" ඔබේම කොන්දේසි මත ඔබේ මූල්‍ය සංචිත වර්ධනය කර ගන්න!"

වර්ධනය සඳහා කාලයඳ ගත වන අතර, එක් වරකට එක් පියවර බැගින් ඔබේ සිහිනයන්ට සමීප වීම වඩාත් ඵලදායී වනු ඇත. ඩයලොග් ෆයිනෑන්ස් ගෙනෙන ඉලක්ක පදනම් කරගත් ස්ථාවර තැන්පතු පිටුපස ඇති දර්ශනය මෙයයි. එය නිශ්චිත මූල්‍ය අවශ්‍යතාවක් වේවා හෝ ඔබ සරලව අනාගතය සඳහා මුදල් ඉතිරි කිරීමට සැලසුම් කිරීම වේවා, හොඳින් හසුරවනු ලබන අපගේ ඉතිරි කිරීමේ යාන්ත්‍රණයන් මඟින් ඔබේ සංචිත ක්‍රමානුකූලව ආයෝඡනය කිරීමට සහ වර්ධනය වීමට ඉඩ සලසයි!

ආකර්ශනීය පොලී අනුපාත, ඒකාබද්ධ විසඳුම් සහ විවිධ ස්ථරයන් සඳහා වූ පාරිභෝගික සහාය අසීමාන්තික හා විනෝදාත්මක අත්දැකීමක් ඔබට ලබාදෙන අතර එය ශ්‍රී ලංකාවේ වඩාත් පහසු සහ ප්‍රතිලාභදායක ආයෝඡන සැලැස්මකි.

ඩයලොග් ෆයිනෑන්ස් වෙතින් ගෙනෙන ඉලක්ක පදනම් කරගත් ස්ථාවර තැන්පතු සැලැස්මෙහි ප්‍රතිලාභ
ඔබේම පියවර වලින් ඉතිරි කරන්න
ආකර්ශනීය පොලී අනුපාත
යෙදුම් හා ඒකාබද්ධවීම
ප්‍රසාදාත්මක ඉතිරිකිරීමේ ගිණුමක්

මුදල් වර්ධනය කිරීමට පහසු ක්‍රමයක්
ඔබේ මූල්‍ය අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට උපකාරී වන පරිදි ඔබට අවශ්‍යතාවයන් අනුව සකස් කළ හැකි සැලැස්මකි. ඔබේ ඉලක්කය කරා ඔබ ගෙන යන ආයෝජනයේ කාලසීමාව සහ වටිනාකම ඔබටම තීරණය කළ හැකිය. අපගේ ඉලක්ක පදනම් කරගත් ස්ථාවර තැන්පතු මඟින් ආයෝඡනයේ සෑම අංශයක් ගැනම තීරණය කිරීමේ නිදහස ඔබට ලබා දේ.

ඔබ ඉතිරි කරන මුදලට වඩා උපයන්න
මෙම වැඩසටහන සමඟ අපේ ආයෝජකයින්ට ද සුවිශේෂී පොලී අනුපාතයක් හිමි වේ. එමඟින් එකතු කළ පොලී ආදායම සමඟ එකතු වූ මුදල වර්ධනය වේ.

යෙදුම් හා ඒකාබද්ධවූ ප්‍රතිලාභ
ජෙනී ජංගම යෙදුම හරහා ඔබට දැන් ඕනෑම තැනක සිට ආයෝජන සැලසුම් ගිණුමක් විවෘත කිරීමට, නිරීක්ෂණය කිරීමට, මුදල් එක් කිරීමට සහ ඔබේ ආයෝඡනය කළමනාකරණය කිරීම සිදු කළ හැක. කල් පිරීමෙන් පසු, ස්වයංක්‍රීයව සැකසීමත් සමඟම ගිණුම ස්වයංක්‍රීයව වැසෙන අතර එකතු වූ අරමුදල ඔබේ ඉතුරුම් ගිණුමට මාරු කෙරේ. අනුග්‍රාහකයින්ට ඔවුන්ගේ ආයෝඡන සැලසුම් සඳහා නාමිකයන් එකතු කළ හැක. Financial.service@dialog.lk වෙත විද්‍යුත් තැපෑලෙන් ඉල්ලුම් කිරීමෙන් කල් පිරීමේ දිනයට පෙර මුදල් ආපසු ගැනීමට ඔබට විකල්ප අවස්ථාවක් ඇත. financial.service@dialog.lk.

සම්බන්ධිත ඉතුරුම් ගිණුමක ඇති පහසුව
ඉලක්ක පදනම් කරගත් ස්ථාවර තැන්පතු සඳහා ඩයලොග් ෆයිනෑන්ස් තෝරා ගන්නා පුද්ගලයින්ට දැන් අපගේ පූර්ණ ඒකාබද්ධ ඉතුරුම් ගිණුමේ සියළු ප්‍රතිලාභ සහ පහසුව භුක්ති විඳිය හැකිය.
ඉතුරුම් ගිණුම හරහා යමෙකුට ඔබේ ආයෝජන ගිණුමට වාරික ස්වයංක්‍රීයව මාරු කිරීම සඳහා ස්ථාවර උපදෙස් සැකසිය හැකිය.

ආයෝජනය කරන්නේ කෙසේද?
ඔබේ ආයෝඡනය ආරම්භ කිරීමට, ජෙනී යෙදුම බාගත කර ආයෝජන සැලසුම් විකල්පය තෝරාගන්න. සැකසීම සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් අනුගමනය කරන්න – එය ඉතා පහසුයි! ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් දුරකථන අංක 011 4 317 317 (කොළඹ) හෝ 081 7 596 601 (මහනුවර) අපව අමතන්න. පහත පෝරමය පුරවන්න. අපි ඉක්මනින්ම ඔබව සම්බන්ධ කර ගන්නෙමු.

Genie යෙදුම බාගත කරගන්න

FAQ

නියමිත කාලය අවසානයේදී ඔබේ ඉතුරුම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔබට ස්ථාවර මාසික මුදලක් ඉතිරි කළ හැක.

  • ඔබට කැමති අපේක්‍ෂිත කල්පිරීමේ වටිනාකම හෝ මාසික මුදල තෝරා ගත හැක.
  • අරමුදල්යෙදවීමට ඔබට කැමති දිනයක් තෝරා ගත හැකිය
  • ඉලක්කගත කාලය සඳහා සීමාවන් නොමැත. ඔබට මාස 12 සිට මාස 60 දක්වා කාලය තෝරා ගත හැකිය
  • අවම මාසික වාරිකය රු. 100/- සිට ආරම්භ වේ.
  • ඉලක්ක පදනම් කරගත් ඉතුරුම් ගිණුම සමඟ ගනුදෙනු කිරීමේ ඉතුරුම් ගිණුමක් නොමිලේ පිරිනැමේ
  • වැඩි පොලියක් උපයා ගත හැකිය

ඔබේ මාසික වාරික අරමුදල් සපයන දිනයට හෝ ඊට පෙර ඔබේ ගනුදෙනු ඉතුරුම් ගිණුමට තැන්පත් කළ හැකි අතර ස්ථාවර උපදෙස් මඟින් වාරික වටිනාකම ඔබේ ඉලක්ක පදනම් කරගත් ඉතුරුම් ගිණුමට බැර කෙරේ. ඉලක්ක පදනම් කරගත් ස්ථාවර තැන්පතු ගිණුම සඳහා ඍජු තැන්පතු, අරමුදල් මාරු කිරීම හෝ CEFT හුවමාරුව සඳහා අවසර නැත.

ඔබ 9.50% ක පොලියක් සඳහා සුදුසුකම් ලබයි. (නියාමන උපදෙස් හෝ සමාගම් තීරණ හේතුවෙන් අවශ්‍ය විටෙක පොලී අනුපාත වෙනස් කිරීමට සමාගමට අයිතියක් ඇත)

නැත, එවිට ඔබට ගිණුම වසා දමා නව ගිණුමක් විවෘත කිරීමට සිදු වේ.

ඔබ එම ඉල්ලීම financial.services@dialog.lk වෙත විද්‍යුත් තැපෑලෙන් යැවිය යුතුය. ඩයලොග් ෆයිනෑන්ස් ගිණුම සඳහා දඩ පොලී අනුපාතයක් අදාළ වන අතර එම මුදල් ඔබේ ගනුදෙනු ඉතිරි කිරීමේ ගිණුමට යොමු කරයි.

ඉතුරුම් පොලී අනුපාතය දණ්ඩ පොලී අනුපාතය ලෙස සැලකේ

මාසික වාරිකය අඛණ්ඩව මාස දෙකක් තැන්පත් කිරීමට අපොහොසත් වුවහොත්, කොන්දේසි හා නියමයන් මත පදනම්ව ඔබේ ගිණුම අවසන් වන අතර දින ගණන සඳහා දඩ පොලී අනුපාතයක් අය කෙරේ. වසා දැමීමේ වටිනාකම ගනුදෙනුවේ ඉතිරි කිරීමේ ගිණුමට බැර කෙරේ

කල්පිරීමේ මුදල ගිණුම කල්පිරීමේදී ඔබේ ඉතුරුම් ගිණුමට මාරු කෙරේ

සේවා ඉල්ලීම්

කරුණාකර ජිනි ඇප් එක හරහා සේවා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න:

  1. ජිනි ඇප් එකට ලොග් වන්න
  2. ඩෑෂ්බෝඩ් එකේ පහළින් ඇති “සේවා ඉල්ලීම්” තෝරන්න
  3. “වෙනත් ඉල්ලීම්” තෝරන්න

ආයතනික විමසීම් සඳහා, කරුණාකර info@dialogfinance.lk වෙත ඊමේල් කරන්න.

සබැඳි නිෂ්පාදන/ ආශ්‍රිත නිෂ්පාදන

We would like
to hear from you
Genie යෙදවුම ලබා ගන්න genie

Genie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.