මුල් පිටුව
ඔබ සදහා
ඩිජිටල් ඉතුරුම්
ඉලක්ක පදනම් කරගත් ස්ථාවර තැන්පතු
ආන්තික වෙළඳාම
ස්ථාවර තැන්පතු
කල්බදු – රථ වාහන ණය
ඔබේ ව්‍යාපාරය සඳහා
ණය සාධනය (ෆැක්ටරින්)
ව්‍යාපාරික ස්ථාවර තැන්පතු
ආයතනික කල්බදු
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධන ණය
මූල්‍ය තාක්ෂණ (Fintech) විසඳුම්
Justpay
Lanka QR
ENG
සිංහල
தமிழ்
සමාගම
මුල් පිටුව
අප ගැන
ඔබ සදහා
ඔබේ ව්‍යාපාරය සඳහා
මූල්‍ය තාක්ෂණ (Fintech) විසඳුම්
අළුත් දේ මොනවාද
අප සමඟ සම්බන්ධ වන්න
ඔබ සදහා
ඩිජිටල් ඉතුරුම්
ඉලක්ක පදනම් කරගත් ස්ථාවර තැන්පතු
ආන්තික වෙළඳාම
ස්ථාවර තැන්පතු
කල්බදු – රථ වාහන ණය
ඔබේ ව්‍යාපාර සදහා
ණය සාධනය (ෆැක්ටරින්) –
ව්‍යාපාරික ස්ථාවර තැන්පතු
ආයතනික කල්බදු
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධන ණය
මූල්‍ය තාක්ෂණ (Fintech) විසඳුම්
Justpay
Lanka QR
මුල් පිටුව
අප ගැන
ඔබ සදහා
ඔබේ ව්‍යාපාරය සඳහා
මූල්‍ය තාක්ෂණ (Fintech) විසඳුම්
අප සමඟ සම්බන්ධ වන්න
ඩයලොග් ෆයිනෑන්ස්
විශේෂ දැනුම්දීම්
විශේෂ දැනුම්දීම්
අත්තිකාරම් ආදායම් බද්ද (රඳවා තබාගැනීශම්ද බද්ද) 2025.04.01 දින සිට 5% සිට 10% දක්වා වෙනස්වීම සහ පොළී ආදායම මත අත්තිකාරම්ද ආදායම් බද්ද නිදහස් කිරීම සඳහාවන ස්වයං ප්‍රකාශනය.
2025 මාර්තු 20 වන දින කතානායකවරයා විසින් අත්සන් තබන ලද 2025 අංක 02 දරන දේශීය ආදායම් (සංශෝධිත) පනතට අනුව 2025 අදේල් 01 සිට පහත දවනස්කම් සිදු වේ.
පහත අවස්ථාවල හැර, සියලු තැන්පතු හිමියන්ගේ පොළියෙන් 10% ක අත්තිකාරම් ආදායම් බද්දක් (රඳවා තබා ගැනීමේ බද්දක්) අය කෙරේ.
විදේශ විනිමය ගිණුම්වලට ගෙවනු ලබන පොළිය.
බද්දෙන් නිදහස් කිරීමට හෝ තැන්පතු පොළිය සඳහා අඩු අත්තිකාරම් ආදායම් බද්දක් ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති එවැනි අනුමැතිය ප්‍රකාරව කටයුතු කරන ලෙස බැංකුව/මුල්‍ය ආයතනය දැනුම්වත්කර ඇති පුද්ගලයින්ට ගෙවනු ලබන පොළිය.
පහත ආකාරදයන් ලැදබන දපාළිය:
රාජතාන්ත්‍රික මුක්ති නීතිය හෝ ඊට සමාන නීතියක් යටතේ දක්වා ඇති විදේශ රටක රජයක් හෝ ප්‍රදේශයක්.
රාජතාන්ත්‍රික මුක්ති නීතියක් හෝ ඊට සමාන නීතියක් හෝ ශ්‍රී ලංකා රජයේ ගිවිසුමක් (ගිවිසුම මගින් ලබා දී ඇති නිදහස් කිරීම, රාජතාන්ත්‍රික මුක්ති නීතිය හෝ ඊට සමාන නීතියක් යටතේ ලබා දී ඇති නිදහස් කිරීමට වඩා පුළුල් නම්) හෝ යටතේ දක්වා ඇති ජාත්‍යන්තර සංවිධානයක්.
ඔබ ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙක් නම් සහ සියලු තක්සේරු කළ හැකි ආදායම 1,800,000 නොඉක්මවයි නම් ඔබගේ බැංකුවට හෝ මුල්‍ය ආයතනයට ස්වයං-ප්‍රකාශයක් ලබා දීම මගින් පොළී ආදායම මත පැනවෙන අත්තිකාරම් ආදායම් බද්දෙන් සහනයක් ලබා ගැනීමට අවස්ථාවක් තිබිය හැකිය.
ස
්වයං ප්‍රකාශයක් ලබා දීමට සුදුසුකම් ඇති පිරිස කවුද?
දේශීය ආදායම් පනතට අනුව ඔබ ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙක් විය යුතුය.
ශ්‍රී ලංකාවේ බැංකුවලින් හෝ මුල්‍ය ආයතනවලින් පොළී ආදායමක් ලැබිය යුතුය,
වැටුප, ව්‍යාපාරික ආදායම සහ ආයෝජන ඇතුළු සියලු ම ආකාරයේ තක්සේරු කළ හැකි ආදායම, අදාළ වර්ෂය සඳහා රු. 1,800,000 නොඉක්මවිය යුතුය.
තක්ශස්වරු කළ හැකි ආදායම යනු කුමක්ද?
තක්සේරු කළ හැකි ආදායමට පහත ආදායම් ඇතුළත් වේ:
ඔබේ රැකියාවෙන් හිමිවන වැටුප හෝ වේතන
ව්‍යාපාරික හෝ වෘත්තීය ආදායම
පොළී හෝ ලාභාංශ ආදී ආයෝජන ආදායම
ශ්‍රී ලංකාවේ නීතියට අනුව බද්දට යටත්වන වෙනත් ඕනෑම ආදායමක්
ස්වයං ප්‍රකාශය ලබා දිය හැක්කේ කෙසේද?
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් පෝරමය ඩවුන්ලෝඩ් කරන්න (
https://www.ird.gov.lk/en/Downloads/Forms_WHT_AIT/ISD_WHT_
01-E.pdf).
(අ)
පුද්ගලිකව පැමිණ භාර දීම
පෝරමය නිවැරදිව පුරවා පහත ලිපිනයට පැමිණ භාර දෙන්න:ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සීපළමු මහල, අංක 57, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 03 (වැඩකරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා පමණි)
(ආ)
) ලියාපදිංචි තැපෑලෙන්
කළමනාකාර-මෙහෙයුම් ලෙස සටහන්කර ඉහත ලිපිනයට
බැංකු හෝ මුල්‍ය ආයතන කිහිපයක ඔබට ගිණුම් ඇත්නම් එම ආයතනවලට වෙන-වෙනම ප්‍රකාශ ලබා දිය යුතුය
වැදගත්:
TIN
අංකයක අවශ්‍යතාව:
ඔබ දැනටමත් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයකට (TIN) ලියාපදිංචි වී සිටී නම්, පෝරමයේ එම අංකය ඇතුළත් කළ යුතුය.
ඔබට TIN අංකයක් නොමැති නම්, ඔබ වෙනුවෙන් එම අංකය ලබා ගැනීම සඳහා බැංකුව/මුල්‍ය ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ තොරතුරු යොමු කරනු ඇත.
ස්වයං ප්‍රකාශය වලංගු වන්නේ එක් ඇගයුම් වර්ෂයකට පමණි. (අප්‍රේල් 1 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා) සෑම වසරක ම අලුත් ප්‍රකාශයක් ලබා දිය යුතුය.
ස්වයං ප්‍රකාශය ලබාදෙන මොහොතවන විටත් ඔබගෙන් අත්තිකාරම් ආදායම් බද්ද අයකරගෙන තිබේ නම්, එම අයකරගත් මුදල ආපසු ලබා දීමට බැංකුවට/මුල්‍ය ආයතනයට නොහැකිය. ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අයදුම් කළ යුතුය.
ඔබ නව තැන්පතු ගිණුමක් ආරම්භ කරන්නේ නම්, කලින් ලබා දී තිබූ ප්‍රකාශය අවලංගුවන අතර නව ප්‍රකාශයක් ලබා දිය යුතුය
බාලවයස්කරුවෙකු වෙනුවෙන් භාරකරුට ප්‍රකාශයක් ලබා දිය හැකිද?
ඔව්! ඔබ බාලවයස්කරුවෙකුගේ භාරකරුවෙකු නම්, ඔහු/ඇය වෙනුවෙන් ප්‍රකාශය ලබා දිය හැකිය. එහිදී භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය ඇතුළත් කිරීමට වගබලා ගන්න.
අමතර තොරතුරු:
හවුල් ගිණුම් හිමියන්:
සෑම පුද්ගලයෙකු ම ඔවුන්ගේ ඒකාබද්ධ පොළී ආදායම සඳහා වෙන-වෙනම ස්වයං-ප්‍රකාශ ලබා දිය යුතුය.
ඔබේ ප්‍රකාශයේ තොරතුරු වැරදි යයි හඳුනා ගතහොත්, ඔබේ ප්‍රකාශය අවලංගුවන අතර අත්තිකාරම් ආදායම් බද්ද අයකර ගනු ලැබේ. වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් දේශීය ආදායම් පනත යටතේ දඬුවම් ලැබීමට සිදුවිය හැකිය.
2025.03.28
දිනැති SEC/2025/E/03
දරන දේශීය ආදායම් දෙපාර්තමේන්තු චක්‍රලේඛයට අනුව වලංගු ප්‍රකාශයක් ලැබුණු පසු බැංකුව/මුල්‍ය ආයතනය අදාළ පුද්ගලයින්ගේ පොළී සඳහා කිසිඳු බද්දක් කපා හැරීමට කටයුතු නොකෙරේ.
සහයෝගයක් අවශ්‍යද?
ඔබේ පොළී ආදායම මත අත්තිකාරම් ආදායම් බද්ද පැනවීම වළක්වා ගැනීම සඳහා නියමිතට දිනට පෙර ස්වයං ප්‍රකාශය ලබා දෙන්න.
පෝරමය පිරවීම හෝ වෙනත් ඕනෑම ගැටළුවක් සම්බන්ධයෙන් ඔබගේ ළඟම පිහිටි දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයකට පිවිසෙන්න. නැතිනම් 1944 න් දේශීය ආදායම් ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න. නැතිනම්, 0114 317 317 ඩයලොග් ෆිනෑන්ස් ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.
We would like
to hear from you
Genie යෙදවුම ලබා ගන්න
genie
Genie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.