
සමාගම
ඔබ සදහා
ඔබේ ව්‍යාපාර සදහා
ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී හි සභාපතිනිය ලෙස ප්‍රවීණ බැංකුකරු රේණුකා ප්‍රනාන්දු මහත්මිය පත් කර තිබේ.
ඇය ධුරයෙන් ඉවත් වූ ආචාර්ය හාන්ස් විජයසූරිය වෙනුවට පත්කර ඇත. රේණුකා දැනට ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනිය ලෙස සේවය කරන අතර ඉතා ඉහළ පළපුරුද්දක් ඇති, සාර්ථක හා ඉහළ පිළිගැනීමක් ඇති ව්‍යාපාරික නායිකාවකි. බැංකු අංශයේ වසර 39 ක් පුරාවටම ඉතා වැදගත් ව්‍යාපාරික පළපුරුද්දක් ඇති ඇය ඩිජිටල් බැංකුකරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් බැංකු වර්‍ධනය හා සංවර්ධනය පිළිබඳ විශාල ප්‍රවීණතාවයක් ඇති අයෙකි.
2020 අප්‍රේල් මාසයේදී ඩයලොග් ආයතනයට සම්බන්ධ වීමට පෙර ඇය 2012 සිට 2020 දක්වා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ අතර එය අද පවතින තත්වයට ගෙන ඒමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළාය. ඇය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ කටයුතු කරන කාලය තුළ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – සිල්ලර හා පාරිභෝගික බැංකුකරණය සහ සහකාර සාමාන්‍යාධිකාරී – ආයතනික මූල්‍ය විසඳුම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකත්ව භූමිකාවන් රාශියක් ඉටු කළාය. එන්ටීබී ආයතනයට බැඳීමට පෙර රේණුකා ශ්‍රී ලංකා ඒබීඑන් අම්රෝ බැංකුවේ උප සභාපති/ ගෝලීය ගනුදෙනු සේවා ප්‍රධානී සහ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී තනතුරු හොබවා ඇත. ඇය ශ්‍රී ලංකාවේ බෑන්ක් ඉන්ඩොසුවෙස් හි ආයතනික බැංකුකරණ කළමනාකාරිනියක ලෙස ද හොංකොං හි නෙඩර්ලන්ඩ්ෂේ මිඩ්ස්ටෑන්ඩ්ස් බැංකුවේ ද සේවය කර ඇත.
ආයතනික අංශයේ ප්‍රධාන නායකත්ව භූමිකාවන් ඉටු කිරීමට අමතරව, රේණුකා ඇමරිකානු වාණිජ මණ්ඩලයේ උප සභාපතිනිය – ලෙසද කටයුතු කරන අතර මීට පෙර ලංකා ක්ලියර් ලිමිටඩ් හි අධ්‍යක්ෂක ලෙස සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සභාපතිනිය ලෙසද කටයුතු කර ඇත.
ආයතනික අංශයේ ප්‍රධාන නායකත්ව භූමිකාවන් ඉටු කිරීමට අමතරව, රේණුකා ඇමරිකානු වාණිජ මණ්ඩලයේ උප සභාපතිනිය – ලෙසද කටයුතු කරන අතර මීට පෙර ලංකා ක්ලියර් ලිමිටඩ් හි අධ්‍යක්ෂක ලෙස සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සභාපතිනිය ලෙසද කටයුතු කර ඇත. රේණුකා එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ සහකාරියක් මෙන්ම හාවඩ් ව්‍යාපාරික පාසලේ උසස් කළමනාකරණ වැඩසටහනේ ආදි විද්‍යාර්ථීන්ගේ සාමාජිකාවකි.
නවතම පත්වීමෙන් පසු ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය රේණුකා ප්‍රනාන්දු (සභාපති), ඒ. ප්‍රියදර්ශන, ඩබ්ලිව්.වී.එස්.ඩී. වීරසිංහ, ඒ.එස්. අබේකෝන්, එල්ඩීආර් හෙට්ටිආරච්චි සහ පී. එදිරිසිංහ. යන පිරිසෙන් සමන්විත වේ.
Public Notice on Dialog Finance Kandy branch closure Oct 10, 2024
වැඩිදුර කියවන්නCovid-19 බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා CBSL විසින් නිකුත් කරන ලද සහන
වැඩිදුර කියවන්නඅයිතිවාසිකම් පිළිබඳ ගැටළු
වැඩිදුර කියවන්නවිශේෂ මහසභා රැස්වීම්
වැඩිදුර කියවන්න40 වැනි වාර්ෂික මහා සභා රැස්වීම
වැඩිදුර කියවන්නGenie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.