කඩිනම් හා කාර්යක්ෂම ඒකාබද්ධ ගෙවීම් පද්ධතියක්

LankaQR ලංකාවේ මූල්‍යය තාක්ෂණ ක්ෂෙත්‍රයට මුළුමනින්ම නව උද්‍යෝගයක් ලබා දෙයි. එය සරල, භාවිතයට පහසු ගෙවීම් පද්ධතියක් වන අතර බාධාවකින් තොරව මූල්‍ය ගණුදෙනු සිදු කරයි. Genie ජංගම යෙදුම සමඟ, ගෙවීම් කවුන්ටරය අසල ප්‍රදර්ශනය වන QR කේතය ස්කෑන් කිරීමෙන් ඔබට දැන් ඕනෑම Lanka QR -සක්‍රීය ආයතනයකින් ගෙවීම් කළ හැකිය.

LankaQR භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන දේවල්
කඩිනම් හා වේගවත් ගෙවීම්
ආරක්ෂිත සහ විශ්වාසදායී හුවමාරු කිරීම
ගෙවීම් ක්‍ෂණිකව තහවුරු කිරීම

පහසුව සහ සුරක්‍ෂිතභාවය
LankaQR සමඟ ඔබට ඔබේ ඉතුරුම් හෝ ජංගම ගිණුමෙන් විකුණුම්කරුගේ ගිණුමට ආරක්ෂිතව මුදල් මාරු කළ හැකග එය වේගවත්, සරල සහ බාධාවකින් තොර ක්‍රියාවලියකි.

වේගවත් හා කාර්යක්ෂම බව
ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ගෙවීමට අවසර දුන් පසු නිශ්චිත මුදල වහාම මාරු කෙරේ – බොහෝ වෙලාවක් බලා සිටීමට අවශ්‍ය නැත.

ගෙවීම්වල ක්‍ෂණිකව තහවුරුකිරීමක් ලබා ගන්න
ඕනෑම LankaQR ලියාපදිංචි වෙළෙන්දෙකුට ගෙවීමක් කළ පසු, විකිණුම්කරුට වහාම ගෙවීම තහවුරු කරන ලද කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත.

නිතර අසන ප්‍රශ්න

Genie යෙදුමෙන් ස්කෑන් QRතෝරා ගන්න> වෙළෙන්දාගේ QR කේතය ස්කෑන් කර ගෙවීමට ඇති මුදල ඇතුළත් කරන්න

ස්කෑන් QR භාවිතා කිරීම සඳහා, ඔබ Genie භාවිතා කරන්නෙකු විය යුතු අතර, ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට බාගත කරගත් Genie යෙදුම සමග ඉතුරුම් / හර කාඩ්පත් ගිණුම සම්බන්ධ කරන්න. ඔබට ස්කෑන් QR භාවිතා කර ගෙවීම් කිරීමට අවශ්‍ය නම්, ඔබේ ඉතුරුම් / ජංගම ගිණුම හෝ හර / ණයපත් වල ප්‍රමාණවත් මුදලක් තිබිය යුතුය.

එක් ගනුදෙනුවක් සඳහා අවම සීමාව රුපියල් 10/- වන අතර එක් ගනුදෙනුවක් සඳහා උපරිම සීමාව රුපියල් 200,000/- කි.

ගනුදෙනුව සාර්ථක වූ වහාම මුදල් වෙළෙන්දා වෙත මාරු කෙරේ.

ඔව් ඔබට පුළුවන්. ගෙවීම සඳහා වෙනත් ගිණුමක් තෝරා ගැනීමට අවශ්‍ය නම් QR කේතය ස්කෑන් කිරීමෙන් පසු ගෙවීම් සඳහා ඔබට භාවිතා කිරීමට අවශ්‍ය වන ගිණුම තෝරා ගන්න.

ගනුදෙනුව සාර්ථක වූ වහාම මුදල් වෙළෙන්දා වෙත මාරු කෙරේ.

සේවා ඉල්ලීම්

කරුණාකර ජිනි ඇප් එක හරහා සේවා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න:

  1. ජිනි ඇප් එකට ලොග් වන්න
  2. ඩෑෂ්බෝඩ් එකේ පහළින් ඇති “සේවා ඉල්ලීම්” තෝරන්න
  3. “වෙනත් ඉල්ලීම්” තෝරන්න

ආයතනික විමසීම් සඳහා, කරුණාකර info@dialogfinance.lk වෙත ඊමේල් කරන්න.

සබැඳි නිෂ්පාදන/ ආශ්‍රිත නිෂ්පාදන

We would like
to hear from you
Genie යෙදවුම ලබා ගන්න genie

Genie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.