ඩයලොග් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ඔබේ මුදල් සුරක්‍ෂිතව තබා ගැනීමට ඵලදායී මගක්

ස්ථාවර තැන්පතුවක් යනු අවම අවදානමක් සහිතව මුදල් ඉතිරි කර ගැනීමට ඇති ඉතාමත් ඵලදායී මාර්ගයක් බව ඔබ දන්නවාද? ස්ථාවර තැන්පතු යනු සෑම විටම ස්ථාවර ප්‍රතිලාභ සහ ප්‍රතිපල ලබාදෙන අතරතුර අරමුදල් නඩත්තු කරන ප්‍රබල මුල්‍ය මෙවලමකි, ඩයලොග් ෆයිනෑන්ස් ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා උසස්ම සහ වඩා තරඟකාරී පොලී අනුපාත ලබා දෙයි.

ස්ථාවර තැන්පතු සඳහා ඔබ ඩයලොග් ෆයිනෑන්ස් තෝරා ගත යුත්තේ ඇයි?
ආකර්ෂණීය පොලී අනුපාත
අවදානම් රහිත/ සුරක්ෂිත ආයෝජනයක්
පුද්ගලීකරණය කළ සේවාව
පාරිභෝගික අවශ්‍යතා අනුව සැකසිය හැකි සැලසුම්

අසමසම ප්‍රතිලාභ
ඩයලොග් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු සඳහා වාසිදායක පොලී අනුපාතයන් ලබා දෙයි; අප සමඟ ඉතිරි කර වැඩියෙන් උපයන්න!

ඔබේ ස්ථාවර තැන්පතුව padanam karagena ණයක් ලබා ගැනීමේ හැකියාව
ඔබේ තැන්පතු වල වටිනාකමින් 90% ක් දක්වා ණයක් ලබා ගැනීමේ පහසුකම අපි ඔබට පිරිනමන්නෙමු

කරදරයක් නැති ආයෝඡනයක්
අසාමාන්‍ය ප්‍රතිලාභ සහිත මුල්‍ය මෙවලම් වැඩි අවදානමක් ඇති නමුත් ඩයලොග් ෆයිනෑන්ස් හි ස්ථාවර තැන්පතුවලට කිසිදු අවදානමක් නොමැත. ‘AA (lka)’ ශ්‍රේණිගත කිරීම් ලබා ඇති සහ ලංකාවේ ප්‍රමුඛ පෙළේ එක් සමාගමක පූර්ණ අනුබද්ධ ආයතනයක් වන ඩයලොග් ෆයිනෑන්ස් යනු ඔබ මහන්සියෙන් උපයා ගත් මුදල් සඳහා විශ්වාසදායක තැන්පතු ස්ථානයකි.

විවිධ ස්ථරයන් සඳහා වෙන්වූ පාරිභෝගික සේවය
ඩයලොග් ෆයිනෑන්ස් අපි අපගේ පාරිභෝගිකයින්ට ඉහළම තලයේ සේවාවක් සහ පළපුරුද්දක් ලබා දීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කරන්නෙමු. අපගේ පුද්ගලීකරණය කළ ප්‍රවේශය ගැන අපි ආඩම්බර වන අතර සෑම පාරිභෝගිකයෙකුටම අසමසම ආයෝඡන අත්දැකීමක් ලබා දීමට උත්සාහ කරමු.

අධීක්ෂණය සහ සොයා බැලීමේ පහසුව
ඔබේ පොලී ආදායම සහ කල් පිරීමේ විස්තර නිරීක්ෂණය කිරීමට අපගේ බහුකාර්ය ජංගම යෙදුම ඔබට ඉඩ සලසයි.

අයදුම් කරන්නේ කෙසේද?
අවම වශයෙන් රු. 5,000 ක මුදලක් මාස 1 ක සිට අවුරුදු 5 දක්වා කාලයක් සඳහා තැන්පත් කිරීමෙන් ඔබට ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කළ හැක. ඔබට කළ යුත්තේ ළඟම ඇති ඩයලොග් ෆයිනෑන්ස් ශාඛාව වෙත පිවිසීම පමණක්ම වන අතර ගිණුම ඇරඹීමට සඳහා ඔබට උදවු කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වන්නෙමු.
වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර අපගේ 24×7 ක්ෂණික ඇමතුම් අංකයෙන් 0777 370 370 අමතන්න නැතිනම් පහත විස්තර පුරවන්න, අපි හැකි ඉක්මනින් ඔබ හා සම්බන්ධ වන්නෙමු

 

මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය තුළින් සුදුසුකම් ලත් තැන්පතු වගකීම් රක්‍ෂා කරනු ලබන්නේ උපරිම වශයෙන් එක් තැන්පත්කරුවෙකුට රු.1,100,000 කි.

Genie යෙදුම බාගත කරගන්න

තනි පුද්ගල | ජේෂ්ඨ පුරවැසි නොවන අනුපාත (වයස අවුරුදු 60 ට අඩු)

2025 මැයි 1 සිට බලපැවැත්වේ

කාලපරිච්ඡේදය කල්පිරීම මාසික
සාමාන්‍ය වා.ස.පො.අ සාමාන්‍ය වා.ස.පො.අ
මාස 01 6.00% 6.17% - -
මාස 03 7.50% 7.71% 7.25% 7.50%
මාස 06 8.00% 8.16% 7.75% 8.03%
මාස 12 9.00% 9.00% 8.50% 8.84%
මාස 18 9.00% 8.81% 8.25% 8.57%
මාස 24 9.75% 9.32% 8.75% 9.11%
මාස 36 10.25% 9.35% 8.75% 9.11%
මාස 48 10.00% 8.78% 8.25% 8.57%
මාස 60 10.00% 8.45% 8.00% 8.30%

ජේෂ්ඨ පුරවැසි අනුපාත (වයස අවුරුදු 60 හෝ ඊට වැඩි)

2025 මැයි 1 සිට බලපැවැත්වේ

කාලපරිච්ඡේදය කල්පිරීම මාසික
සාමාන්‍ය වා.ස.පො.අ සාමාන්‍ය වා.ස.පො.අ
මාස 01 6.00% 6.17% - -
මාස 03 7.50% 7.71% 7.25% 7.50%
මාස 06 8.00% 8.16% 7.75% 8.03%
මාස 12 9.00% 9.00% 8.50% 8.84%
මාස 18 9.00% 8.81% 8.25% 8.57%
මාස 24 9.75% 9.32% 8.75% 9.11%
මාස 36 10.25% 9.35% 8.75% 9.11%
මාස 48 10.00% 8.78% 8.25% 8.57%
මාස 60 10.00% 8.45% 8.00% 8.30%

සේවා ඉල්ලීම්

කරුණාකර ජිනි ඇප් එක හරහා සේවා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න:

  1. ජිනි ඇප් එකට ලොග් වන්න
  2. ඩෑෂ්බෝඩ් එකේ පහළින් ඇති “සේවා ඉල්ලීම්” තෝරන්න
  3. “වෙනත් ඉල්ලීම්” තෝරන්න

ආයතනික විමසීම් සඳහා, කරුණාකර info@dialogfinance.lk වෙත ඊමේල් කරන්න.

සබැඳි නිෂ්පාදන/ ආශ්‍රිත නිෂ්පාදන

We would like
to hear from you
Genie යෙදවුම ලබා ගන්න genie

Genie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.