
සමාගම
ඔබ සදහා
ඔබේ ව්‍යාපාර සදහා
මූල්‍ය අන්තර්ගතභාවය සවිබල ගැන්වීම සහ වැඩිදියුණු කිරීම සඳහා කැපවූ ව්‍යාපාරයක් වන ඩයලොග් ෆයිනෑන්ස්, ශ්‍රී ලංකාවේ පුරෝගාමී ඩිජිටල් මූල්‍ය සමාගමක් වන අතර එය මූල්‍ය විසඳුම් සහ සේවාවන් සඳහා නව්‍ය මානයන් රැසක් ඉදිරිපත් කරයි. සෑම අවශ්‍යතාවක්ම සපුරාලිය හැකි මූල්‍ය මෙවලම් ගණනාවක් අපි ඉදිරිපත් කරන අතර, එයින් ඔබගේ ගනුදෙනු කිරීම් කටයුතු වඩවඩාත් පහසු කරයි.
බොත්තමක් ක්ලික් කරන සැනෙන් ඔබට ගැලපෙන මුල්‍ය විසඳුම හෝ සේවාව සොයා ගන්න - සැබවින්ම එය එතරම්ම සරලයි!
ඔබේ සේවාව සදහාම ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය කරන ලද ඩිජිටල් මුල්‍ය සමාගමකි.
අපගේ සරල එහෙත් නව්‍යකරණය වූ මූල්‍ය විසඳුම් විනිවිදභාවයෙන් යුතු අතර පහසුවෙන් තේරුම් ගත හැකි නිසා ඔබට පහසුවෙන් හැසිරවීමට ඉඩ සලසයි.
ඔබේ සෑම මූල්‍ය අවශ්‍යතාවයක් සඳහාම ගැලපෙන විසඳුම් අපි ලබා දෙන්නෙමු.
නවීන තාක්ෂණය සහ ආරක්ෂාව යටතේ ඩයලොග් ෆයිනෑන්ස් සමඟ ඔබේ ගනුදෙනු වඩාත් සුරක්ෂිත ය.
තනි පුද්ගල ගිණුම් වල සිට , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ඩිජිටල් ගෙවීමේ පහසුකම් සහිත ආයතනික මූල්‍ය විසඳුම් දක්වා වු සියල්ල අප විසින් ආවරණය කර ඇත්තෙමු.
තනි පුද්ගලයින්ගේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ, මහා පරිමාණ සමාගම් සහ මූල්‍ය තාක්ෂණික සේවා සපයන්නන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මුල්‍ය විසඳුම් සපයයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් වන ඩයලොග් ඇක්සිආටා පීඑල්සී සමගින් අත්වැල් බැඳ ඔබේ ආයෝඡන සහ අනාගතය සුරක්ෂිත කරගන්න
ඉතුරුම් ගිණුම් වල සිට ඔබ වෙනුවෙන්ම සකස් කළ කල්බදු විකල්ප දක්වා, සෑම අවශ්‍යතාවක් සඳහාම හොඳම පුද්ගලික මූල්‍ය විසඳුම් අපි ලබා දෙන්නෙමු.
ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට උපකාරී වන අරමුදල් සපයා ගන්න නැතහොත් ව්‍යාපාරයේ දියුණුවට උපකාරී වන පරිපූර්ණ මූල්‍ය විසඳුම් සොයා ගන්න.
පහසු ගෙවීම් වල සිට සරල සත්‍යාපන ක්‍රියාවලීන් දක්වා - අපගේ Fintech විසඳුම් සියළුම ශ්‍රී ලාංකිකයින්ට මූල්‍යකරණය සරල හා පහසු කිරීමට උපකාරී වේ.
ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී යනු ඩයලොග් ඇක්සිආටා පීඑල්සී හි අනුබද්ධ ආයතනයකි. 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති ඩයලොග් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු, ආන්තික වෙළෙඳ සේවා, පිළිවැටුම් ණය, සාධකකරණය සහ වෙනත් මූල්‍ය පහසුකම් ඇතුළු ඩිජිටල් මූල්‍ය සේවා රැසක් ලබා දේ. ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී දියුණු වන ලෝකයට සමගාමීව ජාතික මූල්‍ය තාක්ෂණය සංවර්ධිත මට්ටමකට ගෙනයාමේ දැක්මකින් යුතුව ශ්‍රී ලංකාවේ මුල්‍ය කර්මාන්තයේ නවෝත්පාදනයන්හි ඉදිරියෙන්ම සිටී. ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී විසින් කර්මාන්තයේ ප්රමුඛ පෙළේ නිෂ්පාදන හා සේවා සැපයීම සඳහා අති නවීන තාක්ෂණය භාවිතා කරමින් සමාජයේ සීමිත මූල්‍ය සේවා සහිත බැංකු පහසුකම් ලබාගන්නා කොටස් සඳහා පහසු, ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට මූල්‍ය මෙවලම් ලබා දේ.
ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී ආයතනය ජාතික දිගු කාලීන 'AA(lka)' මට්ටමින් ශ්‍රේණිගත කර ඇත; ඒ අනුව කර්මාන්තයේ ඉහළම ඇගයීම පවරා ඇත.
සඳුදා - සිකුරාදා: පෙ.ව. 9 සිට ප.ව. 3 දක්වා / සති අන්තයේ, වෙළඳ සහ පොහොය නිවාඩු දිනයන් වල වසා ඇත