘නොපැහැදිලි, ව්‍යාකූළ හෝ බහු විධ යැයි’ – සමාගමේ පූර්ණ අයිතිය අනුව සමාගම මතය දරන ඊමේල් උපදෙස් මත සමාගම කටයුතු කළයුතු නොවන අතර, සමාගම එලෙස කටයුතු නොකිරීම නිසා මට උද්ගත විය හැකි කිසිම අලාභයක් හෝ හානියක් සඳහා, සමාගම වගකිව යුතු නොවේ.
ඊ) ඉහත කී පරිදි ලැබෙන ඊමේල් උපදෙස් මත සමාගම කටයුතු කිරීම මත සිදුකළ ගනුදෙනුවලින් ‘මට සිදුවන කිසිම අලාභයකට/හානියකට සමාගම වගකිවයුතු නැත. මගේ ඊමේල් ඔස්සේ ‘මා හෝ වෙනත් තුන්වන පාර්ශ්වයක් විසින් සිදුකළ වංචා හෝ අපරාධ නිසා උද්ගත වෙන’ කිසිම ප්‍රතිවිපාකයකට සමාගම කිසිසේත්ම වගකිව යුතු නොවේ.
උ) මෙසේ ලබා දී ඇති ඊමේල් ඔස්සේ මා වෙතින් ලැබෙන උපදෙස් මත කටයුතු කිරීමේ දී – සමාගම ගෙවන, දැරීමට සිදුවෙන හෝ උද්ගතවෙන සියලුම ආකාරයේ හිමිකම්පෑම්, පාඩු, හානි, පිරිවැය, වගකීම් සහ වියදම් මා’විසින් දරාගන්නා අතර; සියලුම ආකාරයේ ව්‍යවස්ථාපිත, නියාමන සහ බලාත්මක කිරීමේ ආයතනවල සියලුම නීති හෝ රෙගුලාසිවලට අනුකූළවීමේ වගකීමට යටත්ව මා සෑමවිටම කටයුතු කරමි.
12. USSD හානිපූරණය
මගේ ලියාපදිංචි ජංගම දුරකථන අංකය ඔස්සේ ලැබුණු ‘ව්‍යුහගත නොවන පරිපූරක සේවා දත්ත (USSD)’ හරහා, මගේ කාඩ්පතට අදාළ පහත ලැයිස්තුගත කර ඇති කටයුතු සිදුකිරීමට මම මෙයින් එකඟත්වය පළකරමි.
අ. ATM කාඩ්පත ඉතුරුම් ගිණුමට සම්බන්ධ කිරීම;
ආ. අලුත් PIN නිර්මාණය කිරීම;
ඇ. කාඩ්පත සක්‍රීය කිරීම / අවහිර කිරීම (අක්‍රීය කිරීම);
ඈ. ගිණුම් ශේෂය විමසීම;
13. ONLINE ක්‍රමවේද ඔස්සේ ලබාදෙන පහසුකම් භාවිතය
අ) මගේ පහසුව සඳහා, සමාගම විසින් ‘යෝග්‍ය උපාංගයක් ඔස්සේ පිවිසිය හැකි ඇතැම් online පහසුකම් මට ලබාදීමට ඉඩ ඇති බව’, අවබෝධ කරගෙන මම ඒ සඳහා එකඟත්වය පළකරමි. (මෙහිදී ‘උපාංගය’ යනුවෙන් අදහස් වෙන්නේ; ‘සමාගම විසින් ලබාදෙන online ක්‍රමවේද භාවිතා කිරීමට යොදාගත හැකි’ ඕනෑම මොබයිල් දුරකථනයක් සහ සක්‍රීය සිම් කාඩ්පතක්, ‘ටැබ් උපාංගයක්’ හෝ ඒ සඳහා යෝග්‍ය වෙනත් එවැනි උපාංගයකි).
ආ) එවැනි ONLINE ක්‍රමවේද වෙත පිවිසීමට යොදාගත හැකි; ඕනෑම එක්-වාර-මුරපද (OTP) ද ඇතුළු සියලු මුරපද – තරයේම මගේ භාවිතය සඳහා පමණක් වන අතර, ම’විසින් ඒවා රහසිගතව පවත්වාගැනීමටත් – ‘කිසිම විටෙක කිසිම හේතුවක් මත වෙනත් කිසිම තුන්වන පාර්ශවයකට නොදීමටත්’ මම එකඟ වෙමි.
ඇ) එවැනි ‘ONLINE ක්‍රමවේද වෙත පිවිසීමට යොදාගන්නා උපාංගය’ නැතිවීම හෝ සොරකම් කිරීම නිසා, එහි අන්තර්ගත මගේ සංවේදී දත්ත තෙවන පාර්ශවයන්ට හෙළිදරව් වීමේ අවදානමක් ඇති බව තේරුම්ගෙන එකඟවන අතර, මගේ උපාංගය නැති වූ හෝ සොරකම් කළ ඕනෑම විටෙක දී – නොපමාව ඒ බව අදාළ බලධාරීන්ට දැනුම්දීමට මම නොවැළැක්විය හැකි ලෙස එකඟත්වය පළකරමි.
ඈ) එලෙස උපාංගය නැති වූ හෝ සොරකම් කළ ඕනෑම විටෙක දී – නොපමාව ඒ බව සමාගමට දැනුම්දීමට මම තවදුරටත් එකඟවන අතර, සමාගම වරින් වර මට ලබාදී – දැනුම් දී ඇති සන්නිවේදන මාර්ග ඔස්සේ ‘තෙවන පාර්ශවයක් ගිණුමට පිවිසීමට ඇති අවකාශය’ අවහිර කරන ලෙස සමාගමෙන් ඉල්ලා සිටීමට එකඟ වෙමි.
ඉ) එලෙස උපාංගය නැති වූ හෝ සොරකම් කළ විටෙක ‘ඉහත කී පරිදි සමාගමට දැනුම්දීමට පෙර’ තෙවන පාර්ශවයන් මගේ ගිණුමට අනවසරයෙන් පිවිසීමෙන් මට විඳින්නට සිදු වූ, උද්ගත වූ සියලු හිමිකම්පෑම්, පාඩු, හානිවීම්, පිරිවැය, වගකීම් සහ වියදම් කිසිවක් පිළිබඳ – සමාගම කිසිම වගකීමක් හෝ ගෙවීමට බැඳීමක් නොදරන අතර, එය සම්පූර්ණයෙන්ම මගේ තනි වගකීම බව මම අවබෝධ කරගෙන ඒ සඳහා එකඟත්වය පළකරමි.
ඊ) ‘එලෙස උපාංගය නැති වූ හෝ සොරකම් කළ විටෙක – ඉහත කී පරිදි නිසි ලෙස සමාගමට දැනුම්දීමට මා අසමත්වී වූ අවස්ථාවක දී’ තෙවන පාර්ශවයන් මගේ ගිණුමට අනවසරයෙන් පිවිසීමෙන් මට විඳින්නට සිදු වූ, උද්ගත වූ සියලු හිමිකම්පෑම්, පාඩු, හානිවීම්, පිරිවැය, වගකීම් සහ වියදම් කිසිවක් පිළිබඳ – සමාගම කිසිම වගකීමක් හෝ ගෙවීමට බැඳීමක් නොදරන අතර, එය සම්පූර්ණයෙන්ම මගේ තනි වගකීම බව මම අවබෝධ කරගෙන ඒ සඳහා විශේෂයෙන් එකඟත්වය පළකරමි.
14. ගිණුමට බලපවත්වන නියමයන් සහ කොන්දේසි, කලින් කලට සංශෝධනය කිරීමට හෝ වෙනස්කිරීමට සමාගමට අයිතිය ඇති බවත් එම නියමයන් සහ කොන්දේසි බලපැවැත්වීමට පෙර සමාගම ඒවා මට දැනුම්දෙන බවත්, මම අවබෝධ කරගෙන ඒ සඳහා එකඟත්වය පළකරමි.