
සමාගම
ඔබ සදහා
ඔබේ ව්‍යාපාර සදහා
Fitch ශ්‍රේණිගත කිරීම් – කොළඹ – 2020 ජූනි 10:
Fitch ශ්‍රේණිගත කිරීම් විසින් ඍණාත්මක ඉදිරි දැක්මක් සහිතව සෙරන්ඩිබ් ෆයිනෑන්ස් ලිමිටඩ් හි ජාතික දිගු කාලීන ඇගයීම ‘A+(lka)’ සිට ‘AA-(lka)’ දක්වා සහ ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව රිචඩ් පීරිස් ෆයිනෑන්ස් ලිමිටඩ් (ආර්පීඑෆ්) හි ජාතික දිගු කාලීන ඇගයීම ‘BBB+(lka)’ සිට ‘A-(lka)’ දක්වා සංශෝධනය කර ඇත. එමෙන්ම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී හි (ඩීඑෆ්) ජාතික දිගු කාලීන ඇගයීම ‘AA(lka)’ ලෙස Fitch ශ්‍රේණිගත කිරීම් විසින් තහවුරු කර ඇත.
ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී
ඩයලොග් ෆයිනෑන්ස් හි ශ්‍රේණිගත කිරීම තුළින් පිළිබිඹු වන්නේ එහි මව් සමාගම වන ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකථන හා විදුලි සංදේශ හා ගෙවුම් රූපවාහිනී සේවා සපයන්නා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්, AAA(lka)/ස්ථාවර), සහයෝගය Fitch ආයතනය අපේක්ෂාකරණ බවයි. මෙය ඩයලොග් හි 99% කොටස් හිමිකම, මව් සමාගම සහ ඩයලොග් වෙළඳ නාමය සමඟ ඩයලොග් ෆයිනෑන්ස් හි ඉහළ මෙහෙයුම් හා කළමනාකරණ ඒකාබද්ධතාවය මත පදනම් වේ. ඩයලොග් හි මූලික ව්‍යාපාර සඳහා ඇති වැදගත්කම සීමිත වන අතර , එහි ක්‍රමයෙන් වර්ධනය වන ෆින්ටෙක් ව්‍යාපාරික ආකෘතිය මෙන්ම මධ්‍යස්ථ බව සහ කණ්ඩායමට දක්වන මූල්‍යමය දායකත්වය යන මෙම කැපී පෙනෙන කාරණා ද්ව්ත්වය මගින් අපගේ දැක්ස පිළිබිඹු වේ. ඩයලොග් හි විශ්වාසය සහ ඩයලොග් ෆයිනෑන්ස් සඳහා සහය දැක්වීමේ හැකියාව එහි ඇගයීමෙන් පිළිබිඹු වන අතර එය එහි ස්වාධීන ශක්තියෙන් අවධාරණය කෙරේ.
ෆින්ටෙක් ව්‍යාපාරික ආකෘතිය හරහා තම මව් සමාගමේ ඩිජිටල් මූල්‍ය සේවාවන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ ඩයලොග් ආයතනයේ අභිලාෂයට සහයෝගය දැක්වීම සඳහා 2017 වසරේදී ඩයලොග් ෆයිනෑන්ස් අත්පත් කරගන්නා ලදී.
දුර්වල මූල්‍ය පැතිකඩ, 1% ක පමණ වෙළඳපල කොටසක් සහිත කුඩා ඡන්ද බලය, කෙටි මෙහෙයුම් ඉතිහාසය සහ ඉහළ අවදානම් නැඹුරුව හේතුවෙන් ඩයලොග් ෆයිනෑන්ස් හි සහජ මූල්‍ය ශක්තිය එහි සහයෝගය මත මෙහෙයවනු ලැබූ ශ්‍රේණිගත කිරීමට වඩා ද්‍රව්‍යමය වශයෙන් දුර්වල යැයි අපි විශ්වාස කරමු, උපාංග මූල්‍යකරණය යනු ඩයලොග් ෆයිනෑන්ස් හි මූලික නිෂ්පාදනය වන අතර 2019 වස ර අවසානයේ දහි දළ ණය පොතින් 44% ක් සහ ඩයලොග් ෆයිනෑන්ස් හි 3 වන අදියර ණය වලින් 54% ක් ලෙස ගිණුම්ගතකර ඇත. 3 වන අදියරෙහි ණය/දළණය අනුපාතය 40.1% ක් සහ නියාමන මාස හයක අක්‍රිය ණය අනුපාතය 35% ක් සමග ඩයලොග් ෆයිනෑන්ස් හි වත්කම්-ගුණාත්මක මිණුම් දණ්ඩ දුර්වල වී ඇත. කොරොන වයිරස් වසංගතය සහ දැනටමත් පවතින අභියෝගාත්මක මෙහෙයුම් පරිසරය හේතුවෙන් වත්කම්-ගුණාත්මක මිනුම් මෑත කාලීනව පීඩනයක් යටතේ පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙය ණය පිරිවැය වැඩි කිරීමට සහ ඩයලොග් ෆයිනෑන්ස් හි ලාභදායිතාව තවදුරටත් දුර්වල කිරීමට ඉඩ ඇත.
ඩයලොග් ෆයිනෑන්ස් හි ණය/ව්‍යාපාර වස්තුවක නිශ්චිත අගය 2019 දී- 0.6x ක් වූ අතර 2020 පළමු කාර්තුවේදී 0.4x දක්වා පහත වැටුනි. රුපියල් බිලියන 2 ක නියාමන අවම අගය සපුරාලීම සඳහා 2020 මාර්තු මාසයේදී එහි කොටස් හිමියන්ගෙන් රුපියල් මිලියන 701 ක හිමිකම් නිකුතුව සඳහා දායක මුදල් ලබා ගෙන ඇත. 2021 අවසානය වන විට ඩයලොග් ෆයිනෑන්ස් හි නියාමන මූලික ප්‍රාග්ධන මට්ටම රුපියල් බිලියන 2.5 ක් දක්වා ළඟා කර ගැනීම සඳහා ඉතිරි මුදල ඩයලොග් විසින් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එහි ණය දීමේ සැලසුම් සදහා බොහෝ දුරට අරමුදල් සපයන්නේ ණය හා තැන්පතු වලට වඩා කොටස් ප්‍රාග්ධනයෙන් වන බැවින් එය සමාගමේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට උපකාරී වනු ඇතැයි අපි පුරෝකථනය කරන්නෙමු
Public Notice on Dialog Finance Kandy branch closure Oct 10, 2024
වැඩිදුර කියවන්නCovid-19 බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා CBSL විසින් නිකුත් කරන ලද සහන
වැඩිදුර කියවන්නඅයිතිවාසිකම් පිළිබඳ ගැටළු
වැඩිදුර කියවන්නවිශේෂ මහසභා රැස්වීම්
වැඩිදුර කියවන්න40 වැනි වාර්ෂික මහා සභා රැස්වීම
වැඩිදුර කියවන්නGenie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.